එක්සත් ජාතික පක්ෂයේ නව තනතුරු කිහිපයක් නවකයනට අද හිමිවිය. පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අලුත් මුහුණු රැසකටම පත්වීම් ලැබිණි.
එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සභාපති ලෙස අමාත්‍ය දයා ගමගේ මහතා පත් කැරිණි.
අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා ජාතික සේවක සංගමයේ සභාපති ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ජාතික යොවුන් පෙරමුණෞ සභාපති ලෙසද පත්වීම් ලදහ.
ලක් වනිතා පෙරමුණේ සභාපතිනිය වූයේ නියෝජ්‍ය ඇමැතිනී අනෝමා ගමගේ මහත්මියයි. එජාප ජාතික සංවිධායක ධූරය අහෝසි කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්ධික පතිරණ කියන්නේ මාතර වැඩිම මනාප. දක්ෂ තරුණයෙක් ඔහුට කරන දේ ගැන පාක්ෂිකයන් වන අපිට හරිම කනගාටුයි .. දුකයි ..ඒ නිසා අපි කලකිරී ඇත .......(බ)
පරණ බඩුවලට අලුත් ලේබල්. (ර)
දයාලාගේ යහපාලනයෙන් අම්පාරේ අපිට නම් කිසිම දයාවක් වෙලා නැහැ මහත්තයෝ..... කියන්න දේවල් ගොඩක් තිබුණත් අපි කට අරින්න බයයි...මහත්තයෝ..... ඉඟුරු දීලා මිරිස් ගත්ත මාධ්‍ය නිදහසක් මේ රටේ කියෙනවා. අනික ජනාධිපතිතුමා විවිචනය කරන්න පුළුවන් කිවුවට මේ මහත්තයාව කවුරුවත් විවිචෙනය කරන්න හිතන්නවත් එපා...(බ)
දැන් ඉතින් "අභ්‍යන්තර අරගල" ලස්සනට ආරම්භ වේවි..(හේ)
ඕව නිකන් බොරු වැඩ. (හේ)
අපි මෙතෙක් කල් එජාපය එක්ක අමනාපයෙන් හිටියේ දැන් නම් ඇහෙම නෑ.දැන් අමනාප නිදහස් පක්ෂය එක්ක .(හේ)
ලංකාදීපයට ස්තූතියි අපිව දැනුවත් කරනවාට (නි)
නවකයන්ට තැන දීම ඉතා හොදයි. (ර)
නන්ද දවාලේ හිනා දකිනවා . (ර)
ශ්‍රිලංකාවේ ප්‍රබලම ප්‍රජාත්‍රන්තවාදී පක්ෂයේ එකම පවුලේ සැමියාටත් බිරිඳටත් දෙදෙනාටම තනතුරු දීම අනුමත කරන්න බෑ (ම)
ඔලු ගෙඩියි, මුහුණු ටිකයි පොලිෂ් කෙරුවට ජනතාවට නම් ඕවලින් සිදුවෙන සෙතක් නැහැ. (ර)
තනතුරු වලට අදාළ විසය පථයට උපරිම බලය හා සම්පත් ලබාදිය යුතුයි .එවිට එම නිලය හොබවන්නන්ට ක්‍රියා කල හැක ඉක්මනින් ක්‍රියාත්මක කරන්න පළාත් පාලන මැතිවරණය අතලගයි පත්වීම් සතුටු විය හැක හැකියා නිරික්ෂනය ඉදිරියේ .... (ර)
තවත් පක්ෂය තුල දක්ෂ තරුණයෝ ඇත ඒ අයටත් සුදුසුකම් අනුව නිළතල ලබාදී බලය විමධ්‍ය ගතකොට ඉදිරියේ එන මැතිවරණයට සුදානම් වෙමු . (ර)
නව නිලදාරින්ට ජයවේවා ..! (ර)
නන්ද කියන දේ මමත් අනුමත කරනවා (නි)
වෙනසක් වුණ එක හොදයි.(හේ)