එක්සත් ජාතික පක්ෂය නැවත ප්රතිසංවිධායනය හා ප්‍රතිව්‍යුහගත කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමට සඳුදා (10) රැස්වන බව එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෝ පවසති.
එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඩේලි මිරර් අනුග්රහයෙනි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවත් මොන ප්රතිසංවිධානද? දැන් ඉන්න අය මකබෑවිලා යන්න අලුත් කට්ටියට කරන්න ඉඩදීලා.
එහෙම කරන්න පක්ෂයක් දැන් ඉතිරි වෙලා නැහැනේ...
රනිල් මහත්මයා දැන් මේ නයකකම කතා කිරීම විහිලුවක් වෙලා. කණගාටුයි. ඔබතුමාගේ උගත්කමෙනුත් වැඩක් නැතිවුණා.
විශිෂ්ඨ තීරණයක්... අපිට විශ්වාස ගරු රනිල් මැතිතුමා පමණි.
සාමාජිකයෝ? කොහෙද ඉන්නේ අද එජාපයට...? පක්ෂය විනාශ කළ ඔහේලට ජනතාව හොඳම දඬුවම දීලා තියෙන්නේ.. දැන්වත්, තවත් පචනොවී තොලොංචි වෙලා දෙයියන්ගේ නාමයෙන් යන එක කරනවා නම් ඒක කරන ගෞරවයක්..
දැන්නම් තේරුමක් නැහැ. තව අවුරුදු 4ක් ඉන්න වේවි...!!!
රටට, දැයට, සමයට හිතැති ආකල්ප මොවුන් තුල නූපදී. ඒතාක් දේශපාලනයෙන් ඉවතට. දැන් ඉන්නෙ පාං කෑල්ලට, ටකරමට, බොරු වරුෂාවට ඡන්දෙ දෙන මිනිසුන් නොවේ.
අනේ මහත්තයෝ, දැන්වත් පව් නොදී පැන්ෂන් යන්නකෝ...!!! මම ඕනේ නම් දුම්කොළ පුරවපු පයිප්පයක් ගෙදරටම ගෙනැල්ලා දෙන්නම්...
පොහොට්ටුවේ ජයග්‍රහණය තරයේ හෙලා දකිනවා.
සඳුදාට සිරිකොත ඉස්සරහා පාර කාපට් කරනවලු...
ඕක සජිත්ට දීලා පැත්තකට වෙන්ඩ.
අනිත් ගොල්ල කිව්වේ ඡන්දෙන් පස්සේ සිරිකොත අල්ලගන්නවා කියලා නේද.?
අපි එජාප කියන්නත් ලැජ්ජයි.
සියලු එතනෝල්, මිරිස් කුඩු, ජෝකර්ස්ලා තමයි මෙහෙම රැස්වෙන්නේ...
හෙට, අනිද්දා සජිත් මහත්තයා එතුමාගේ ජයග්‍රාහී සේනාවත් සමග ඇවිල්ලා සිරිකොත අල්ලනවා. ඉන්න නාකි භූතයින්ව ගහලා පන්නනවා .හැබැයි.. අලියව හෝ කොළපාට සජිත් මහත්තයා ගන්නේ නැහැ. එතුමාගේ ලාංඡනය හොඳයි. රනිල් ඇතුළු ඔක්කෝටම මහින්දගේ පිහිට පමණයි.
ප්‍රතිසංවිධානය කරන්න. නමුත් ප්‍රතිඵලය නම් ඉදිරියටත් ඕනකම තමයි. අපේ පක්ෂය ඔබතුමන්ලා පාවාදුන්නා. විනාශම කරලා දැම්මා. ඇතුලේ මොන අර්බුද තිබුණත් පක්ෂයට මේ තරම් අපකීර්තියක් අත්වූයේ නායකත්වයේ තිබුණු අත්තනෝමතික ක්‍රියාකලාපය නිසාමයි...
පැරදුණු අලින්ට වෙනම අනාථාගාරයක් පින්නවල තියෙන්නේ... නැවත පුනරුත්ථාපනය කරන්නත් පුළුවන්නේ...
රනිල්ට මොකුත් කියන්න එපා. එයා ඔහොම ඉන්න එක අපිට හොඳයි.
තේරෙන භාෂාවෙන්ම මිනිස්සු කියලා තියෙන්නේ... ආයේ මොන කතාද? දැන් පැදුරු කොට්ට අරන් අකුලාගෙන යන එක තමයි ඉතිරිවෙලා තියෙන්නේ... සමානුපාතික ක්රමයේ නොවන අය හිටිතැනක් හොයාගන්න බැරිවෙනවා. මේවා අලුත් නඩුවටත් හැදෙනවානම් පාඩමක්.. අවුරුදු 5කින් මේ ඉරණම අත්කර නොගැනීමේ වගකීම සියලු දෙනාටම තියෙනවා.. දැන් ජනතාව එක කණ්ඩායමක් බදාගෙන ඉන්නේ නෑ..
අලියන්ට දුක හිතිලා..
නාකි වැඩබැරි අය සිරිකොතෙන් පන්නමු.
ප්රභාකරන්ට රට පාවාදුන් දේශද්‍රෝහී ක්‍රියාවෙන් සහ සිංහල ජාතිය, බුද්ධාගම නොසලකා කටයුතු කිරීම නිසා හොඳ ඉතිහාසයක් තිබුණා. එක්සත් ජාතික පක්ෂය කැඩූ රනිල් ඇතුළු කණ්ඩායම නිසා පක්ෂය විනාශ වුණා. මහබැංකු හොරකම නිසා රවි ඇතුළු අය කළ විනාශයට ජනතාව නියමාකාරයෙන් පිළිතුරු දී ඇත. මෙය වාර්තාගත පරාජයක්... තවත් මොවුන්ගේ මොන ප්රතිසංවිධානද? නායකත්වයට හොඳ පෞරුෂයක් අවශ්‍ය වෙනවා. නිවට නායකයෙකුට ඉරිරියට යන්න පුළුවන්ද? අද මේ නායකයා වටා ඉන්න අනෙක් රැළත් එවන් මෝඩ පිරිසක්...
එක් අයෙක් එක්සත් ජාතික පක්ෂ නායකත්වයට පත්වූවිට රජයේ දුර්වලතා ප්‍රබල ලෙස විවේචනයට කිරීමට ඔහු කටයුතු කළ යුතුවේ. ඒ සඳහා තරුණ නවක අපේක්ෂකයන් ගෙන් සමන්විත කණ්ඩායමක් සුදානම් කල යුතුවේ. ප්‍රබල වාග් ප්රහාරයන්ට රජය ලක්කළ යුතුවේ. අලුතින් පත්වන නායකයා වර්තමාන ලංකාවේ දේශපාලනයට ගැලපෙන ආකාරයට කටයුතු කළයුතුවේ. ජනතාව විසින් රජය විවේචනය කිරීමට පටන් ගත් පසු ඇතිවන රැල්ලට නායකත්වය දීමට එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වෙනස් වීමකට ලක්කළ යුතුවේ. නායකත්ව වෙනසකට දැන්ම කල්වේලා වැඩිය. එවිට රජය විවේචනය කිරීමට හැකියාවක් සහ රජයට විපක්ෂව ජනමතයක් ගොඩනැගීමට හැකියාවක් ඇත. පක්ෂ නායකත්වය වෙනස් වුවත් හිටපු අගමැති වර්තමාන නායක අපේ රනිල් මැතිතුමා දේශපාලනයේ සිටිය යුතුම වේ. පාර්ලිමේන්තුවේ 225ම එකට ගත්තද එතුමා මෙන් දැනුමෙන් සහ පළපුරුදු නායකයකු තුළත් පිටටත් ලංකා දේශපාලනයේ නොමැතිය. එමනිසා පක්ෂය මෙන්ම එතුමාවද ආරක්ෂා කර ගත යුතුවේ. එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරගැනීමට නම් රුවන් මහතාව නායකයා කළයුතුවේ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ වෙනසක් පිළිබඳව මේ මගේ පුද්ගලික මතය වේ..
මොනවද ඉතින්, මේ සැරේත් සූත්තර පුංචා තමයි නායකතුමා...
පරලෝ සැපත් අලියාට නිවන් සුව ලැබේවා...!!! අවමංගල්‍ය කටයුතු රහසිගතව සිදුකිරීමට නියමිතයි.
යූ.එන්.පී කියන පක්ෂය හේදිලා ගිය එක ගැන නම් අපිට තියෙන්නේ පුදුම සතුටක්... අපි අද කිරිබතුත් හැදුවා සතුට වැඩිකමට... රනිල් මහත්තයෝ, අනේ නායක කමෙන් නම් යන්න එපා. ඔයාගේ රෙදි හෝදන්න ඩුබායි කට්ටිය ඉන්නවා. දංකුඩ කන්නත් තාම ටික දෙනෙක් ඉන්නවා. කොහොම හරි තව අවුරුදු 5ක ඉඳලා ඉතුරු ටිකත් කාලම දාලා යන්න. එතකොට අායෙත් මේ කපේදී යූ.එන්.පී කියන රට කාපු, රට විනාශ කරපු, රට විකුණපු අය ඉන්න පක්ෂය බලයට එනවා තියා ජේවීපී එක්ක තරග කරන්නවත් බැරි පක්ෂයක් වෙන එක නම් සිකුරුයි. ඒක නිසා ඔය හිටියා වගේ තව අවුරුදු 5ක් ඉන්න. ඔයාට ඉතින් පුරුදුයිනේ කූඩැල්ලා වගේ එල්ලිලා ඉඳලා...
පක්ෂ නායකත්වය සජිත්ට දෙන්න කියනදේ නොසලකා හැරි රනිල්ට ජනතාව හොද පාඩමක් උගන්වා තිබෙනවා. රනිල් නාකත්වයේ සිට කරන කිසිදු ප්රතිසංවිධානයක් වැඩක් වෙන්නේ නැහැ. ඒ කිසා පක්ෂය රැකගැනීමට කලයුතු හොදම දෙය පක්ෂ නායකත්වය සජිත්ට ලබාදීමයි.
සිරිකොත මියගිය දේශපාලන පක්ෂවල කටුගෙයක් බවට පත්කරන්න...