ඉදි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ආසන 120කට ආසන්න ප්‍රමණයක් ගෙන ජයග්‍රහණය කරනු ඇති බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජනපතිවරණයේ දී ගත් ඡන්ද ප්‍රමාණයවත් ගැනීමට නොහැකි වන බවත්, ජනතා විමුක්ති පෙරමුණ යම් පිබිදීමක් ලබන බවත් ජ්‍යෝතිර්වේදී කේ ඒ යූ සරත්චන්‍ද්‍ර මහතා කියයි.
පසුගිය ජනපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය වන බවත්, මෛත්‍රීපාල සිරිසේන ජනපති ජයග්‍රහණය කරන බවත් කී ජ්‍යෝතිර්වේදීන්ගෙන් ඔහු ද කෙනකි. ජනපතිවරණයට සතියකට පමණ පෙර පිටකොට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති මාධ්‍ය හමුවක දී ද ඔහු ඒ බව කීවේය. වයඹ පළාත් සභා මැතිවරණයේ දී දයාසිරි ජයසේකර මහතා මනාප ලක්ෂ තුනකට වඩා ගෙන මහ ඇමැති වන බව ද ඔහු කීවේය.
මෙවර ඔහු කියනුයේ අගෝස්තු 18 වැනිදායින් පසු පත් වන ආණ්ඩුවේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වන බවයි.
මීට මාස තුනකට පෙර ඡන්දය පැවැත්වී නම් සන්ධානයට වාසි සහගත තත්ත්වයක් තිබූ බවත්, ඉදිරියේ දී රාජපක්ෂ මහතාට නරක කාලයක් උදා වන බවත්, කිසිලෙසකින්වත් ඔහුට අගමැති විය නොහැකි බවත්, ඔහු අගමැති අපේක්ෂකත්වය දරණ පක්ෂය ඒ නිසා පරාජය වන බවත් සරත්චන්ද්‍ර මහතා පවසයි. ඡන්දෙන් පසු හිටපු ජනපතිට නඩු හබවලට මුහුණ දීමට ද සිදුවනු ඇති බවත් ඔහු අනාවැකි පළ කරයි.
(විශේෂ - ඉදිරි මහ මැතිවරණයෙන් සන්ධානය ජයග්‍රහණය කරන බව හෝ මහින්ද රාජපක්ෂ මහතා අගමැති වන බව කියන ජෝතිර්වේදීන් හට ද එසැණ අවස්ථාව දීමට සුදානමින් සිටී. එවැනි ජෝතිර්වේදියකු සිටී නම්[email protected] විද්‍යුත් ලිපිනයට තම ලිපි එවිය හැකිය. )
සරත්චන්ද්‍ර මහතාගේ සම්පූර්ණ අදහස පහත වීඩියෝවෙන්...
(වීඩියෝ පුෂ්පකුමාර ජයරත්න)
.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර මහින්ද මහත්තය ගෙදර තමා කියන්න තියෙන්නේ අනේ පව් කියල (අ)
මේවා විශ්වාස කරන්න එපා.. වෙන දේ වෙයි,,(හේ)
ඔබ තුමා කිව්වුත් නොකීවත් අපේ ගමේ මිනිස්සු සේරම කියන්නේ අලියා දිනන බවයි. මහින්ද මහත්තයා ලොකු අවුලකට පැටලුනේ විමල් නිසයි.(නදී)
ලංකාව අන්ද විස්වාසයෙන් අදහන රටක්.නුගත්කම මෙයට හේතුවයි (ම)
මේ කට්ටිය යවන්න ඕනේ හඳට. මෙයාලගේ තියෙන දැනුමත් එක්ක මෙයාල මහා පොලවේ ඉන්න ඕන අය නෙමෙයි. මෙහෙම් කියන්න පුළුවන් නම්. (නදී)
අපේ මිනිස්සු මොන තරම් මෝඩද? මොන තරම් නොපෙනෙන දේවල් ගැන විස්වාස කරනවද? ඉතින් මේ හොර දේශ පාලුවෝ තමයි මේවගෙන් උපරිම ප්‍රයෝජන ගන්නේ. (නදී)
මිත්‍යාව විකිණීමට අවස්ථාවක් නොදෙන්න (නදී)
පසුගිය මැතිවරණයට පෙර සරත්චන්ද්‍ර මහතා අනාවැකියක් ශ්‍රී නාලිකාවේ පලකලා, දේශපාලනයේ වෙනසක් වෙන බවට. එය සිද්ද උනා. මේපාරත් ඔහුගේ අනාවැකිය බලමු. ඔහුගේ අනාවැකිය හරි යන්නම ඕනා (නදී)
පුළුවන්නන් සමීක්ෂණ වාර්තා ටිකක් දන්නා. දිනන්නේ කව්ද කියලා (නදී)
සාගර ඔයලානේ මේවා විශ්වාස කලේ. දැන් හත්පොලේ ගාගෙන අපිට කියනවා විස්වාස කරන්න එපාලු. ඔයාගේ ලජ්ජා නහර කපලද ? (නදී)
යු.එන්.පී දිනන එක ගැන කියන්න මේගොල්ලන් අවශ්‍ය නැහැ. ලංකාවේ දේශපාලනය ගැන දන්නා ඕනෑම කෙනෙකුට කියන්න පුලවන්. (නදී)
අනාවැකි නොකියන කෙනෙක් නැහැ. (නදී)
ස්තුතියි ප්‍රනාන්දු (නදී)
ස්තුතියි දුම්න්ද (නදී)
මෙදා අලියට වාසි බව ඇත්ත, මම දන්නා ජෝතිෂ්‍ය දන්නා මහතෙක් කිව්වා මෙදා හම්බන්තොටත් පරාදයි කියා. 18 දාත් බලමු. අනුර කුමාර සහෝදරයාගේ කේන්දරේ රාජ යෝගයක් පිහිටලා තියෙනවා කියන්නේ ඇත්තද. (නදී)
දිනන්නේ කව්ද කියල ඡන්දෙ දවසේ බලාගමු. දිනන්නේ මහින්ද බව පොඩි කෙනෙකුට වුනත් තේරෙනවා.(නදී)
ඕක කියන්න ජෝතිෂ්‍ය ඕනද? පොඩි ලමයකුටත් මේ පාර කියන්න පුළුවන් දිනන්නේ යූඇන්පී කියල (බ)
කියක් දුන්නද ඔහොම කියන්න කියල? අපේ මහින්ද අපට වටිනවා ජෝතිෂ්‍ය කාරයෝ කොහොම කිව්වත්...තේරුනාද (බ)
එක්සත් ජාතික පක්ෂය දිනනවා. නමුත් අගමැති වෙන්නේ කවුද? (බ)
මහින්දට කඩේ යන ඇතැම් ඊිනියා බෞද්ධයින් බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩිය වාර ගණනවත් නොදන්නා බවයි හැඟෙන්නේ. (නදී)
මේවා බොරු කතා.. මහින්ද මහත්තයා ඉන්න පක්ෂය ජය ගන්නවා(නදී)
කෙහෙම්මල් ජෝතිශ්‍යය පැනලා කියවන්නේ නැතුව ඉන්න බලන්න (බ)
සැබෑවෙන සිහින (බ)
ඔබතුමා නිර්භීතව ඉදිරිපත්කළ අනාවැකිය 100%ක්ම හරි බව දැනෙනවා (නි)
තමන් එක්සත් ජාතික පක්ෂයේ තරුණ සංවිධානයේ ( ග්‍රීන් බ්ල්ඩ් ) සම සභාපති ලෙස තනතුර දරමින් ඔහුට රනිල් පරදින බව කිව හැකිද?එය කිසිසේත්ම කල නොහැක.(නදී)
බොරු පොරොන්දු දුන්නොත් පරදිනවා (නදී)
බොරු වලට රැවටෙන්න එපා (නදී)
බලමුකෝ මොකද වෙන්නේ කියලා.(හේ)
ගයාන් මහින්ද මන්ත්‍රී කෙනෙක් වෙන එකද දිනනවා කියන්නේ. එ්කත් දැන් අමාරු තත්වයක් කුරුණෑගල තියෙන්නේ. අපරාදේ මහින්දට හම්බන්තොටින් ඉල්ලන්න තිබුනේ. (නදී)
සුමනදාසගෙන් අහන්න (නදී)
මෙම අනාවැකි හුදෙක් මානව ප්‍රවණතා මත පදනම් වී ඇත. අනුර කුමාර හා චම්පික රණවක මහතුන්ගේ මහින්ද විරෝදී දායකත්වය දැවැන්ත පාඩුවක්. . මෙය සැබවින්ම මහින්ද ගේ පරාජයට ප්‍රදාන සාධකයක් වේ. (නදී)
දැන් උන්දැලත් ඩොලර් වලට කරන්න පටන් අරන් (නදී)
අපේ ගම්වල තියෙන තත්වය අනුවනම් යුඑන්පි එක ඉහළින්ම දිනනවා. සන්ධානයට අනුපාත ක්‍රමයේ සරණ තමයි.(ම)
මෙතුමා නේද කොළ බලකායේ සාමාජිකයෙක් වෙලා ඉන්නේ? (නදී)
බලමුකෝ 18 වැනිදාට මොකක්ද වෙන්නේ කියලා.(හේ)
ඇත්ත තිත්තයි.ඒත් ඇත්තයි.තාමත් දුක ඇති අනේ පව් (ම)
ගමේ මිනිස්සු මේ සැරේ සන්ධානයට දෙන්නෑ (ම)
අාසන 45 ක් අරන් ගැට ගහගෙන ඉන්න එජාපෙට එකපාරටම අාසන 120ක් ගන්න එක මේ කපේ වෙන්නේ නැහැ. දැනටමත් මිනිස්සුන්ට මේ යහපලානේ කියල කරන බොරුව හොඳටම තේරිලා ඉන්නේ. ඉතින් කොහොමද 45 120 ට නගින්නේ. මිනිස්සු වැඩියක් බලන් ඉන්නේ මේ යහපාලනේ පන්නල දාන්න. මහින්ද වැරදි වුණා තමයි, ඒත අපිට රටක් තියෙනවා. (බ)
කරුණාකරලා කියන්න පුලුවන්ද ඔබතුමාට ඊළඟට රටට වෙන දේ මොකද්ද කියලා. රට විකුණන් කාවිද නැත්තන් රට බෙරේවිද? (නදී)
ජ්‍යෝතිෂය කියන්නේ බොරුවක්...ඔනෑම ජගතෙක් සමග තර්ක කරන්න මම සුදානම් ..ඔබට මතක ඇති සරත්චන්‍ද්‍ර මා සසමග කල තර්කයෙන් ඔබ විනාඩි 10ක් යන්නට කලින් පැරදුනු හැටි. (නදී)
සුමනදාස කීදේ අමතක වීම පුදුමයක්ද -යුද්දේ අමතක උදවියට (නදී)
අවිශ්ක කියන්න බලන්න බුදුනු දෙවරක් වැඩිය එකයි මහින්ද දිනන එකෙයි තියන සම්බන්ධය මොකක්ද කියා (නදී)
ඇත්ත. මේ පාර මිනිස්සු සන්ධානෙට දෙන්නේ නෑ මහින්ද අාව නිසා. පැරදිලා අයෙත් එන්න හදන්නේ බල තණ්හාව නිසාම තමයි. (හේ)
1994 ඉදන්ම ලන්කාවෙ පිරිසිදු මැතිවරනයක් පැවැත්වුනේ නැහැ. අවසානයට පවත්පවපු 2010 ඡන්ද්ය අන්ත දුශිතයි. එජාපයේ සිටි මන්ත්‍රීවරු රැසක් රාජපක්ෂ සල්ලි වලට ගත්තා. 45 උනේ එහෙමයි. අනික දැන් බොරුව රජකරන්නෙ නැහැ. නියමම ජනතා මතය මෙවර බලාගන්න පුලුවන්. අද ජනතාව කවදාවත් නැතුව එජාපය වටා රැස්වෙනවා. දවසින් දවස එම තත්වය අනුව එජාපයට විශිස්ට ජයක් ලැබෙනවා. ගම් පිටින් සන්දාන පාක්ෂිකයෝ එජාපයට එක්වෙනවා.(නදී)
මේ සැරේ අලියා තමයි....ඒක වලක්වන්න බෑ...එයාලටත් අපි අවස්ථාවක් දීල බලමු (බ)
බොරුවට වැඩි ආයුෂ නැහැ දින 100 බොරු 100 ඉවර වුණා (බ)
මේවා බොරු... මේ රට එච්චර අවාසනාවන්ත නැහැ.... බුදුන් දෙවරක් වැඩි රට... මහින්ද දිනනවා! (බ)
මේ කරන්නේ ජන මනසට විඥානයට විසබීජ ඇතුල් කිරීමක් මෙවැනි ප්‍රකාශ තහනම් කළ යුතුයි හේතුව අනියමින් මෙය කඩේ යාමක් දල වශයෙන් ජයක් ගැන අනාවැකි කිවත් ආසන ගනනින්ම හරියට කියන්න ජෝතිෂයට පුළුවන් වෙන්නේ කොහොමද 18 වෙනිදා ඔය 120 ට එකක් හරි අඩු උනොත් මෙතුමා සදහටම ජෝතිෂයෙන් ඈත් වෙනවද මේවගෙන් මිදෙන්නේ අපේ මිනිස්සු කවදාද (බ)
පිස්සුද මන්දා මේ මිනිස්සුන්ට. (අ)
කවුරු මොන හීන මැව්වත් අපේ ගම වල මිනිස්සුන් කළගුණ දන්නවා. ඔවුන් යුද්ධය දිනු මහින්දට ඡන්දෙ දෙනවා. යහ පාලනේ දින සීයට කළ දෙයක් නැහැනේ. රට කොටියට බිල්ලට දෙන්න ලැහැස්ති කළ එක විතරයි කළේ. (අ)
කීයක් දුන්නද මේ විධියට බොරු කියනවට. ප්‍රභාකරන් ඉන්න කාලේ එයා මැරෙන දවස එහෙම ඔයා කිව්වද? නිකන් බොරු කියල ජනමතය වෙනස් කරන්න කඩේ යන්න එපා. සෝලිස් එකට එන කට්ටිය කාගේ කවුද කියල අපි දන්නවා.(නදී)
මෙයාටත් අරයට වෙච්ච දේ වෙයිද දන්නේ නැහැ (නදී)
පහුගිය දවස් වල අපි පාඩමක් ඉගෙන ගත්තා සාස්තර කාරයෝ විශ්වාස නොකරන්න. ඕවා විශ්වාස කරන්නේ නැහැ. යු.එන්.පී කාරයෝ ටික හොඳටම බයවෙලා වගේ දැන් සාස්තර කාරයෝ දාලා ඡන්දෙ දිනන්න හදන්නේ. මේ රට එච්චර අවාසනාවන්ත නැහැ. බුදුන් දෙවරක් වැඩි රට. මහින්ද මහත්තයගේ ආණ්ඩුවක් තමයි එන්නේ ! (නදී)
ඕවා බොරු කතා මහින්ද දිනනවා. (නදී)
ඕක සිහි බුද්ධියක් තිබෙන සියලු දෙනාම දන්නා දෙයක් (නදී)
සමහරුන්ට බොහොම හිතට ආමාරු උනත් අපිට ඇත්ත මොකක්ද කියල කියන්න වෙනවා. මේ නොපිලිගන්න එක කමක් නැහැ. පිලිගන්න අය ඔන තරම් ඉන්නවා.(නදී)