ඇමරිකාව හා එංගලන්තය ඇතුළු යුරෝපා රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි යැයි රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාස කරන නමුත් එවැනි කතා විශ්වාස කරමින් එක්සත් ජාතික පෙරමුණු රජයක් යළිත් බලයට පත් කළහොත් ග්‍රීසියට අත්වූ ඉරණමම ශ්‍රී ලංකාවටද අත් විය හැකි බව කෝප් කමිටු සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා ප්‍රගතිශීලි බැංකු පෙරමුණේ අද (7) නාරාහේන්පිට පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේවා පිළිගනියි කියලා හිතාගෙන ඇති (නි)
පසුගිය වසර 10 තුළ මෙරට තිබුනේ ගඩාෆි යුගයක්නේ. ඔබතුමා නින්දෙන් නැගිටලා ඇවිල්ලා වගේනේ කතාකරන්නේ. රනිල් මහත්තයා ආර්ථික සමාජීය සහ අධ්‍යාපනය යන සෑම අංශයකින්ම ඉදිරිය ගෙනියන්න සැලසුම්කරන මොහොතක ඔය යල්පැනගිය අදහස් රටේ බුද්ධිමත් ජනතාව අහන්නෙ නැහැ (නි)
ජනවාරි 8 ට පෙර තමයි ග්‍රීසිය තිබුණේ. දැන් හරි. ඔය දොයිය ගන්න ඩිව් බබෝ. (අ)
අනේ මුත්තේ ඔබතුම රට හදන්න යන්න ඕනේ නෑ. යන තැනක යන්න පිනක් දහමක් කර ගන්න. ඔබතුම නැතිවට අපිට ඕන තරම් මිනිස්සු ඉන්නවා .රට කරන්න. මහින්දට කඩේ යන්න එපා. ඔබතුමාගේ සමාජවාදය තියනවනේ (අ)
මහතයෝ, අන්න දැනට අවුරුදු 10 කට උඩදී ගාල්ලේ රෝහලක් හදන්න ජර්මනියෙන් දීපු රුපියල් කොටි 4200 කට බහිරවයෝ විදලා. එතකොට තිබෙන්න ඇත්තේ එජාප ආණ්ඩුවක් වෙන්න ඇති නේද? අනේ ඔය බොරු බේගල් අපට එපා (නි)
නිකම් බොරුවට කියවන්න එපා (නි)
ග්‍රීසිය නරක නැහැනේ ඉතින් (නි)
එජාපෙ දිනුවොත් ග්‍රීසියක් වෙයි. හැබැයි ඔහෙලගෙ නඩේ දිනුවොත් ඉතියෝපියාවක්, සෝමාලියාවක්, ලයිබීරියාවක්, දකුණු සුඩානයක් වෙයි. අපිට ඒ නිසා ග්‍රීසිය හොඳයි. (නි)
එතකොට ඔයා කියන්නේ මහින්දට දීල මේ රට ඉතියෝපියාවක් කරන්ඩ කියලද ? (අ)
අවුරුදු ගානක් මුළු රටම හොරා කාලා තවත් කන්නද හදන්නේ? (නි)
ආ එතකොට ජනවාරි 8 ට කලින් තිබුනේ ආලකමන්දාවක් වෙන්න ඇති එහෙනම්. (නදී)
ප්‍රමාද වෙලානේ නිවේදන එන්නේ? මේ අර කලින් ආණ්ඩුවේ කියන්න තිබ්බ එකක් නේද? (නදී)
අනේ මූත්තේ දැන් වත් ගෙදරට වෙලා විවේක ගන්නවද.... පව් නොදී..(නදී)
මෙතුමාගේ පරිණතබාවය ගැන පැහැදීමෙන් සිටි අපිට මෙවන් කතා ඇසෙද්දී දැනෙන්නේ බලවත් කණගාටුවක් (නි)
අනේ මෙහෙමත් කතා! (නි)
මෙලෝ රහක් නැහැ (නදී)
දැන් එතකොට ඔබතුමාගේ න්‍යාය වලට අනුව කවුද මේ වෙනකොට එන් එම් ලගේ වගේ සමාජ වාදී ලෙස ආර්ථිකය හසුරුවන කෙනා? (නදී)
එතකොට ග්‍රීසියේ ආයෝජනය කළේ මොන රජයද? (අ)
ඔය කියන අයගේත් අතීතයේ ඕනෑ තරම් කළු පැල්ලම් තියනවා හර්දය සාක්ෂිය ය විමසා බලන්න දේශපාලනයට සම්බන්ද බොහෝ අය සුදුචරිත නොවේ (අ)
ඒ කියන්නේ අපිට ග්‍රීසියේ පාස්පෝර්ට් ලැබෙනවා? (අ)
ගොඩක් අය කුහක කමින් ලියන අය මිසක් මොලේ ඇතුව ලියන අය නොවෙයි (අ)
ලංකාව ග්‍රීසිය වෙන්නේ මහින්දගේ ක්‍රමය අනුව වැඩ කළ හොත්. රජයේ සේවකයන් දැනට ලක්ෂ පහළොවක් බොරු වියදම් වගේ දේවල්වලින් වන්නේ ග්‍රීසිය නොවේ ඉතියෝපියාව (අ)
අනේ අපි නොදන්න බණ! 1977 සිට 1994 දක්වා හදන්න බැරිවුණ අයත්, 1994 සිට 2004 දක්වා මේ රට හදන්න බැරිවුණ කොළපාට නිල්පාට ආණ්ඩුත් ඉදිරි වසර පහේ කොහොම මේ රට හදන්නද? නොදන්න නිසා කියන්නේ. පරිසරයේ පාටට සමහරු කියන්නේ නිල්ල, සමහරු කියන්නේ හරිත. මේ දෙකම එකයි. හැදීමක් එදත් වුණේ නැහැ. හෙට වෙන්නෙත් නැහැ. මුලාවෙන් මිදී දෑස් හැර බලා තීරණ ගන්න. (නි)
කිසිම ඉවක් බවක් නැතුව ගත් විදේශ ණය වලට පොළිය ගෙවීමටවත් අපගේ ජාතික අදායම මදි රටක් නේද? මේවා කියන්න තිබුනේ ඔබ හිටිය ආණ්ඩුවේ අයටයි (නි)
අනේ මේ ගුණසේකර මහත්තයෝ, හොරාකන මිනිස්සු වැඩිවීමත්, වැඩකරන්න අකමැති මිනිස්සුත් නිසයි ග්‍රීසියට ඔහොම වුණේ. (නි)
අයියෝ! ඔය ලැජ්ජා නැති කතාව කියන්න එපා. මහින්ද එක මිනිහෙක් ලක්ෂ 4 ක් විදේශයන්ට ණයවෙන තරමට රට ණය කළා. ඔය ග්‍රීස් කතාව ඇහෙනකොට සන්ධානයට ඡන්ද දෙන්න හිටපු කෙනත් එජාපයට දෙනවා. ඒ හින්දා ඔය ග්‍රීස් කතාව ඇදලා ගන්නකොට සන්ධානයට හොඳටම පාඩුයි (නි)
මේ මහත්තයා කටින්ද කතා කරන්නේ? ඕක කියන්න තිබුනේ ජනවාරි අට වෙනිදට කලින් නේද? (නි)
මෙයා දැන් වෙන්න ඇති නින්දෙන් ඇහැරිලා තියෙන්නේ (නි)
ග්‍රීසියක් වෙනවා නම් හොඳයි, නීතියක් වගතුවක් නැති සෝමාලියාවක් වෙන්නේ නැතුව. (නි)
දැනට සිම්බාබ්වේ රට වගේ පහත වැටිලා තිබෙන ලංකාවට ග්‍රීසිය තරමට ඉහළ එන එක වරදක්ද? ග්‍රීසියේ බැඳුම්කර වලට බිලියන ගණනක් ආයෝජනය කළේ කාගේ පාලන කාලයේදීද කියලාත් කිව්වා නම්... (නි)
අනේ ග්‍රීසිය වෙනවා නම් කොච්චර හොඳද? එතකොට එහෙ යන්න හොරෙන් නැව් නඟින කොල්ලෝ ලංකාවේම නවතියි (නි)
ග්‍රීසියේ මුදල් ආයෝජනය කළේ ඔබතුමා සිටිය ආණ්ඩුවෙන්. කෝප් කමිටුවේ වාර්තා වලට මොනවාද ඔබ කළේ? (නි)
ග්‍රීසිය කියන්නේ කොච්චර ජනප්‍රිය රටක්ද? (නි)
තමන්ගේ වාසියට කඩේ යන අය දේශපාලනයෙන් අතුගා දැමිය යුතුයි. එයාලා රටට කරන්නේ අගතියක්. (නි)
මහින්දගේ ආර්ථික පිළිවෙතට තමා අපේ රට ග්‍රීසියක් වෙන්න තිබුනේ. මහින්ද ණය අරගෙන ඒවායේ පොලිය ගෙවන්න ණය ගත්ත කෙනෙක්. (අ)
ප්‍රතිපලය යු එන් පිය 98, සන්ධානය 87 ජේවීපිය 22, අනෙක් 18 වෙනවා. යු එන් පි 26ක් ටී එන් ඒ 2ක් සල්ලිවලට අරගෙන සන්දානය බලය ගන්නවා (නදී)
ඔබතුමා ජේෂ්ඨ දේශපාලන ක්‍රියාධරයෙක්. ගිය රජයේ තරම් මේ රජයේ නාස්තිකාර වියදම් පෙනෙන්න නැහැ දැනට. අලුත්ම අත්දැකීමක් නේ මේ තත්වය. හැම දේම නිවැරදි නැහැ. ප්‍රධාන පක්ෂ දෙකේ ජනපති හා අගමැති සහයෝගයෙන් අවුල් වියවුල් නැතිව ගමන යනවා. තර්කානුකුලව පැහැදිලි කලොත් එහෙම වෙන්නේ කොහොමද කියලා. (නදී)
මේ මහත්තයා ඇතුළු වාමාංසික දෙතුන් දෙනා මේ විධියට කොරහේ කිඹුල්ලු පෙන්න පෙන්න ඉන්න නිසා තමයි රට හැමදාම ආපස්සට යන්නේ. ජනතාව මේ කට්ටියට කැමති නැහැ. ජාතික ලැයිස්තුවෙන් කොහොම හරි රිංගා ගෙන මේ විධියට කැබිලිති උස්සන එක තමයි වැඩේ. ඔය බොරු මිත්‍යා දොඩවන්නේ නැතුව රටේ ප්‍රශ්න ගැන කතා කරන්න. ඒවාට විසදුම් හොයන්න. තමන්ගේ බලය වෙනුවෙන් විතරක් කතා නොකර රට සහ ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න. එහෙම උනොත් ඔබතුමාලගේ කෙසේ වෙතත් ඔබතුමාගේවත් උගත් කමින් යම් තරමක හෝ ප්‍රයෝජනයක් ජනතාව වෙනුවෙන් කැප කළා වෙනවා. (නදී)
බැංකු සේවක සංගම් වල ඉන්නේ බැංකුවේ කිසිම වැඩක් නොකර අයිස් ගහන කට්ටිය. . මේ ගොල්ලන් කියන දේවල් තඹ සතයකට ගන්න එපා ! (නදී)
අද ලංකාවේ නියම වමක් දැකිය හැක්කේ ජ.වී.පෙ පමණි. පසුගිය කාලයේ නොයෙකුත් තනතුරු, කොන්ත්‍රාත්, මුදල් වැනි දේ අල්ලස් වශයෙන් වමේ නායකයන්ට දී වම ක්‍රම ක්‍රමයෙන් පරිහානියට පත්වීමට සලස් වන ලදී. එදා සිටි රට පිළිගත් අද වාමාංශිකයන් පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන, මාධ්‍ය සාකච්ඡා වලදී බොරු බේගල් ඇද බාන රස්තියාදුකාර බේබද්දන්ගේ තත්වයට වැටි ඇත (නදී)
රට විනාශ කරමින් සිටින්නේ කවුරුන්ද යන බව බුද්ධිමතුන් දන්නවා. (නි)