එක්සත් ජාතික පක්ෂය ද සිය ජාතික ලැයිස්තුවෙන් පරාජිතයකු පාර්ලිමේන්තුවට යවා ඇතැයි කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි.
මනාප අංක 10 යටතේ පුත්තලමට එජාපයෙන් තරග කළ මොහොමඩ් හනීෆා මොහොමඩ් නවවි එජාපයෙන් නම් කළ ජාතික ලැයිස්තුවේ ඇතැයි ද ඔහු සඳහන් කරයි.
ඒ අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලැබුණු පක්ෂ හතරම ලැයිස්තුවෙන් පරාජිතයන් යවා ඇති බවත්, එජාපය හා ජවිපෙ එක් අයකු බැගින් ද, දෙමළ ජාතික සන්ධානය දෙදෙනකු ද , එක්සත් ජනතා නිදහස් සන්ධානය කිහිප දෙනෙකු ද නම් කර ඇති බවත් ඔහු පවසයි.
එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයට ලබා දුන් අතර එම පක්ෂය නම් කර ඇත්තේ පරාජිත අපේක්ෂකයකු වන නවාවි බව පක්ෂ ආරංචි කියයි.
මේ අතර රූපවාහිනී සංවාදයක දී වයඹ හිටපු මහ ඇමැති දයාසිරි ජයසේකර මහතා කීවේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ පරාජිතයන් ජාතික ලැයිස්තුවෙන් යැවීම සුදුසු නැති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කරන්නද..? ජනතාව එපා කියනවා. නායකයා ඕනෑමයි කියනවා (නි)
කිරි මුට්ටියට ගොම වැටුනා වගේ...! අගමැතිතුමනි, මෙය ඉක්මනින් නිවැරදි කරන මෙන් ඉල්ලා සිටිමි. (නි)
අයියෝ! අපේ වටිනා ඡන්දය බාල්දු කරන්න එපා (නි)
මගේ අත්දැකීමට අනුව දේශපාලකයා කියන්නේ දිනුවත් පරාජිතයෙක් කියලයි. මේ යුගයේ මේ කදිම නිදසුන ශ්‍රී ලාංකික දේශපාලනයට හඳුන්වාදුන් ප්‍රබලම චරිතය මහින්ද රාජපක්ෂ. අනෙක් අය ගැන කුමන කතාද? (නි)
ඒ ඔබට සත්‍ය මහත්තයෝ.එතුමා අපට හැමදාටමත් ජයග්‍රාහකයෙක්. රජෙක් වගේ හිටපු වට්ටන්න බැහැ කියලා අපිත් හිතපු මහින්ද මහත්තයත් වැටුනා නම් අනෙක් අය ගැන කවර කතාද? (නි)