පාර්ලිමේන්තුවේ දී තාජුඩීන් ගැන කතා කළ තමන්ට මන්ත්‍රීවරු කිහිප දෙනකු සභාගැබේ දී ම මරණ තර්ජන කිරීමෙන් තම වරප්‍රසාද කඩ වූ බවත් මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කරන ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා අද පාර්ලිමේන්තුවේ දී කීවේය. මන්ත්‍රීවරයා පවසන්නේ මන්ත්‍රීවරු තිදෙනකු තමන්ට සිකුරාදා පහර දීමට තැත්කරමින්, තාජුඩීන් ගැන කතා නොකළ යුතුයැයි ද පවසමින් ඔවුන් මරණ තර්ජන කළ බවයි.
රහුමාන් මන්ත්‍රිවරයා මෙසේ ද කිවේය.
‘‘මා තාජුඩීන් සම්බන්ධයෙන් කතා කළාට පස්සේ මට පහර දීමට තැත්කරමින් ජොන්ස්ටන් ප්‍රාන්දු, සනත් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ මන්ත්‍රීවරු තාජුඩීන් ගැන කතා නොකළ යුතුයැයි කිවා. ඔවුන් මට මරණ තර්ජන කළා. මෙය මගේ වරප්‍රසාද කඩ කිරීමක්. මේ සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සිටිනවා. “
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කථානායක කරු ජයසුරිය මහතා පැවසුයේ අදාළ කාරණය වරප්‍රසාද කමිටුවට යොමුකරන අතර සති දෙකක් ඇතුළත තීරණයක් ලබාදෙන බවයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සනත් ඔහොම කතා කියන්න එපා . දක්ෂ රගර් ක්‍රීඩකයෙක් රටට අහිමි වුණේ. (ස)
කට කැඩිච්ච කතා කියන්නේ නැතුව රටේ දියුණුවට දෙයක් කියන්නකො. (නි)
මේ වගේ අයට ඡන්දෙ දුන් අපිට තමා ගහන්න ඕනෑ. (නි)
අනේ ඇත්තට කාටවත් පුටුවක්වත් අහුවුණේ නැද්ද මේ කටවල් වහන්න (නි)
පාතාලයෝ සිටිය යුත්තේ සිරමැදිරියක වුණත් අපේ අවාසනාවට සමහරු ඉන්නේ පාර්ලිමේන්තුවේය. අඬනවාද? වැළපෙනවාද? දිවි නගහන්නවාද? (නි)
බලය ගිලිහිලා තවම අවුරුද්දක්වත් නැහැනේ. පරණ පුරුදු එකපාරටම අතහරින්න අමාරු ඇතිනේ. (නි)
නූගත් අය නිසා මෙවන් දේ සිදුවීම වළක්වන්න බැහැ. රටේ අනාගතයට අපල කාලයක්. (නි)
මෙසේ දාමරිකයන් ලෙස පාර්ලිමේන්තු සභාගැබේදී හැසිරෙන මන්ත්‍රීන්ගේ මන්ත්‍රීධූර වහාම අහෝසිකර ඔවුන්ට විරුද්ධව නීති මඟින් කටයුතු කළයුතුය (නි)
තාජුඩීන් සහ ඇවන්ගාඩ් ගැන කතා කරමින් ඉන්නවා පමණයි. වෙන මොනම දෙයක්වත් කරන්නේ නැහැ. (නි)
දැන් රටේ තිබෙන දැවෙන ප්‍රශ්නය තාජුඩීන්. මිනිසුන්ට වෙන වැඩ නැහැ... (නි)
උසාවිය තියෙන්නේ ඒවා ගැන පරීක්ෂණ කරන්න.නමුත් මේවා පාර්ලිමේන්තු ගෙනෙන්නේ රටේ ජනතාවගේ අවදානය වෙනතකට යොමුකරන්න. (ම)