IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘එජාප ලැයිස්තුවෙත් පරාජිතයෙක්‘

එක්සත් ජාතික පක්ෂය ද සිය ජාතික ලැයිස්තුවෙන් පරාජිතයකු පාර්ලිමේන්තුවට යවා ඇතැයි කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි.

මනාප අංක 10 යටතේ පුත්තලමට එජාපයෙන් තරග කළ මොහොමඩ් හනීෆා මොහොමඩ් නවවි එජාපයෙන් නම් කළ ජාතික ලැයිස්තුවේ ඇතැයි ද ඔහු සඳහන් කරයි.

ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලැබුණු පක්ෂ හතරම  ලැයිස්තුවෙන් පරාජිතයන් යවා ඇති බවත්, එජාපය හා ජවිපෙ එක් අයකු බැගින් ද, දෙමළ ජාතික සන්ධානය දෙදෙනකු ද , එක්සත් ජනතා නිදහස් සන්ධානය කිහිප දෙනෙකු ද නම් කර ඇති බවත් ඔහු පවසයි.

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයට ලබා දුන් අතර එම පක්ෂය නම් කර ඇත්තේ පරාජිත අපේක්ෂකයකු වන නවාවි බව පක්ෂ ආරංචි කියයි.

මේ අතර රූපවාහිනී සංවාදයක දී වයඹ හිටපු මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා කීවේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් යැවීම සුදුසු නැති බවයි.



අදහස් (0)

‘එජාප ලැයිස්තුවෙත් පරාජිතයෙක්‘

සජිත් Saturday, 22 August 2015 03:06 PM

මොනවා කරන්නද..? ජනතාව එපා කියනවා. නායකයා ඕනෑමයි කියනවා (නි)

:       0       0

ජයනාත් Saturday, 22 August 2015 03:37 PM

කිරි මුට්ටියට ගොම වැටුනා වගේ...! අගමැතිතුමනි, මෙය ඉක්මනින් නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි. (නි)

:       0       0

දිල්ෂාන්ත් Saturday, 22 August 2015 05:16 PM

අයියෝ! අපේ වටිනා ඡන්දය බාල්දු කරන්න එපා (නි)

:       0       0

සත්‍යයා Saturday, 22 August 2015 11:01 PM

මගේ අත්දැකීමට අනුව දේශපාලකයා කියන්නේ දිනුවත් පරාජිතයෙක් කියලයි. මේ යුගයේ මේ කදිම නිදසුන ශ්‍රී ලාංකික දේශපාලනයට හඳුන්වාදුන් ප්‍රබලම චරිතය මහින්ද රාජපක්ෂ. අනෙක් අය ගැන කුමන කතාද? (නි)

:       0       0

පිවිතුරු යහපාල Sunday, 23 August 2015 02:06 AM

ඒ ඔබට සත්‍ය මහත්තයෝ.එතුමා අපට හැමදාටමත් ජයග්‍රාහකයෙක්. රජෙක් වගේ හිටපු වට්ටන්න බැහැ කියලා අපිත් හිතපු මහින්ද මහත්තයත් වැටුනා නම් අනෙක් අය ගැන කවර කතාද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 186 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 993 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site