(අංජුල මහික වීරරත්න)
එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කොට වෙනත් පක්ෂවලට සහාය දැක්වීමේ කාරණය මත පක්ෂයෙන් ඉවත් කරන ලද මන්ත්‍රීවරුන් වෙනුවට නව මන්ත්‍රීවරුන් පත් කිරීමේ කටයුතු මෙම සතියේම කඩිනමින් නිම කිරීමට පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කටයුතු යොදා තිබේ.
පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 1137 දෙනකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසිවීම හේතුවෙන් ඔවුන්ගේ මන්ත්‍රීධූර අහෝසි වන බැවින් වෙනත් පිරිසක් පත් කර යැවීමට පක්ෂය සැලසුම් කර ඇත. පළාත් පාලන ආයතනවල සභාපතිවරු, නගරාධිපතිවරු ද මේ පිරිස අතර සිටින බැවින් පක්ෂය තෝරාගත් පුද්ගලයන් ඒ වෙනුවෙන් පත් කිරීමට නියමිතය.
ඊට අදාලව කඩිනමින් සම්මුඛ පරික්ෂණ පවත්වා සුදුසු පුද්ගලයන් තෝරාගෙන පුරප්පාඩු වූ තරනතුරු වෙනුවෙන් පත් කිරීමට ද පක්ෂය තීරණය කර තිබෙි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදියට වෙන පක්ෂ වලින් ආණ්ඩුවට සහයෝගය දීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවට අලුත් අය පත්කරන එක හොඳයි.
කඩිනම් කිරිම ඉතා හොදයි... පක්ෂ නායකත්වය ආරක්ෂා කරන පක්ෂ ප්‍රතිපත්ති අරක්ෂා කරන පුද්ගලයින් පත් කිරිම යෝග්‍ය වේ.. ලකුණු දාගන්න දඟලන සුදු ඇදගෙන අනුන්ගේ වැඩ වලට හොට දාලා පොර වේලා ප්ර්රභූ වෙන අය දාන්නඑපා.. නැත්තම් අපිට unp පක්ෂිකයින්ට අසාධාරණයක් වෙනවා.. හැම දාමවගේ.... මම සෙංකඩගල ආසනයේ ගගවට කෝරළයේ මහකන්ද කොට්ඨාස සංවිදායක .... වාසනාඅ
UNP කියලා පක්ෂයක් නෑ. ඩී.එස්. බිහිකළා.. රනිල් නැතිකළා. අලුතින් මන්ත්‍රීවරු ඕනෙනම් තොණ්ඩු දාලා තමයි අල්ලන්න වෙන්නේ..!
දැනට තිබෙන 2% කට අඩු ප්රතිෂයක් සහිත ඡන්ද ටික බෙදා ගන්න දහස් ගාණක් අපේක්ෂකයෝ අවශ්‍යද?
අද එජාපය කියලා පක්ෂයක් ලංකාවේ තියෙනවද? රනිල් පොළවටම සමතලා කරලා වලපල්ලට යවලා තියෙන්නේ... හිකනැල්ලෝ නම් ටිකක් ඉන්නවා නායකයා වටේ වහගෙන.... මහා කුළුණක් වගේ ලංකාවේ තිබුණු විශාලම පක්ෂයකට කරපු විනාසෙට ඔය පින් ගොන්නු ටිකට සාප වෙන්න ඕනෑ.