බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මැයි 25 වැනි දින ඉතාලියේ රෝම නගරයේදී එජාප ආධාරකරුවන් හමුවීමට නියමිතය.
ඉතාලියේ එජාප ශාඛා සමිති සවිමත් කිරීම , ඉදිරි මැතිවරණ වලට පක්ෂයේ සුදානම, ලංකාවේ ආර්ථික ,සාමාජිය ගැටලු හා බලපෑම්වලට ජාත්‍යන්තරය මුහුණ දෙන ආකාරය පිළිබඳ ඔහු කතා කිරීමට යන බව රෝම ශාඛා සමිතියේ සභාපතිනි ඉන්දිරා ජයන්තිමාලා මහත්මිය කියන්නීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දන පනාගොඩ, "ඉතාලි ලාංකිකයන්ගේ මුල්‍ය ශක්තිය " කියන්නේ මොකක්ද? මට තේරෙන්නේ නැති නිසයි මේ අහන්නේ (නි)
සුදුසුකම් වලට පත්වීම් නො දුන්න යුගයක් තිබුණා. ... සුනිල්ගෙන් ලියුමක් ගෙනිච්චොත් පත්වීමක් ගන්න පුළුවන් බව එදා කවුරුත් දැනගෙන හිටියා. ඒ අය තමයි අද ආයතන විනාශ කරලා තියෙන්නේ. මේ ආණ්ඩුව නම් මමත් දන්නා තරමින් හැකිතාක් දුරට සුදුසුකම් වලට තමයි රස්සාවල් දෙන්නේ. සුදුසුකම් නැතිව රස්සා ඉල්ලපු අය කියක් හරි හොයාගන්න රට යනවා. එහෙම ගිහිල්ල රටට බනින එක තමා ඉවසන්න බැරි. (අ)
හොඳ ඉදිරි පියවරක් (නි)
ලංකා තිලක් මහත්තයෝ අපි මේ රටට ඇවිත් සිටින ප්‍රදානම කාරණය රැකියා කිරීමටයි. අපේ සුදුසුකම් වලට ගැලපෙන රැකියා අපිට ලැබුන නම් අපි රට එන්න අවශ්‍ය නැහැ .දේශපාලනය යනු කුමන තැනක හිටියත් කල හැකි ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. එ.ජා.ප .යේ මෙන්ම ආණ්ඩුවේද අනෙකුත් දේශසපාලන පක්ෂ වලද නියෝජිතයින් පිටරට වලට පැමිණ සංවිදාන කටයුතු කරනවා. පසුගිය සතියේ ආණ්ඩුවේ මන්ත්‍රීවරු පිරිසක්ද ඉතාලියට පැමිණියා. මා නම් එය සුබවාදීවයි දකින්නේ. හරීන් ප්‍රනාන්දු මහතාටත් රෝමයේ සබාපතිනිය ඉන්දිරා මහත්මිය ඇතුළු සැමටත් අපි සුබ පතනවා (නදී)
එහෙම තමයි පෙරට යන්න බලාපොරොත්තු වෙන අය (නි)
ඇතුගල මහත්මය, ඔබ හරි, එදා ගෝනවල සුනිල්ගේ ලියුමටත් රක්ෂා, කොන්ත්‍රාත්, මාරුවීම් ලැබුණා. එහෙම කරපු වැරදිවල ප්‍රතිපල තමයි අදත් එම පක්ෂය භුක්ති විඳින්නේ. මේ ආණ්ඩුවේත් සමහර රක්ෂා දෙන්නේ ලිස්ට් එකට , එහෙම දීපු තැනුත් මම දන්නවා. ඒකයි මම කියන්නේ ඒගොල්ලන් කරපු වැරදි මේ ගොල්ලනුත් කලොත් අනාගතේ මේ ගොල්ලටත් අද අර ගොල්ලන්ට වෙලා තියෙන දේ ම සිද්ධ වේවි කියල. (ස)
අනේ මන් වැරද්දක් කිව්වේ නැහැ ලෙස්ලි මහත්තයෝ....මම ඇහුවේ ඔබ තුමා මේ විශ්වාස බංගය ගැන දාල තිබුණු මංජුගේ ප්‍රතිචාර අගය කරලා තිබුණු විදියට ඍජුවම දේශපාලනයට සම්බන්ධ ඔබ තුමා මොකද මේ පිටරටවල් වලට වෙලා කරන්නේ කියල.ඕව ඇත ඇරලා එන්න..අපිත් එක්ක මේ දුෂිත ආණ්ඩුව පලවා හැරලා මේ රට කිරියෙන් පැණියෙන් නාවන්න පුලුවන් මත් කුඩු මත ද්‍රව්‍ය නැති දුෂණ වංචා කොමිස් නැති දුෂිත මැරවර දෙසපලුවෝ නැති හතර පෝයට සිල්ගන්න දෙසපලකයෝ ඇති පක්ෂ විපක්ෂ ඔක්කොටම එක හැන්දෙන් බෙදන තරුණ ප්‍රශ්න ගැන සානුකම්පිතව බලන මිනිස්සුන්ගේ පඩි වැඩි කරන ජිවන වියදම අඩු කරන කොටින්ම ස්වර්ග රාජ්ජයක් මේ රටේ බිහිකරන එක්සත් ජාතික පක්ෂ රජයක් බිහි කරන්න අඩිතාලම දාන්න .(අ0
ලියනගේ මහතාට. ඔබ කියන දේ හරි තමයි. නමුත් ඔබ දන්නවාද මේ රජයේ ප්‍රබල ඇමතිවරුන් දෙපොළක් තනතුරු භාර ගත පසු පැවැත්වූ පළමු හමුවේදීම කියා තිබුණා "පුද්ගලික ඉල්ලීම් මා වෙත ගෙන එන්න එපා. මාව මෙතනට පත් කරගත්තේ පොදු අපේක්ෂාවන් ඉටු කරගන්නයි. රස්සාවල් ඉල්ලගෙන එන්න එපා. ළමයි ඉස්කෝලෙට දාගන්න ඉල්ලන්නට එපා...." ආදී වශයෙන් කිවා. අදත් ඒ දේ ඒ විදිහටම සිදුවෙනවා. මෙහෙම අයත් මේ රජයේ ඉන්න බව මතක් කර ගන්න. පොඩි පොඩි වැරදි තිබුනත්, මම මේ රජයට තවමත් කැමති ඒකයි. (අ)
ඌවේ මහා ඇමති කමට තරග කරන බව දැනුම් දෙන්ඩ ගියාද (අ)
මම දන්නා තරමට ලංකාවේ මෑත කාලයේදී සුදුසුකම් තිබෙන සියල්ලන්ටම ඒ සුදුසුකම් අනුව සුදුසු රැකියා ලබා දුන්නේ මේ ආණ්ඩුවයි. සුදුසුකම් නැතුවත් ලොකු තනතුරුවලට තමන්ගේ එවුන් පත් කරපු ආණ්ඩුත් තිබුනා. ඕන්න දැන් ඒ කට්ටිය හොයා හොයා ලිස්ට් හදනවා. මම දන්නා තැන කීපයක් තියෙනවා. ඒවායේ නම් කියන්ට අවශ්‍ය නැහැ. සමහරු අඩු සුදුසුකම් තියාගෙන, මගේ අයිය අහවලා ආදී වශයෙන් නෑදෑකම් කියලත් රස්සාවල් ඉල්ලලා නොදුන්නම රට පැනල ආණ්ඩුවට බනිනවා කියලත් මම අහල තියෙනවා. (අ)
තමන් උපන් රටේ පක්ෂය සංවිධාන කරගන්න බැරි මිනිස්සු මේ පිටරටවල ඉන්න අතලොස්සක් හමුවෙලා කරන්න යන්නේ මොකක්ද.? යුඑන්පි ආණ්ඩුවක් ආවම විදේශ ඇමතිකම ගන්නවත් හීන දකිනවද දන්නේ නැහැ. එත් ඉතින් ඒකත් හීනයක්ම තමයි. (ස)
ගරු හරින් මැතිතුමාව සාදරයෙන් පිලිගන්නවා. ඔබ තුමා අවංක දක්ෂයෙක්. ගරු මන්ත්‍රි තුමනි අපි යුරෝපයේ සිටින සියලුම එ.ජා.ප.යේ සාමාජිකයන් එකතුවි ඔබ තුමාගේ නයකත්වයෙන් අපි පදනමක් හදමු. එ මගින් විපක්ෂයේ අපිටත් දුප්පත් අයට උදව් කරන්න පුලුවන් (නදී)
ඡන්දෙට සල්ලි හොයනවා වාගේ. කමක් නැහැ ඒත් රට ගැන කාටවත් ගතු කියන්න එහෙම එපා. මොකද රට අපේ.(නදී) .
ඔබගේ සියළු කටයුතු සාර්ථක වේවා කියලා පතනවා! (නි)
දැන් මීළඟ චන්දෙ තියෙන්නේ ඌවෙද? රෝමේද? (ස)
හරින් බදුල්ලේ මොනාද කලේ කියලා අපි දන්නවා. (ස)
ඉතාලි ශ්‍රී ලාංකිකයන්ගේ මුල්‍ය ශක්තිය නිසා දේශපාලකයන් විශාල පිරිසක් ඉතාලියේ නිතර ගැවසෙනවා. කැලණිය පැත්තේ කෙනාට නම් ඉතාලිය, ලංකාව තරමටම පුරුදුයි. (නදී)
ඌව එක්කෙනෙක්ම තමයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාත්‍යන්තර ශාකා ලෝකයේ හැම රටකම පිහිටුවලා ශක්තිමත් කළේ. (නි)
එක්සත් ජාතික පක්ෂ ඉතාලි රෝම ශාඛා සමිතියේ ගරු සභාපතිනි ඉන්දිරා ජයන්තිමාලා මහත්මියණි ඔබතුමියගේ මේ ව්‍යායාමයට එක්සත් ජාතික පක්ෂ යුරෝපා රටවල සංවිධානයේ පැරිස් ශාඛාවේ සභාපති වරයා හැටියට මගේ උණුසුම් සුභ පැතුම්. ජයවේවා, ජයවේවා, ජයවේවා !!! (අ)
නන්දන පනාගොඩ,ඔබේ ප්‍රකාශයෙන් පැහැදිලි වන දෙය නම් ලෝකය ගැන සහ ලෝකයේ විසිරි සිටින අනෙකුත් ශ්‍රී ලාංකිකයන්ගේ තත්ත්වය ගැන ඔබ මොකුත්ම නොදන්නා කෙනෙක් බවයි. (නි)
හරීන් , ඔබට ජයෙන් ජය! (නි)
"මංජු අපේ රටේ සියලුම ඡන්දදායකයින් ඔබ වැනි බුද්දිමත් අය වූවානම් අද අපේ රටට මේ ඉරණම අත්වෙන්නේ නැහැ. මෙහි අදහස් ලියා ඇති බහුතරය මේ පුවත තේරුම් අරන් තිබෙන විලාශයෙන්ම අපිට හිතාගන්න පුළුවනි කොහොම පාලකයින්ද අපේ රටේ බිහිවෙන්නේ කියලා. අපේ ලෙස්ලි ලෝච් මහත්තයා ඉතාලියේ එක්සත් ජාතික පකෂයට සම්බන්ද සංගමයක නිල තල දරන්නෙක් නේද? ඉතින් ඔබ වැනි බුද්ධිමත් පුද්ගලයින් ඔය රටවල් වලට වෙලා මේ හරින් මහත්තයාගේ දේශනා අහ අහ ඉදල මොනවා කරන්නද? මෙහෙට ඇවිත් සටන් වැදිලා තමන්ට ඕන පාලකයින් බිහි කරගන්න උත්සහ ගන්න. (නදී)
අපෝ මෙහෙටත් අාවද? (ස)
මේ ආණ්ඩුව සුදුසුකම් වලට රස්සා දුන්නනම් දුන්නේ කරුණා ,පිල්ලෙයාන්, KP ට විතරයි. (ස)
ලංකා තිලක්, ඔයා ලෙස්ලි ගැන දන්නේ ඔය ටික පමණද? (නි)
බොහොම හොඳයි. (නි)
මේ ආණ්ඩුව සුදුසු කම්වලට රස්සා දුන්න කියන්නේ හරියට දැනගෙනමද? අඩුම ගණනේ තමන්ගේ ඇමති මණ්ඩලයටවත් සුදුස්සන් පත් කරගෙන නැහැ. රටේ මුදල් මෙහෙයවන ලොකුම තැන ඉන්නේ දුෂණ ක්‍රියා නිසා ඉවත් කරපු අය. (ස)