ලංකාව ලෝකයට එකතු කර ලෝක වෙළඳපොළ ජයග්‍රහණ කර ලොව දිනිය යුතු වුවත් අප රටේ වෙළඳපොළ තරගකාරීත්වය පහළ යෑම නිසා එය දිනෙන් දින ගිලිහෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ආර්ථිකය ඩිජිටල් කර තාක්ෂණයේ සම්පූර්ණ ඵල නෙලිය යුතු බවත් රාජපක්ෂලා පසුගිය අවුරුදු 10 බිඳ දැමූ ආර්ථිකයට නැවත පණදෙන බවත් ඒ සඳහා වන ප්‍රතිපත්ති ප්‍රකාශනය හෙට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කරන බවත් ඒ මහතා කීවේය.
අද කොළඹ පැවති අගමැති මැතිවරණ ප්‍රචාරක කාර්යාලයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් හර්ෂ ද සිල්වා මහතා එසේ පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොව දිනන්න පුලුවන් නම් අපිත් ඡන්දෙ දෙනවා (නි)
එජාපයට ජයවේවා! (නි)
බටලන්දේ කඩේ ගියොත් මොනවද වෙන්නේ රතු අලියන්ගෙන් අහන්න (ම)
මහින්ද මහත්තය කියනවනම් යුද්දය දිනන්න එතුමා තමයි හමුදාව මෙහෙයවනු ලැබුවේ කියා.. රතුපස්වලදී මිනිස්සු මරන්නත් එතුමා වෙන්න ඕන නේද හමුදාව මෙහෙයවනු ලැබුවේ..(බ)
බහුතරයක් දෙනාට කියන්න තියෙන්නේ.. බුදුහාමුදුරුවෝ කියල තියෙන බුද්ධියෙන් විචාරා තීරණ ගන්න කියල තමයි..(බ)
කටින් බතලකොල හිටවනවා (ම)
සමහරු මාස 6 මොනවද කරේ අහනවා.. මහින්ද මහත්තය මොනවද කරේ කියල කියන්නකෝ යුද්දය දිනුව එක හැර රටේ දියුණුවට? (ම)
ලොව දිනන්න කලින්ආසනේ දිනවන්නකෝ (ම)
රනිල් මහත්තයෝ අපට අමතක නැත 88/89 තරුණ තරුණියන් 60000 ට කරපු දේ. (ස)
ලොව දිනන්න කලින් රට දිනලා ඉමු නේද? (නි)
මෙයාලා ලංකාව ඇරෙන්න අනිත් ලොව තම දිනවන්නේ (ම)
මොනවද මෙයාලා මාස 6 කළේ? මොනවද අවුරුදු 2 ක් කළේ? රැවටෙන්න එපා.අලි දෙන්නම් කොටි දෙන්නම් කියල තමයි එන්නේ. (නි)
උසට උසේ කුළුණු හැදුවට මේ රට දියුණු වෙන්න නෑ කියල මතකෙට ගන්න කව්රු කව්රුත්?මොකද අයිෆල් කුලුන බලන්න මිනිස්සු යනවා.. ඒ අයිෆල් කුලුන බලන්න යන පුද්ගලයන් ලංකාවේ නෙලුම් කුලුන බලන්න ඒවිද? මම මේ දේ කිව්වම සමහරු කියයි ලංකාවේ මිනිස්සුට බලන්න පුළුවන්නේ කියලා.. මම අහන්න එහෙම අහන්න හිතාගෙන ඉන්න අයගෙන්.. මේ රටේ එක වේලක් කාලා ඉන්න මිනිස්සුන්ගේ බඩගින්නට වැඩිය කුලුන හොදයිද කියලයි.. (බ)
ඔලුව තිබ්බට මොලේ නෑ. කරපු හරිය මදැයි. දැනට බිලියන 89ක් පාඩුයි මාස තුනට විතරක්. (බ)
යුද්දේ දින්න කියා කියා පම්පෝරි ගහනවා. ඉන් පස්සේ මොනවද කළේ. අපිට ජීවත් වෙන්න අමාරුවුන දවසින් දවස. යුද්ද කාලේවත් එහෙම අමාරු වුනේ නැහැ. හර්ෂ මහත්තය ලෝකේ දිනමු කියන්නේ ආර්ථිකයෙන් අපි ලොවම අල්ලමු කියන එකය්. අපේ නිෂ්පාදන ලෝකයටම අලෙවි කරමු කියන එකය්. මේක අපි හරියට තේරුම් ගන්න ඕනේ. රාජපක්ෂලා යුද්දේ නිමා කර එක ඇත්ත. ඒවාට අපි කලගුන සැලකුවා. (බ)
ලොවම දිනා ඇත -රට පැරදී ඇත. (ස)
සංකා මහත්තය බය නැතුව ඉන්න. අපි බුදුන් වහන්සේ වදාළ විදියටම අවශ්‍ය තීරණය වෙලාවට ගන්නම්. ඕනනම් ඔයා එතකම් ඔය කට්ටඩියෙක් අල්ලාගෙන නුලක් දම්මව ගන්න මහින්ද භීතිකාවට. (ර)
අලින්ට කඩේයන මහත්වරුනට මහින්දගේ වටිනාකම දැනෙන්නේ නැහැ . මහින්ද අද ලෝකයේ සිටින ශ්‍රේ්ෂ්ඨ නායකයෙක් ලෙසට ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් මෙන්ම මැදපෙරදිග නායකයින් පිලිගන්නවා. ඔවුන්ගේ නිර්දේශවලට ඇහුන්කන් නොදෙන ,ඔවුන්ට බිය නොවන,ඍජු පාලකයෙක් බව ඔවුන් දන්නවා. එකයි මෙතරම්ම මහින්ද විරෝධී රැල්ලක් ලෝකය පුරාවටම මතුවෙලා තියෙන්නේ .අද ඉන්දියාව බයයි මහින්ද බලයට අවොත් චීනය සමග ගනුදෙනු කර ඉන්දියාවේ ආරක්ෂවට තර්ජනය කරයි කියලා . එමෙන්ම ඉන්දියාවේ නිපදවන ටාටා , බජාජ් ලේලන්ඩ් වැනි වාහනවලට තියෙන ශ්‍රී ලාංකික වෙළදපොල නැතිවෙයි කියලා .අද අපේ මිනිස්සු මොකෙක් හරි බොරුවක් කිවොත් රැවටෙනවා .බත් පිගානට, රුපියල් 1000 ට ජාතිය පාවලා දෙනවා. මහින්ද නිසයි මේ ලංකාව ඉතුරුවෙලා තියෙන්න . ඒක නිසා ඔයාල වැදගත් මිනිසකුට ගරු කරන්න ඉගෙන ගන්න . තමාන්ගේ මනුස්සයගේ වටිනාකම ගුණමකුවන්ට තේරෙන්නේ නැහැ . එ්කයි මේ සේරටම මුල. (බ)
ලෝකේ ජය ගැනීම කෙසේ වෙතත් රට හැම පැත්තකින්ම විනාශ කරන නිවටයෝ රැලක්. (බ)
නිසාර් අම්මෝ අපිනම් මහින්දට කඩේ යන්නේ නෑ ආයෙමත් දැක්කා නේද එයාගේ ළඟ ඉන්න මිනිස්සුන්ට කරපු දේ (බ)
පළමුව රට දිනන්න බැරුව බලෙන් ඇමති කම් අරගෙන දැන් ලෝකය දිනන්න කතව .රැවටෙන්න එපා ජනයිනි .(ම)
මෙතුමා කියන විනිවිද බාවය නෑ.. අපි අවංකවම රට ගැන හිතිවනම් අද අපි ලොව දිනලා... (ර)
ආර්ථිකය ගොඩනඟන්න පුළුවන් නම් අන්න එතනයි රටක දියුණුවේ මුල! (නි)
ලොව දිනුවට කමක් නැහැ. හැබැයි රට නම් දියකර හරින්න එපා (නි)
පහුගිය දේවල් ගැන කිය කියා ඉන්න එපා. මොකද ජනතාව ඒවා දන්නවනේ. දැන් ඉදිරියට කරන්න යන දේවල් ගැන ජනතාවට කියන්න. (නි)
ඔයාල හැමදාම දිනෙව්වේ ලෝකය තමයි. වෙලාව තිබුනොත් හිතට දැනුනොත් රටත් දිනවන්න බලන්න (නි)
නිලාන් මහත්තයෝ උතුරු කොරියවෙත් එහෙම කාටවත් නැවෙන්න නැති, කව්රුත් කියන දේ අහන්න නැති නායකයෝ ඉන්නවා එහේ මිනිස්සු කන්න නැතුව මැරෙනවා කියල දන්නවත් ඇති නේද?ඔබතුමා කටාර් ගියේ ලංකාවේ ජොබ් එකක් කරලා ජීවත් වෙන්න බැරි කමටද නෙත්නම් සැප විදින්නද?ගුණමකුවෝ නෙවයි කියලා ඔබතුමාලා මහින්ද මහත්තය කවදාහරි මරුනමත් එතුමාගේ මිනියටත් ජනාධිපතිකම හරි අගමැතිකමහරි දෙනවද?? සරත් ෆොන්සේකාව හිරේ දැම්මේ එතුමාව අතුගාන තැනට දැම්මේ එතුමාගේ මනුස්ස ගතිගුණ නිසාද? (බ)
අපේ රටේ වෙළඳ පොළ පහල දැම්මේ ඔබතුමන්ලාමය .විය යුත්තේ දේශීය නිෂ්පාදනය දියුණු කර ලෝක වෙළඳ පොළට විකිණීමය .ඔබ තුමන්ලා බලයේ සිටිය සෑම අවදියකම දේශීය නිෂ්පාදන අවම කොට විදේශීය නිෂ්පාදන අපට හඳුන්වා දුන්නා පමණක් නොව අප සතු සම්පත් විදේශයට විකුණා දැම්මේය. (ස)