ආසියා පැසිෆික් කලාපයේ ආරක්ෂාවට ඇමෙරිකා හමුදා කඳවුරක් ලංකාවේ ස්ථාපිත කිරීමට එක්සත් ජාතික පක්ෂය එකඟ වී ඇතැයි යන සැක මතු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ඇමැති සහ ලංකා සම සමාජ පක්ෂයේ නායක මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (29) විපක්ෂ නායක කාර්යාලයයේ පැවැති රැස්වීමක දී කීවේය.
දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති නිදා දකුණේ අන්තවාදයට ඉඩක් ලැබෙන බව ද ඔහු පැවසීය.
තිස්ස විතාරණ මහතාගේ කතාව පහත වීඩියෝවෙන්...
(වීඩියෝ සනත් ඩෙස්මන්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් මහත්තයෙක් හීනෙන් බයවෙලා ද කොහෙද. (නදී)
සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියවූ- පර්සි නැහැ ජොලිය නැහැ - කන්න නැහැ බොන්න නැහැ -පර්සිගේ වලිගයේ එල්ලියවූ(ම)
මෙච්චර කාලයක් රට පාලනය කලේ අමෙරිචාවේ පුරවැසි බව ලබපු අය නොවේද? (නදී)
පිස්සු විකාර!(නදී)
අපිටත් සැකයක් තියනවා මහින්දත් එක්ක නැගිටින අය චීන හමුදා කඳවුරක් ලංකාවේ ස්ථාපිත කිරීමට එකඟ වී ඇතැයි කියල. අනේ මහාචාර්ය තුමෝ! (නදී)
ඔය වගේ සැක මතුවෙන දේවල් කොච්චර නම් තිබෙනවද? දැන් පොදු පෙරමුණ අාවොත් ලංකාවේ චීන නාවික කඳවුරක් හරි ඉරාන සබ්මැරින් කඳවුරක් හරි පිහිටුවයි කියලත්, රාජපක්ෂල තව තවත් නයට සල්ලි අරගෙන ඒ වගෙන් පුතාලට රේස් පදින්න ලැම්බෝගිනි කාර් ගෙනෙයි කියලත් සැක පහළ වෙනවා. (නදී)
මහීපාල මහත්තයාගේ ජීප් එකේ එහෙම නිකමටවත් ගියාද ප්‍රොෆෙසර් ? (නදී)
ඔයා ඇමරිකාවෙන් ගෙන එන කිසිම දෙයක් පාවිච්චි කරන්න එපා (නදී)
බොරු කියන්න එපා මහාචාර්ය තුමා! (නදී)
පිස්සු තමයි ඉතින් (නදී)
දෙයක් කියන කොට තේරුමක් ඇති දෙයක් කිව යුතුයි. (නදී)
මේක ඇත්ත කතාවක් . 2002 ඇමෙරිකානු සමාගම් කීපයක් ලංකාවේ පුහුණු කඳවුරු පවත්වමින් ඒ කාලයේ ලක්ෂයකට අදික වැටුප් ලැබිය හැකි රැකියා ලක්ෂ 10 ක් ලංකාවේ ඇති කිරීමට සැලසුම් කළා. ආණ්ඩුව පෙරලීමත් එක්ක ඒ ව්‍යාපෘතිය කඩා වටුනා. ඉතින් මේ පුහුණු කඳවුරු ඇතිකරලා ලංකාවේ රැකියා ඇති කිරීමේ ඇති වැරද්දක් නැහැ නේද? ඇමෙරිකාවට බැරිනම් මොන රට උනත් මොකද මිනිස්සුන්ට සෙතක් වෙනවා නම්. අැමරිකාවෙදි රනිල්ට තියෙන්නේ මොන වගේ පිළිගැනීමක්ද කියල අපි දැකල තියෙනවා. ඔහුව බොහෝ දෙනෙක් සලකන්නේ දකුණු ආසියානු කලාපයේ මහත්මා දේශපාලනයේ නියෝජිතයා හැටියට. (නදී)
හොද දෙයක් (ම)
මේ ඇමෙරිකානු රැකියා පුහුණු කදවුරු ආරම්භ වෙලා රස්සාවල් අැතිඋනහම මොකද වෙන්නේ? අඩු ගානේ නිල් බලකාය වගේ සංගමයකට, අපේ රැස්වීම වලට සෙනඟ ගෙන්න ගන්නේ කොහොමද? ඒ හින්ද අපි මේ ඇමෙරිකානු රැකියා පුහුණු කඳවුරට විරුද්ධයි. (නදී)
ඔය කියන කඳවුර හදන්නේ ලංකාවේද හැබෑට? (නි)
ජනතාව බය කරන්න එපා. (නි)
වයසට කියන කතා (ම)
ඒක ඇත්ත (නි)
බැසිල් මහත්තයාගේ ගෝලයෝ ටික ලංකාවට ඒවි එහෙනම් කඳවරු හදන්න.(ම)
හද හදා හිටිය චීන කඳවුරට වඩා නම් හොද වෙයි නේද මහත්තයෝ?(ම)
එහෙම වෙන්නේ නෑ.(හේ)
මේ අය මිනිස්සු බය කරලා , බොරු යක්කු පෙන්නලා ඡන්දෙ ගන්නවා ඇරෙන්න වෙන විදියක් දැන් නේ වගේ.(හේ)
මට මහලු වයසේ බැරිය වෙන ගායනා පෙරසේ. ඉතින් ඔහේ කටට එන දෙයක් දෙසාබානවා.(ම)
බොරු ඇමැරිකානු බිය පෙන්නා අහිංසක ජනතාවගේ ඡන්දය ගන්න හදනවා.(හේ)
තිස්ස මහත්තයෝ බොරු ප්‍රචාර කරලා මහා ජනතාව නොමග යවන්න එපා. දැන් වයසයි නේද බොරු කියන්නේ නැතුව බණක් භාවනාවක් කරගෙන ගෙදරට වෙලා ඉන්න. (නදී)
චීන කදවුරකට වඩා හොඳ වෙයි (බ)
ඔබ තුමාටයි වාසුදේව මහත්තයටයි එකම මොලේ ලෙඩේ තියෙන්නේ. වාසු මහත්තයාගේ ලස්සන වීඩියෝ එකක් තියෙනවා යූටියුබ් එකේ. (බ)
එ්ක හොඳටම පැහැදිලි කරුණක්.....එජාපයටට ඕක ගානක් නෑ...(බ)
පිස්සු විකාර කියවනවා (බ)
අපි කැමතියි ඇමෙරිකාවට ,අපි ඇමෙරිකාව සමඟ නැගිටිමු !(ම)
ලංකාවට හෙණ ගහලා ගියත් කමක් නෑ මෙයාලට ඕන යූඇන්පී එක ටිකක් රට ගැන හිතන්න (බ)
මැතිතුමනි, පහුගිය අවුරුදු 20 තුළ ඔබ ජාතික ලැයිස්තුවෙන් පත් වී කළ එක වැඩක් පෙන්වනවද? (නි)
යුගයට නොගැළපෙන විශ්‍රාමික දේශපාලන ඔළුගෙඩි ටික ශ්‍රී ලංකා දේශපාලනයෙන් ඉවත් වෙනතුරු රටට අනාගතයක් නැත.දුප්පත් පවුලක් දිනකට ගත් අහාර වේල දිනෙන් දින හීන වෙමින් කල්පයක විදේශ ණය කන්දරාවකට රට ගෙන ගියේ මෙවැනි මහා දේශපාලන පඬිවරුන්ට පිං සිදුවෙන්නටය. (බ)
ඇත්ත තිත්තයිනේ.(හේ)
අනේ මන්දා මේවා! (නි)
මේ ගොල්ලෝ හැමදාම ඡන්ද වලදී මොකක්හරි කියනවා. (නි)
ඉතින් හොඳයිනේ. අපේ මිනිස්සුන්ට මින් ඉදිරියට ග්‍රීන් කාඩ් අයදුම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නිකන්ම ඇමෙරිකන් ඩුවල් සිටිසන්. පර්සිගේ මල්ලිලට පුලුවන්නම් ඇමෙරිකන් ඩුවල් සිටිසන් වෙන්න අපිට මොකද බැරි? (නදී)
මේ කතාව1952 සිට සෑම මැතිවරණයකදීම එ ජා ප යට විරුද්ධව කියපු කතාවක්. ජනතාව හරක් කියල මේ අය තාමත් හිතාගෙන ඉන්නවා. (නදී)
මම නම් ඒකට කැමතියි (නි)
ලංකාව චිනේ කඳවුරක් වෙද්දී, ඉන්දියාවේ ප්‍රාන්තයක් වෙද්දී කොහෙද මේ උන්නැහේ වැඩ හිටියේ. (නදී)
ඇමෙරිකාව අපිට හොදයි, ඔබාමා වඩාත් හොදයි!.(ම)
ඕක කොන්ඩේ බැඳපු චීන්නුන්ට කිටන්න (නදී)
ඇමෙරිකාවට ලංකාවේ කඳවුරක් කොහෙත්ම අවශ්‍ය නැහැ. දැනටමත් ඇමෙරිකානු යුද කඳවුරක් දිඑගෝ ග්රසියා දුපතේ තියෙනවා. මේ වගේ බොරු කියා ලංකාව තවදුරත් අාගාදයට යවන්න එපා.(නදී)
ගාලු මුවදොර චීනයට දීල මුළු සාර්ක් කලාපයම අනතුරට දමන්ට හැදුවේ රනිල්ද, මෛත්‍රීද නැතිනම් මහින්දද? මහින්ද ජේ අාර් ටත් වැඩිය අැමෙරිකන් ගැත්තෙක් නෙවෙයිද ? (බ)
ඇමරිකාව ජන 08 වැනිදා දේදුනු විප්ලවයට දායක වුනේ පින් තකා සද්භාවයෙන් විය යුතුය (බ)
චීන හිගන්නොත් ලංකාවේ ඒවාට කතා නෑනේ (බ)
අන්.ඇම්.පෙරේරා වැනි ශ්‍රීමතාණන් විසින් වාමාංශික ව්‍යාපාරය තුළ මහජනයාගේ හදවත් තුල තබා ඇති නම ඔබ වැන්නන් විනාශ කිරීම ගැන මගේ කණගාටුව. (බ)
දේශපාලුවනේ, බොරු වපුරා මිනිසුන්ගේ සිත් විෂ නොකර, හෙට මැරෙන මිනිස්සු යැයි සිතාගෙන වැඩ කරමු (නි)
ඉතින් හොඳයිනේ. රටේ ආරක්ෂාවට හොඳ පියවරක්... (නි)
ඇමරිකන් කඳවුරක් එනවට මම නම් කැමතියි. ඒක රටේ ආරක්ෂාවටත් හොඳයි. (නි)
අනේ මගේ කට! (නි)
පැරණි අදහස් තිබෙන අය රටක දියුණුව වළක්වන්න හදනවා. චීනයේ ඇමරිකානු ආයෝජන කොයිතරම් තියනවාද (නි)
පාර්ලිමේන්තු මැති ඇමතිවරු කියන්නෙත් රජයේ සේවකයෝ නම්, ඔවුන් වත් අනිවාර්යෙන්ම අවුරුදු 60න් විශ්‍රාම යැවිය යුතුය. තරුණ ජවයෙන් සහ මනා බුද්ධියෙන් යුත් රට ගැන හැගීමක් ඇති පුද්ගලයන්ව පාර්ලිමේන්තුවට යැවීම ජනතාවගේ වගකීමය. (නදී)
අපිට බඩු විකුණලා අපේ සල්ලි අරන් යන චිනට හම්බන්තොට නාවික කඳවුරක් හදන්න දෙනවට වඩා, අපේ බඩු අරගෙන අපිට සල්ලි ගෙවන ඇමෙරිකාවට කඳවුරක් ගහන්න දෙන එක හොඳ නැතිද? (නදී)
විදායක ජනපති දුරය අහෝසි කරන්න කියල කෑ ගහල අන්තිමට 18 සන්සෝදනෙන් සදාතනික විදායක ක්‍රමයක් ඇතිකළා. (නදී)
බොරුවට බිය ඇති කරලා ජනතාව රවටලා චන්දය ගන්ඩ හදන්නේ 17 න් පසුව බනක් භාවනාවක් කරගෙන ඉන්නට අපි කටයුතු සලසලා දෙන්නම්(නදී)
ඔයා පදේම ඒ කාලේ හිටිය අයත් කීවා. එ්ත් අද වෙනකම්ම උනේ නෑ (නදී)
මේ අය තමයි මේ රට පාවා දෙන්නේ (නදී)
ඉතිං හොදයි නේ ඉස්සර කාලේත් තිබ්බලුනේ (නදී)
මේ වගේ කල් ඉකුත් වුන දේශපාලන කුනු කූඩේට විසිවෙච්ච අය කියන බොල් කතා කවුද ගණන් ගන්නේ? (නදී)
ලංකාවේ ඇමරිකන් කඳවුරක් තිබෙනෙක කොච්චර හොඳ වැඩක් ද ? (ම)
ඇත්තටම එහෙම වෙයිද? (නි)
අනේ ඇත්තට හිතෙන දේවල්? හීනයක්වත් දැක්කද? (නි)
දැන් අපි මේවා පිළිගමුද එහෙනම්? (නි)
බටහිර රටවලට පින් සිදු වෙන්න මෙයාලට මොනවා හරි දෙයක් කියන්න තියනවා වෙන මොනවත්ම කියන්න නෑ වගේ මේ බිල්ලන්ට ජනතාව දැන් බය නැහැ (නදී)
සාදුකින් පෙළෙනවුන් දැන් ඉතින් නැගිටියවූ- පර්සි නැහැ ජොලිය නැහැ - කන්න නැහැ බොන්න නැහැ (බ)
අපි නම් බය නැත. ඕක ඇමරිකාව සමග දකින සිහිනයක් පමණි (බ)
එතකොට අර චීන කෑම්ප් එක? (නි)
අනේ මේ, අපිව ගොනාට අන්දවන්න හදන්න එපා (නි)