(අංජුල මහික වීරරත්න)

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සර සැමරුම නිමිත්තෙන් එජාප නායකයන්ගේ සහභාගිත්වයෙන් සර්ව ආගමික වතාවත් ආගමික සිද්ධස්ථාන කිහිපයක් මුල්කරගනිමින් අද(4) පැවැත්විණි.

කොල්ලුපිටිය වාලුකා රාමය,කොච්චිකඩේ ශිවම් කෝවිල ,කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය,කොළඹ දවටගහ පල්ලිය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මෙම ආගමික වතාවත් පැවැත්විණි.

එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන ,සභාපති වජිර අබේවර්ධන,ජාතික සංවිධායක සාගල රත්නායක ,මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර,උප නායක අකිල විරාජ් කාරියවසම්, ලක්වනිත සභාපතිනී ශාන්තිනී කෝන්ගහගේ මහත්ම මහත්මීහු ප්‍රමුඛ එජාප නායකයයෝ මෙම අවස්ථාවන්ට සහභාගී වූහ.

එක්සත් ජාතික පක්ෂය නායකයන් මුලින්ම කොල්ලුපිටිය වාලුකාරාමයට පැමිණ බෞද්ධ ආගමික වතාවත් සිදු කළහ.

වාලුකාරාමාධිපති කොළඹ දිසාව සහිත ඌව පළාතේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය මහරගම නන්ද නාහිමියන්ද විහාරාධිකාරී උඩවෙල කෝලිත හිමියන් ද එහිදී එජාප නායකයන්ට ආශිර්වාද කළහ.

එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය සැප්තැම්බර් 6 වෙනිදාට යෙදී ඇත.

(ඡායාරූප:- ළහිරු හර්ෂණ)