IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


එජාප මන්ත්‍රීවරු ලන්ඩන් ශාඛාවේ

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන රෝසි සේනානායක සහ චන්ද්‍රානි බණ්ඩාර පසුගියදා ලන්ඩන් නුවරදී එජාපයේ එක්සත් රාජධානි ශාඛාවේ නිලධාරීන් හමුවී පක්ෂයේ ඉදිරි වැඩකටයුතු පිළිබඳව සකච්ඡා කරනු ලැබිය.

මන්ත්‍රීන් දෙදෙනා ලන්ඩන් නුවරට පැමිණියේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව මඟින් සංවිධානය කරන ලද කාන්තා අයිතීන් සුරැකීම පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනයට සහභාගිවීම සඳහාය.

මෙම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන වාතාවරණය පිලිබඳ දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කැරුණු අතර මන්ත්‍රීවරුන් දෙදෙනාගේම අදහස වුයේ "අප රටේ ඉදිරි දේශපාලන ගමන්මග තීරණය වන්නේ මීළඟ ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය අනුව" බවය.

"වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික පරිහානිය සහ මින් පෙර නොදුටු විරූ අන්දමට සමහර දේශපාලන නායකයින් සහ රාජ්‍ය අංශයේ කොටස් තුල පවත්නා දූෂණය පිළිබඳව මහජනතාව ඉතාමත් කළ කිරීමෙන් ඉන්නා බව " ඔවුන් පැවසුහ.

"වර්තමානයේ පවත්නා ඒකාධිපතිවාදී පාලනය තුරන් කිරීමේ බලාපොරොත්තුවෙන්" එක්සත් ජාතික පක්ෂය විසින් ජනාධිපති වරණය සඳහා නියත වශයෙන්ම අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බවත් තම පක්ෂයේ සියලුම අධාරකරුවන් මේ සඳහා එකමුතුව ක්‍රියාකිරීමට අධිෂ්ඨාන කරගෙන ඉන්නා බවත්, මෙම දුෂිත පාලනය වෙන කිරීමේ ක්‍රියාදාමය ළඟදි පැවැත්වෙන ඌව ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ආරම්භ කෙරෙන" බවත් ප්‍රකාශ විය.

ශ්‍රී ලංකාවේ නිතිය සහ යහ පාලනය නැවත වතාවක් ස්ථාපිත කිරීමේ අවශ්‍ය තාවය පිළිබඳව ලන්ඩන් එජාප ශාඛාවේ නිලධාරීන් අවධාරණය කර සිටියහ. " රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදුවන බවට චෝදනා එල්ලවී ඇති ශ්‍රී ලංකාවේ විවිධ පලාත්වන සිදුවුණ වාර්ගික ගැටුම් හෙළාදකින" බවද ඔවුන් පැවසුහ.

එජපා බ්‍රිතාන්‍ය ශාඛාව මඟින් දීර්ඝ කාලයක් තිස්සේ පක්ෂයේ වැඩකටයුතු සඳහා දක්වන ලද අනුග්‍රහය අගය කරනා බව පැවසු මන්ත්‍රී වරුන් ඉදිරියේදීත් එම කටයුතු සාර්ථකව කරගෙනයාමට ශක්තිය හා ධෛර්යය ලැබේවායිද ප්‍රාර්ථනා කළහ.

tissa2 tissa3 tissa4

 

 

 

 

 



අදහස් (0)

එජාප මන්ත්‍රීවරු ලන්ඩන් ශාඛාවේ

දාන් Wednesday, 23 July 2014 03:14 AM

එන්.ජී.ඕ දෙක තුනක් සෙට් කරගෙන තව හොඳ ගානක් හොයා ගනී. (නදී)

:       0       0

සත්‍යයා Wednesday, 23 July 2014 03:44 AM

ලංකාවේ ඇතුළේ නම් හොඳටම අනාගෙන ඉන්න නිසා පිටරටවල අයගේ උදව් ඇතුව තමයි බලයට එන්න සුදානම. (නි)

:       0       0

අචිනි Tuesday, 22 July 2014 11:24 AM

ලංකාවට ජයවේවා! මගෙත් සුභ පැතුම්! (නි)

:       0       0

සමීර Tuesday, 22 July 2014 11:43 AM

බොහොම හොඳයි (නි)

:       0       0

සිල්වා Tuesday, 22 July 2014 12:22 PM

එකමුතුව වැඩ කරනවා නම් ජය නියතයි (නි)

:       0       0

පියුමි Tuesday, 22 July 2014 12:25 PM

ජය වේවා! (නි)

:       0       0

තේජාන්විත Wednesday, 23 July 2014 07:05 AM

මොන රට රාජ්‍යයේ ගියත් වැඩක් නැහැ තමන් අන්තිමට ඡන්දෙ ඉල්ලන්න වෙන්නේ ලංකාවේ කියන එක ගැන අවබෝධයක් නැතුව (නි)

:       0       0

ජෙරාඩ් Wednesday, 23 July 2014 07:18 AM

ජාත්‍යන්තරවත් එජාප ශාකාවන් සමග පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල ගැන සාකච්ඡා කිරීම සතුටට කරුණක්. නමුත් මේ වෙලාවේ එජාප පාක්ෂිකයා දිරිමත් කරන්න නායක නායිකාවන් සියලු දෙනාම පෙරට ආවොත් එජාපයට ලොකු ශක්තියක්. ජයග්‍රාහී ඉදිරි ගමනකට හොඳ අඩිතාලමක් වේවි. අපි ඔක්කොම ජයග්‍රාහී ගමනකට මුල පුරමු. ජයවේවා! (නි)

:       0       0

කෝකිලා Wednesday, 23 July 2014 07:40 AM

කාන්තා අයිතිය කියන්නේ බොරු දෙයක්, ආත්මාර්තකාමි දෙයක්. අහු වෙන්න එපා (නදී)

:       0       0

පුක්කුස වීරේ ලන්ඩන් Tuesday, 22 July 2014 04:16 PM

තමන්ගේ රටේ දේශපාලනය හරියට කරගන්න බැරිව අවුරුදු ගානක් පිට පිට පැරදුනු මේ අය එංගලන්තේ මොනා කරනවද? (අ)

:       0       0

ධම්ම Tuesday, 22 July 2014 06:04 PM

කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින්නේ යූඑන්පී මන්ත්‍රීවරියන් විතරද? (අ)

:       0       0

හසන්ත Tuesday, 22 July 2014 07:33 PM

ඔබ සැම දිනේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 360 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 216 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site