වතු සේවකයන් වෙනුවෙන් සෙනසුරාදාට (19) පෙර වතු සේවක පඩි වැඩිකිරීමේදී සාමූහික ගිවිසුම අත්සන් නොකළහොත් එම ගිවිසුම අත්සන් කළයුතු හාම්පුතුන්ද බදාගෙන ගිනි තබාගන්නා බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පාර්ලිමෙන්තුවේදී අද (18) ප්‍රකාශ කළේය.
දැනට දිනකට ගෙවන රුපියල් 620, රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ආරමුගම් තොණ්ඩමන් මහතාගේ වතුකම්කරු සංගමය,ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු සංගම් කාලයක් තිස්සේ ඉල්ලයි.
තේ කර්මාන්තයේ විවිධ අර්බුද නිසා වැටුප් වැඩි කිරීම හාම්පුත්තු කියති.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට හයක් පැවතියද අද වනතුරු වැටුප් වැඩිකිරීම ගැන තීරණයක් ගෙන නැත
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන නොකරන එක පසුවට බලමු. මෙහෙම දෙයක් කියපු එකත් වටිනවා (නි)
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 1000ක් කිරීම සාධාරනය. මේ ප්‍රශ්නය දෙස ජාතිවාදීව නොබලන්න (නි)
අනේ ගිනි තියාගන්න! (නි)
ඔබතුමා වැනි වීරයෙකු පහළවන්නේ කලාතුරකිනි. ඔබගේ නාමය ඉතිහාසගතවීම සඳහාත් රටේ අනාගතයේ යහපත සඳහාත් ඉතා ඉක්මනින්ම ඔබේ පැතුම ඉටුවේවා! (නි)
පක්ෂයේ ඊළඟට මනාපගත් කෙනා බලාපොරොත්තු ඇතිකර ගනිවී. (නි)
ජනතා නියෝජිතයින් හැටියට පෙනීසිටිමින් මොවුන් මේ ප්‍රදර්ශනය කරන්නේ තමන් නියෝජනය කරන ජනතාවගේ බුද්ධියේ තරමයි. (නි)
කරුණාකර මෙතුමාට මීට අවශ්‍ය පහසුකම් සපයන්න (නි)
අනේ! පුලුවන් නම් පඩි වැඩිකිරීමේ සාමූහික ගිවිසුම අත්සන් කිරීම ටික දවසකට හරි කල්දාන්නකෝ. (නි)
මිනීමැරීම, මිනීමැරීමට තැත්කිරීම හෝ මරණ බවට තර්ජනය කිරීම ලංකාවේ නීතිය අනුව වරදක් නොවෙයිද? (නි)
ඒ කාලේ මිනීමරු ප්‍රභාකරන් බදාගෙන ගිනිතියා ගන්නවා කියලා කිසි කෙනෙක් කිවුවේ නැහැනේ (නි)
මේක කරන්න පුළුවන් දෙයක්ද? (නි)
ඔහොම ගියාම සුළු වතු තිබෙන අයට ඒ අයගේ තේ වතු වල වැඩකර ගන්න කීයක් ගෙවන්න ඕනෑද? ඔබතුමා ගිනි තියාගන්න අපේ අයට ප්‍රශ්න ඇති නොකර. ඕවා කලින් හිතන්න තිබුණා. (නි)
කෝ මේ පොලිසිය, මෙයාව අත්අඩංගුවට අරන් නඩු දාන්නේ නැද්ද සියදිවි හනිකරගැනීමට තැත්කිරීම යටතේ ? (අ)
තව අය හවුල් කරනොගෙන ඔය වැඩේ කරගත්තොත් නරකද? (නි)
අන්න එහෙම තමයි ඉන්න ඕනෑ (නි)
එහෙනම් ගිනි තියාගන්නකෝ ඉක්මනට (නි)
අන්න කරනවා නම් නියම වැඩේ. (නි)
ඔබ තියාගන්න යන ගින්නෙන්, ඔබේ පවුලේ කුසගින්න, කම්කරුවාගේ කුසගින්නට වඩා වැඩිවෙයිද? (නි)
බොහොම නිර්භීත ප්‍රකාශයක්නේ (නි)
ඔක්කොම මන්ත්‍රීලා, මැති ඇමතිවරු කට්ටියම එකතුවෙලා ඔය වැඩේට සහයෝගය දුන්නොත් නරකද? (නි)
ඔබතුමා ගිනිතියාගෙන බදාගන්නවා කිවුවේ කාවද එතකොට? (නි)
මේ රටේ මාසික වියදම 2500නේ. ඇයි දන්නේ නැද්ද? මතක නැද්ද? අහන්නකො බන්දුල මහතාගෙන් (නි)
අනේ ඉතින් පුළුවන් නම් ගිනි තියාගන්නකො (නි)
ඔබතුමාට ජයවේවා! (නි)