උපක‍්‍රමශීලී ලෙස ජනමනසට ඇතුළු වීමට උපක‍්‍රම භාවිතා කරමින් එක්සත් ජාතික පෙරමුණේ මැතිවරණ ප‍්‍රකාශය ඉදිරිපත් කර ඇතත් එහි අභ්‍යන්තරයේ කිසිදු හරයක් හෝ ජනමනසට සමීප වීමට හැකි දෙයක් නැතැයි ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
අවුරුදු පහක වැඩපිළිවෙල මාස 60ක වැඩපිළිවෙල ලෙස දැක්වීමෙන්ම ජනතාව රැුවටීමේ අරමුණක් ඔවුන් තුළ ඇති බව කී වාසුදේව නානායක්කාර මහතා වත්මන් රජයේ මෙවැනි දේ වලට පිළිතුරු ජනතාව විසින් ලබන 17 වැනිදා මැතිවරණයේ දී ලබාදෙනු ඇතැයි ද සදහන් කළේය.
එක්සත් ජාතික පක්‍ෂය රටට දෙන පොරොන්දු මැනිය යුත්තේ ඔවුන්ගේ ඉතිහාසය ගැන ද සිතා බලා යැයි කී නානායක්කාර මහතා රනිල් වික‍්‍රමසිංහ මහතා යනු කවුරුන්දැයි රටම දන්නා නිසා ඔහුට මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය ක‍්‍රියාවට නැංවීමේ වරමක් ජනතාව ලබානොදෙන බව ද කියා සිටියේය.
නානායක්කාර මහතා මේ බව පැවසුවේ කොළඹ 07, ශ්‍රීමත් මාකස් ප‍්‍රනාන්දු මාවතේ පිහිටි විපක්‍ෂනායක කාර්යාලයේ දී අද (24) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, මහාචාර්ය රජීව විජේසිංහ යන මහත්වරුන් සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රිනී සමන්මලී සකලසූරිය මෙනෙවිය ද මෙහි දී අදහස් දැක්වූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රනිල් මොනා හරි රටට දවස් 100 ක් කළා. ඔයා මොනාද කරේ මහින්දට කඩේ ගියා ඇරෙන්න (නදී)
බළල පිදුරු කන්නෙත් නෑ කන ගොනාට දෙන්නෙත් නෑ කටවහෙගෙන හිටු වටක්කා (නදී)
මේ මොනවා දොඩවනවාද කියලා අපිට පුදුම හිතෙනවා. අවුරුදු 40 විතර පාර්ලිමේන්තුවේ හිටියත් මේ අය කළ දෙයක් තිබෙනවාද රටට. (නි)
දේශපාලන සරණාගතයින්ගේ ප්‍රකාස ගනන් නොගන්න. (නදී)
වයසට ගියහම ඔහොම තමයි (නදී)
පරිණත යැයි කියා සිතාසිටින මේ වගේ දේශපාලඥයින් කියන මේ පදනම් විරහිත කතා මොනවාද? (නි)
දැන් ඔයාලගේ ප්‍රතිපත්ති එතකොට ඇත්ත ඒවද? (නි)
ඔබ තුමා රටට කළ සේවය ගැන ටිකක් කියන්ඩකෝ. අපිත් දැන ගන්න ආසයි (ම)
මුගේ රැවුල පැහිල තියෙන්නේ බොරු කියල වැඩිවෙලා ජිවිත කාලයම බොරුවට කෑ ගගහ හිටියා මිස කවදාවත් රටට සේවයක් නොකළ එකම දේශපාලකඥයෙක් (ම)
ජනතාවට හොඳක් වෙන්න ජේවීපී නියෝජනය වැඩිකරමු. (නි)
ඒක ඉතින් මිනිස්සු තීරණය කරයිනේ! (නි)
කට ඇරියොත් ඔබ විතරක් නොවෙයි ඔබ සිටින පැත්තම මස්ත බාල්දු වෙනවා (නදී)
ඔබතුමාද මේ අපිට ප්‍රතිපත්ති ගැන කියලා දෙන්න එන්නේ? (නි)
මේ මොනවා කියනවද කියලා අපිට නම් තේරෙන්නේ නැහැ. (නි)
පළමුව ප්‍රසිද්ධියේ අසභ්‍ය වචනය කියන දේ තමන්ගේ තත්වයට නොහොබිනා බව ඉගෙනගන්න. ඉන්පසු අනුන්ගේ ප්‍රතිපත්තිය විවේචනය කරන්න. (නි)
ජනතාව අවදියෙන්. ඕවා පරණ සිංදු! (නි)
පරාජය කරමු. (ස)
නියම හතරදෙනා (නදී)
ප්රතිපත්ති ප්‍රකාශය හරිද වැරදිද කියල මහජනතාව තීරණය කරයි. ඔබ තුමාලා කලබලවෙන්න එපා. සත්‍ය කෙසේ වෙතත් ඔබ තුමාලා තමාගේ නියාය පත්‍රය අනුව සුපුරුදු විදියට කඩේ යන්න.(නදී)
මෙතුමා නේද පාර්ලිමේන්තුවේදී පල්ලෙහා කඩේ යාලුවා ගැන විග්‍රහ කරන්න ගිහින් මුළු රටම හිනැස්සුවේ.? (නදී)
දැනට ඉදිරිපත් වී ඇති එක්සත් ජාතික පක්ෂයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් අධ්‍යනය කලා. මම දකින විදිහට එක්සත් ජාතික පක්ෂය ලබාදී ඇත්තේ මහා ජනතාව මිරිකෙන ප්‍රශ්නවල විසදුම් ලෙස පැලැස්තර දැමීමක්. එනම් කෙටි කාලින විසදුම්. එහෙත් ජනතා විමුක්ති පෙරමුණ හැම ප්‍රශ්නයකම ප්‍රශ්න නිදානය සොයාගෙන එනම් ප්‍රශ්නය මුලාරම්බයට විසදුම් දී ඇත. එනම් දිගුකාලීන විසදුම් , ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට මගේ ඡන්දය ඔවුන්ට මම මෙවර ලබා දෙමි. (නදී)
1977 එ.ජා.ප. ය බලය ලබා ගත්තේ සෑම කෙනෙකුටම ධාන්‍ය රාත්තල් 8 බැගින් නොමිලේ දෙන බවට ජනතාවට පොරොන්දු වෙලා. වසර 17ක් බලයේ සිටියා උනත් මේ වන තෙක් එය ඉටු නොකළ බව මතක් කරනු කැමැත්තෙමි. (නදී)
ඔබතුමාට කොහොමහරි දඟලලා යාන්තම් ඔලුව දාගන්න ඉඩක් ලැබුනානේ, ඉතින් එතෙකින් සෑහීමට පත්වෙලා තමන් කරපු දේවල් ගැන කියලා ජනතා ප්‍රසාදයට පත්වුනොත් නේද හොඳ? (අ)
ජිවිත කාලයම බොරුවට කෑ ගගහ හිටියා මිස කවදාවත් රටට සේවයක් නොකළ එකම පුද්ගලයා සහ පර උන වට්ටක්කා ගෙඩිය. (නදී)
ඇත්තටම මේඅයට පුද්ගලිකවම වැටහෙන්නේ නැද්ද,දැන් අපි කල්ඉකුත්වු භාණාඩ වාගේ කියලා.(අ)
හොඳ ජෝඩුව ඉන්නේ. එක්කෙනෙක් රෙදි ගලවන එක සාදාරන කරණය ගැන කියන්න හැදුව. (අ)
ප්රතිපත්ති ප්‍රකාශනයක් යනු මැතිවරණය ගොඩ දාගැනීමට යොදාගන්නා කඩදාසි කැබැල්ලක් පමණි (නදී)
ලොකු රැවුලක් වවා ගත්ත පමණින් සමාජ වාදියෙක් වෙන්නේ නැහැ. (නදී)
වාසුදේව කියන්නේ හරි දේ වැරදි දේ දන්නේ නැතිව වයසට ගිය කෙනෙක්. එ්කයි පාර්ලිමේන්තුවේ කුණුහරුපෙන් කෑගැහුවේ. ඒ වගේ මිනිහෙක් ගුණවත් මිනිස්සු සහ ගුණවත් වැඩ පිළිවෙලක් කියන්නේ මොකක්ද දන්නෙත් නෑ. (නදී)
තමුන් ගැන කිව්වොත් (බ)
ඔබතුමාට හොද නරක ගැන තේරුමක් තියෙනවානම් පාර්ලිමේන්තුවේ ඉස්කෝලේ ළමයි ඉස්සරහා කුණුහරුප කියයිද මහත්තයෝ (ම)
එයාලගේ ප්‍රතිපත්තිය ඉතින් හැමදාම අධිරාජ්‍යවාදින්ට බොරුවට බනින එකනේ (නි)
මම වාසුදේව මන්ත්‍රීතුමාගෙන් අහන්න කැමතියි. ඔබතුමා යූඑන්පී එකට දොස් කියා කියා ඉන්නවා මිසක් බලය තිබිලත් ඔබගේ ආසනය වන ඇහැලියගොඩ දියුණුවට මොනවද කලේ කියල . අඩුතරමේ මහජන වැසිකිලියක් හෝ බස් හෝල්ට් එකක් වත් ඔබ තුමා හදලා දුන්නද ? ඇහැලියගොඩ ජනතාවගෙන් මම ඉල්ලන්නේ මෙවැනි අයට ඡන්දෙ දෙන්න එපා. වැඩක් කරන කෙනෙකු පත් කර ගන්න. එයාලා අාසනේට එන්නෙත් ජන්ද කාලෙට විතරයි. ආසනය හැමදාම අඳුරේ. ඒ ප්‍රදේශයේ කෙනෙක් පත් කරගන්න. (ස)
වට්ටක්කා තවත් ලාභ වෙයි වගේ(ම)
එකේ ඇති කෙහෙම්මලක් නැහැ. (අ)
අනේ වාසු නොදිටි මොක් පුර.(නදී)
පරම කල්‍යාණ යාළුවා (නදී)
වාසුදේව නානායක්කාර, තණකොල කෑවම ඔහොම තමයි. (නදී)
අපිට නම් එහෙම දෙයක් පේන්නේ නැහැ (නි)
හරියට ඇත්ත කියන කෙනෙක් කීවා නම් කමක් නැහැ. (ම)
හැබැයි ඒකේ කුණුහරුප නම් නැහැ සහෝදරයා (නි)
ජිවිත කාලයම බොරුවට කෑ ගගහ හිටියා මිස කවදාවත් රටට සේවයක් නොකළ එකම පුද්ගලයා (ම)
මෙයාලා කිසිම කෙනෙකුට කළ දෙයක් තිබෙනවද? (නි)
විජය පබ්ලිකේෂන් එතේ පුවත්පත්වල මාධ්‍ය නිදහස නැතිබව දාපු කමෙන්ට්වලින්ම පැහැදිලියි. විජේවර්ධන පවුලට රටේ බලය ලබාදෙන්න ලේක් හවුස් පත්තර හරහා කළ ව්‍යාපෘතිය දැන් විජය පුවත්පත් පටන් අරගෙන. ජනතාව මාධ්‍ය මගින් ගොනාට ඇන්දවීම හරි අපූරුයි. යූඇන්පිය හැමදාම කළේ පන්තිය සංවර්ධනය මිස රට සංවර්ධනය නොවෙයි. දින සීයෙදිත් ඒක පෙනුනා. පවුල් පාලනය ගැන කියන රනිල් විජේවර්ධන පවුලට රටේ බලය ලබා දීමේ සැලැස්ම ක්‍රියාත්මක කරමින් පවුල් පාලනයටම අර අඳිනවා (නදී)
ඔව්, එ්කේ මෙයාට පුරුදු කුණුහරුප නෑනේ. (නදී)
අනේ මේ වට්ටක්කා අාපහු කට ඇරලා නිකන් තියන ඡන්ද ටිකත් වාෂ්ප කරගන්න යනවා. මේ වගේ මෝඩයන්ගේ වචන වලට මිනිස්සු රැවටුන කාලේ අහවර වෙලා කියල තවම මේ අයට නොතේරන එක තමා අපේ රටේ කරුමය.(නදී)
හැමෝටම සාපේක්‍ෂව ගත්තම රනිල් කියන්නේ දක්ෂයෙක්. ඒ වගේම හොද මහත්මයෙක්. (නදී).
රනිල් ගැන කියන්න කලින් රැවුල ඉදෙනකම් දේශපාලනේ කරලා ඔබතුමා රටට කල එක දෙයක් කියන්ඩකෝ මහත්තයෝ. (නදී)
වාසුදේවට හරි ප්‍රත්තියක් තියේ නම් මහින්දගේ පස්සේ වැටිලා ඉන්ඩ ඕනද ?(නදී)
වාසු මහත්තයෝ 17 පිළිතුර දැන්ම පේනවා. එ්කනේ ගිරිය පුප්පගෙන කෑගහන්නේ. ඔයගොල්ලෝ අායෙත් නැගල තියෙන්නේ බාගෙට ගිලුන නැවකට. ගිලෙන්න යන මිනිස්සු පිදුරු ගහෙත් එල්ලෙනවනේ.(නදී)
මේ හොරු වෙනුවෙන් කහිනවට කීයක් ගෙවනවද? (නදී)
කල් ඉකුත් වෙලා දේශපාලන කුනුකූඩේට විසිවෙලා මෙයා දොඩවන දේවල් කවුද ගණන් ගන්නේ? (නදී)
රටක නමක් තියාගෙන හිටපු මනුස්සයෙක් රජෙකුට අවැදීමට ගොස් ගෙඩියක් වුණ හැටි (ම)