ජනපති සමග ඒකාබද්ධව වැඩ කළ හැකි අගමැති කෙනෙක් පත් කළ යුතු නම් අනිවාර්යයෙන්ම එජාපය අගෝස්තු 17 වැනිදා බහුතර බලයක් පවතින ආණ්ඩුවක් බවට පත් කළ යුතු බව ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.
‘මැතිවරණයට හරිහැටි මුහුණදීමටවත් වැඩපිළිවෙළක් සකස් කරන්නට බැරි තරම් අර්බුදකාරී තත්ත්වයකට සන්ධානය වැටී ඇතැයිද මහින්ද චින්තනය නැවත බලයට ගෙන ඒමට උත්සාහ දැරුවද එය කළ නොහැකි බව පැහැදිලිව පෙනෙන්ට ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා ජවිපෙ හා එජාපය බේද භින්න කිරීමට උත්සාහ කළත් අද එය ශ්‍රීලනිපයටම පාරා වළල්ලක් වී ඇති බවත් එහිදී කරුණාතිලක මහතා කීවේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයා කොහොමද එහෙම කියන්නේ? (නි)
මහා බැංකු හොරකම ගෙන හරියට කරුණු නොදැන බොරු චෝදනාවක් කළාට මට සමාවෙන්න. (නි)
අපි හොරු පන්නනවා නම් පළමුව පැන්නිය යුත්තේ කම්බා හොරු මිස සිල්ලර හොරු නොවේ (නි)
ජනවාරි 8 දා කළ වෙනස රැකගන්න මගේ මනාපය මේ සැරේ එජාපයට (නි)
පසුගිය අවුරුදු 10 තරම් මහජනතාවගේ මුදල් හොරාකෑ දේශපාලුවෝ හිටපු යුගයක් ඉතිහාසයේ දැක නැත. මොවුන් පන්නා දැමීමට කාලය පැමිණ ඇත (නි)
ඡන්දෙන් පස්සෙ රෙදි ගැලවෙනවා (නදී)
මහින්දට කඩේ යන රිලව්න්ට තාමත් පෙන්නේ මහබැංකු බැඳුම් කරය තමයි (අ)
ඔය කොයි කව්රු දැගලුවත් මේ පාර,මහේන්ද්‍ර පර්සිගේ රගපෑම ඉවරයි සදහටම. (ස)
සිරිවිකුම් ඔයාගේ නිහතමානි කම මම අගය කරනවා. තමුන් කරපු වැරැද්ද ඉක්මනින් නිවැරදි කරගත්තා. රනිල් කියන්නේ පිරිසිදු නායකයෙක් බව මුළු ලෝකෙම දන්නවා. (ස)
රටේ ජනපති හැටියට හිටපු මහින්ද මහත්තය එයා ගාව තියාගත්තු එක එක්කෙනාගේ ෆයිල් ගැන කිව්වා. එතකොට එතුමා එයාගේ ඇමතිවරුන්ට හොරකම්, වංචා දුෂණ හා අනෙකුත් වැරදි වලට ඉඩ දීල තියෙන්නේ කුමන හේතුවක් මතද? අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා වුනේ අගමැතිතුමා නොවේ එතුමා.අගමැතිතුමා මෙහෙයවෙවේ එතුමා. ඇමති මණ්ඩලය මෙහෙයවෙව්වෙත් එතුමා.රජයේ ආයතන , නගර සභා , ප්‍රාදේශීය සභා ඔක්කොම වැඩ කලේ එතුමගෙනුයි නාමල් මහත්තයගෙයි ඔනෑ එපාකම් වලට. පාර්ලිමේන්තුව මෙහෙයවෙව්වේ එතුමා.එහෙමනම් මේ හැම එකකම අවසාන වගකීම එන්නේ එතුමාට නොවේද? ඒ හැම දෙයකින්ම නිවැරදිකරු කියල කියාගෙන නැවත බලයට ඇවිත් ජනතාව ඉදිරියේ පෙනිසිටින්න තරම් හිත හයිය වුනේ කොහොමද?ඇත්තටම ගයන්ත මහත්තයගේ ප්‍රකාශය හරි. රාජපක්ෂවරු හැමදාම බලයේ ඉන්න හිතන් වැඩ කලේ. රුපවාහිනි නාලිකා ඔක්කොම එයාල මෙහෙයවෙව්වේ.අනික් පක්ෂ ඔක්කොම මර්ධනය කලා. දැන් ඒ සියල්ල පාරාවල්ලලක්ම වෙලා ඇවිදින්. (අ)
පරාවලල්ල බලාගන්න පුළුවන් 17 පස්සේ.(හේ)
එක්සත් රටක් සඳහා එක්සත් ජාතික පක්ෂයට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් හිමිවීම ඒකාන්තයි. කුඩු එතනෝල් ස්ත්‍රී දුෂක රොත්ත ඇතුළු මහින්ද රාජපක්ෂට දරුණු පරාජයක් නැවතත්. (නදී)
දවල් හීන දකින්න එපා (නි)
මහින්ද පහුගිය අවුරුදු 10දිම කරේ අනුන්ගේ පක්ෂ විනාශ කරපු එක. දැන් ඒක මහින්දට පාරා වළල්ලක් වෙලා. අායිත් මහින්දට බලය දෙන්න මේ රටේ බුද්ධිමත් මිනිස්සුන්ට පිස්සුවක් නැහැ. වහල් මනසක් තියෙන නිකං ඉදං කන කොමිස් ගසන අයුතු විදියට ජීවත් වන මිනිස්සුන්ටයි වහල් ක්‍රමයට නතු වෙලා නුගත් කමින් පෙළන මෝඩයන්ටයි හැරෙන්ට මහින්දට ජන්දය දෙන්න කවුරුවත් නැහැ.(නදී)
අපි බලමුකෝ එහෙම වෙයිද කියලා (නි)
රනිල්ට කඩේ යන නරින්ට ඔක්කො පේන්නේ වැරදි විදිහට (නදී)
මේක පුදුම දෙයක්නේ.හැම දේටම මහින්ද පළිද?(හේ)
නලින්, එක්සත් වගේම ඒකීය රටක් සදහා වඩාත් සුදුසු කේ පි , කරුණා වගේ අයගේ බලපෑම නොමැති එක්සත් ජාතික පක්ෂයයි. (ම)
ගයන්ත ඇමතිතුමා අනෙක් අයට ආදර්ශයක්. ඔහුට විනයක් සංවරකමක් තිබෙනවා.අගෝස්තු බිහිවෙන ආණ්ඩුවේ වගකීමක් දරමින් රටට අවංක සේවයක් කිරීමට ලැබේවා! (නි)
අපි බය නැහැ අපි මහින්දට (හේ)
මෙයාලා කට ඇරියොත් මහින්ද මහින්ද.... ඇයි ඔච්චර මහින්දට බය? (නි)
ඔයාලා පාර්ලිමේන්තුවට යන්න හිතාගෙන ඉන්නේ ඇයි? පොඩ්ඩක් ඒ ගැන පුංචි අපිට පැහැදිලි කිරීමක් කළොත් හොඳයි නේද? මේ අපි ජනතාව ඔයාලව පාර්ලිමේන්තුවට යවන්න ඕනෑ. එහෙම යැවුවොත් ඊටපස්සේ ඔයාලා මොකද අපි වෙනුවෙන් කරන්න හිතාගෙන ඉන්නේ? දැන් අපි ටිකක් තැලිලා පොඩිවෙලා ඉන්නේ. රටට යමක් කළ හැකි හොඳ උගත් තරුණ පිරිසක් ගැන නම් අපිට හිත පැහැදේවි මගෙ හිතේ. අපි හැමදාම තට්ටු මාරුවටනේ ඔයාලව පාර්ලිමේන්තුවට යැව්වේ. දැන් කාලය අපිට ඇවිල්ලා තියෙන්නේ අපි ගැන හිතන්න. (නි)
ජවිපෙටත් මුල මතක නැහැ වගෙයි (නි)
මම නම් දන්නා විදියට මේ දවස් වල බෙදෙන්නේ, ඇනකොටා ගන්නේ, කුලල් කාගන්නේ මනාප නිසා නේද? (නි)
ගයන්ත ඇමතිතුමනි, මසුරන් වටිනා අදහස් පෙළක්! (නි)
මහින්ද අනිත් පක්ෂවලට කළ දේ පාරා වළල්ලක් වෙලා කියන කතාවට මම අකමැත්තෙන් වුණත් එකඟ වෙනවා. එහෙත් මහින්ද කියන සැබෑ ශ්‍රීලනිප සාමාජිකයා පවු. (නි)
දැන් ඔබලාට බැදුන්කරය පරාවලලක් වෙලා. (ස)
අපි නම් ජනවාරි 8 දැක්කා. (නි)
රටේ සියලුම සම්පත් හොරකම් කළ පුද්ගලයන් පන්නා දැමිය යුතුයි (නදී)
ඡානක කියන පරිදි මුලින්ම පන්නන්න වෙන්නේ එජාපය. මොකද, මහබැංකු බැඳුම්කරය තමයි එදා මෙදා හොඳම හොරකම. (නදී)
පරණ අය නම් බහුතරය ගැන කතාකරලා වැඩක් නැහැ. අළුත් පරම්පරාවේ ටික දෙනෙක් ඉන්නවා හොරකම අඩු අය. ඒ නිසා මම මේ පාර ජවිපෙට දෙන්නයි හිතාගෙන ඉන්නේ. අඩුම තරමේ හොරකම් කරන්නේ නැහැනේ. මට ඒ ඇති. (නි)
සිරිවිකුම් අනෙක් අය ගහපු ගැහිලි සේරම දන්නවා වගේ, එදා මෙදාතුර හොඳම හොරකම තෝරන්නේ? (නි)