වතු සේවකයන් වෙනුවෙන් සෙනසුරාදාට (19) පෙර වතු සේවක පඩි වැඩිකිරීමේදී සාමූහික ගිවිසුම අත්සන් නොකළහොත් එම ගිවිසුම අත්සන් කළයුතු හාම්පුතුන්ද බදාගෙන ගිනි තබාගන්නා බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා පාර්ලිමෙන්තුවේදී අද (18) ප්‍රකාශ කළේය.
දැනට දිනකට ගෙවන රුපියල් 620, රුපියල් 1000 දක්වා වැඩි කරන ලෙස ආරමුගම් තොණ්ඩමන් මහතාගේ වතුකම්කරු සංගමය,ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු සංගම් කාලයක් තිස්සේ ඉල්ලයි.
තේ කර්මාන්තයේ විවිධ අර්බුද නිසා වැටුප් වැඩි කිරීම හාම්පුත්තු කියති.
මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට හයක් පැවතියද අද වනතුරු වැටුප් වැඩිකිරීම ගැන තීරණයක් ගෙන නැත
2025 දෙසැම්බර් මස 18
527
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
269
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1068
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාප මන්ත්‍රී ගිනි තියාගන්නා බව කියයි
නිර්මාල් Friday, 18 December 2015 09:22 PM
කරන නොකරන එක පසුවට බලමු. මෙහෙම දෙයක් කියපු එකත් වටිනවා (නි)
වසන්ජය Friday, 18 December 2015 09:56 PM
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප 1000ක් කිරීම සාධාරනය. මේ ප්‍රශ්නය දෙස ජාතිවාදීව නොබලන්න (නි)
ඩිල්ෂාන් Saturday, 19 December 2015 02:00 PM
අනේ ගිනි තියාගන්න! (නි)
අබය Saturday, 19 December 2015 12:30 AM
ඔබතුමා වැනි වීරයෙකු පහළවන්නේ කලාතුරකිනි. ඔබගේ නාමය ඉතිහාසගතවීම සඳහාත් රටේ අනාගතයේ යහපත සඳහාත් ඉතා ඉක්මනින්ම ඔබේ පැතුම ඉටුවේවා! (නි)
ගමගේ Saturday, 19 December 2015 01:31 AM
පක්ෂයේ ඊළඟට මනාපගත් කෙනා බලාපොරොත්තු ඇතිකර ගනිවී. (නි)
ටිකිරි Saturday, 19 December 2015 03:09 AM
ජනතා නියෝජිතයින් හැටියට පෙනීසිටිමින් මොවුන් මේ ප්‍රදර්ශනය කරන්නේ තමන් නියෝජනය කරන ජනතාවගේ බුද්ධියේ තරමයි. (නි)
ශාන සෞදි Saturday, 19 December 2015 05:43 AM
කරුණාකර මෙතුමාට මීට අවශ්‍ය පහසුකම් සපයන්න (නි)
බමුණු ආරච්චි Saturday, 19 December 2015 06:04 AM
අනේ! පුලුවන් නම් පඩි වැඩිකිරීමේ සාමූහික ගිවිසුම අත්සන් කිරීම ටික දවසකට හරි කල්දාන්නකෝ. (නි)
ලලිත් Friday, 18 December 2015 12:20 PM
මිනීමැරීම, මිනීමැරීමට තැත්කිරීම හෝ මරණ බවට තර්ජනය කිරීම ලංකාවේ නීතිය අනුව වරදක් නොවෙයිද? (නි)
නිහාල් Friday, 18 December 2015 01:02 PM
ඒ කාලේ මිනීමරු ප්‍රභාකරන් බදාගෙන ගිනිතියා ගන්නවා කියලා කිසි කෙනෙක් කිවුවේ නැහැනේ (නි)
බුද්ධි Friday, 18 December 2015 01:50 PM
මේක කරන්න පුළුවන් දෙයක්ද? (නි)
සුමිත්‍ර බස්නායක Friday, 18 December 2015 01:57 PM
ඔහොම ගියාම සුළු වතු තිබෙන අයට ඒ අයගේ තේ වතු වල වැඩකර ගන්න කීයක් ගෙවන්න ඕනෑද? ඔබතුමා ගිනි තියාගන්න අපේ අයට ප්‍රශ්න ඇති නොකර. ඕවා කලින් හිතන්න තිබුණා. (නි)
ඉන්දික Saturday, 19 December 2015 08:19 AM
කෝ මේ පොලිසිය, මෙයාව අත්අඩංගුවට අරන් නඩු දාන්නේ නැද්ද සියදිවි හනිකරගැනීමට තැත්කිරීම යටතේ ? (අ)
මහින්ද Friday, 18 December 2015 02:10 PM
තව අය හවුල් කරනොගෙන ඔය වැඩේ කරගත්තොත් නරකද? (නි)
ටිරෝන් Friday, 18 December 2015 02:31 PM
අන්න එහෙම තමයි ඉන්න ඕනෑ (නි)
ඇසළ Friday, 18 December 2015 02:31 PM
එහෙනම් ගිනි තියාගන්නකෝ ඉක්මනට (නි)
ශානිකා Friday, 18 December 2015 03:34 PM
අන්න කරනවා නම් නියම වැඩේ. (නි)
ගුණසිරි Friday, 18 December 2015 03:36 PM
ඔබ තියාගන්න යන ගින්නෙන්, ඔබේ පවුලේ කුසගින්න, කම්කරුවාගේ කුසගින්නට වඩා වැඩිවෙයිද? (නි)
සුපුන් Friday, 18 December 2015 03:48 PM
බොහොම නිර්භීත ප්‍රකාශයක්නේ (නි)
සොපී Friday, 18 December 2015 04:01 PM
ඔක්කොම මන්ත්‍රීලා, මැති ඇමතිවරු කට්ටියම එකතුවෙලා ඔය වැඩේට සහයෝගය දුන්නොත් නරකද? (නි)
මුණසිංහ Saturday, 19 December 2015 11:27 AM
ඔබතුමා ගිනිතියාගෙන බදාගන්නවා කිවුවේ කාවද එතකොට? (නි)
ගොඩගේ Friday, 18 December 2015 04:30 PM
මේ රටේ මාසික වියදම 2500නේ. ඇයි දන්නේ නැද්ද? මතක නැද්ද? අහන්නකො බන්දුල මහතාගෙන් (නි)
ප්‍රියාන් Friday, 18 December 2015 04:40 PM
අනේ ඉතින් පුළුවන් නම් ගිනි තියාගන්නකො (නි)
ගමගේ Friday, 18 December 2015 05:26 PM
ඔබතුමාට ජයවේවා! (නි)