එක්සත් ජාතික පක්ෂයේ බලපිටිය හිටපු සංවිධායක කමල් ජයන්ත ද සිල්වා අද ඇල්පිටියේ දී මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ වේදිකාවට ගොඩවී ඔහුට බුල්ත හුරුළු දී සන්ධානයේ සාමාජිකත්වය ලැබීය.
මේ අතර කලින් එක්සත් ජාතික පක්ෂයට එක්වූ බලපිටියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ඒ.දයාරත්න ද සිල්වා අද දහසක පමණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන් සමග එක්සත් ජාතික පක්ෂ වේදිකාවට ආවේය. ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම් නායක වජිර අබේවර්ධන මහතාගෙන් ඒ පිරිස එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය ගත්හ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලියා දිනන බව දැන දැන මොන මෝඩයෙක්ද මේ(නදී)
කොහෙද යකෝ අලි දිනන්නේ. කොටිය තමයි දිනන්නේ. (නදී)
පාතාලේ සුරතල්ලු ටික මරාගන්න මරාගන්න විදියට දැන් එජාපෙ අයට බේරේ වැවට පනින්නනත් වෙයි වගේ (නදී)
අලියා දිනනවා කිව්වම හිනා යනවා..වෙන කියන්න දෙයක් නැහැ.(නදී)
ජය නියතයි රනිල් .....(නදී)
ඡන්දෙට කලින් මොකා මොන පැත්තට පැන්නත් කමක් නහැ හැබැයි ඡන්දෙන් පස්සේ දිනපු උන් පැති මාරු කරන එක නවත්වන්න නීති ඕනා. එ්කට කියන්නේ ජනතාවගේ ඡන්දෙ මංකොල්ල කනවා කියලා. ඡන්ද වංචාව කියලා (නදී)
අලියා මෙදා ගොඩ. බුලතා අවුරුදු 10ක් ගෙදර. ඊළඟට දිනන්නේ සීනුව? මහින්ද මහතා මනාපෙන් 1 (නදී)
කොළ නිල් පාට දෙකට ඡන්දය දීල දුක් වෙනවට වඩා හොදයි ,ජනතාව දිනවන ජෙනරල්ට හෝ ජවිපෙට ඡන්දය දීල රට වෙනුවෙන්, අනාගත දරු පරම්පරාව වෙනුවෙන් තමන්ගේ යුතුකම ඉෂ්ඨ කලා කියල සතුටු වෙන එක.(නදී)
බන්ඩලට ජය කෙසේ වෙතත් කොටියට නම් ජයයි (නදී)
නැවත අපේ දරුවන්ට හමුදා පුහුණු ඕනේ නැහැ. "චුත" වන්නම ඡන්දය දීපල්ලා මිනිසුනේ.(නදී)
කොහොම උනත් ගොඩක් වැරදියි. (නදී)
ජයවේවා කියලාවත් කියමු ඉතින් (නි)
ඒ පැත්තෙන් මේ පැත්තට ආවත්, මේ පැත්තෙන් ඒ පැත්තට ගියත් ඔය එක්කෙනෙක්වත් ජනතාවගේ කැමැත්තෙන් සංවිධායකයෝ හැටියට පත්වුණ කට්ටිය නෙමෙයි. ඒගොල්ලෝ ගියා කියලා ජනතාව වෙනස් වෙන්නේ නැහැ. ඕනෑම නම් එයාලගෙන් යැපුණු කිහිපදෙනෙක් පස්සෙන් යයි. ජනතා කැමැත්ත කාටද කියලා ඡන්දෙන් පස්සේ බලන්න පුළුවන්. (නි)
අනේ මෙහෙමත් දේශපාලකයෝ? (නි)
සංගීත පුටු තරඟයක් වගේ. (නදී)
මහින්ද මාරයි..... රනිල් හමාරයි.... අනුර වමාරයි.....(නදී)
හිටපු සංවිධායක වෙන්න ඕන නේද ? (නදී)
අම්මපා, ඕව මෝඩ චූන් ළමයා.(නදී)
ඒ පැත්තෙන් නොමිනේෂන් නොලබුනහම එහෙන් මෙහාට පනිනවා. මේ පැත්තෙන් නොමිනේෂන් නොලැබුනහම ඒ පැත්තට පනිනවා. මෙහෙමත් අවස්ථාවාදී දේශපාලකයෝ. (නදී)
දේශපාලකයොයි, ඡන්ද අපේක්ෂකයොයි රිළවු වගේ එහාට මෙහාට පනිනවා. මහජනයාට පනින්න වෙන්නේ මහ මුහුදට තමයි !!! (නි)
අනේ වාසනාවන් කොහොම හරි කමක් නැහැ රට හැදෙන්නයි ඕනේ (නදී)
මට නම් දැන් මේ පැනිලි තිත්තයි (නදී)
මේ විදියට පිල් මාරුකරන දේශපාලකයෝ ඉන්න ලෝකයේ එකම රට ලංකාව වෙන්න ඇති (නි)
බලපිටියේ මේ සංවිධායකට ඡන්ද නැහැ. අඩුම තරමේ ප්‍රාදේශිය සභාවටවත් තේරුනේ නැහැ. පසුගිය කාලේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට බැන බැන හිටිය කෙනෙක්. මේ වගේ අනාථයෝ සන්ධානයට ගැනිම තුලින් වන්නේ නැවතත් සන්ධානය පිරිහිමයි.(නදී)
මම හිතන්න ඒක හොඳ වැඩක් නෙමෙයි (නදී)
මෙහෙම ජනතාව වෙනස් වීමට හේතුව සොයා බැලිය යුතුයි (නදී)
මහින්ද කළත් රනිල් කළත් මේවා මාධ්‍ය සංදර්ශන. එහා පැත්තට මෙහා පැත්තට පනින අය හරියට සුළඟට ගහගෙන යන වියළි කොළරොඩු වගේ ඔහේ පාවෙනවා. (නි)
මොන ගොනාද මේ අවස්ථාවේ අලියාගේ ඉඳල බුලත් කොලේට යන්නේ. (නදී)
ගෙඹි ෂෝ පටන් අරන් වගේ කට්ටියම ගෙම්බා ලකුණෙන් වෙන්න ඇති ඉල්ලන්නේ (නදී)
තව පැන්න මදි ලොක්කෝ පනින්නේ 18 න් පස්සේ. (නදී)