එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුව අද නම් කරනු ලැබීය.
අතුරලියේ රතන හිමි
මලික් සමරවික්‍රම
කරු ජයසූරිය
ඩී. එම්. ස්වාමිනාදන්
ආචාර්ය ජයම්පති වික්‍රමරත්න
ජනාධිපති නීතීඥ තිලක් මාරපන
ආචාර්ය සී. ඒ. මාරසිංහ
එම්. කේ. ඩී. ඒ. එස්. ගුණවර්ධන
අනෝමා ගමගේ
සිරිනාල් ද මැල්
එම්. එච්. එම්. නවාවි
ඩී. එ්. එම්. එච්. එම්. සල්මන්
ආචාර්ය ඒ. ආර්. ඒ. හෆීස්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතුරලියේ රතන හාමුදුරුවනේ දෙන්ඩ වැඩේ. අපේ සුබපැතුම් ඔබ සියලු දෙනාට දැන් ලංකාව හදන්ඩ (ම)
නියමයි. ජයවේවා! (නි)
බලන්න. මේ ඔක්කොම බුද්ධිමතුන් (නි)
බුද්ධිමත් තේරීමක් (නි)
රටකට අවශ්‍ය පුද්ගලයින් මෙතන ඉන්නවා (නි)
රටකට අවශ්‍ය බුද්ධිමතුන්ගෙන් සැදුම්ලත් ලැයිස්තුවක් (නි)
කෝ රෝසි නැහැනේ? අයියෝ! (නි)
පරාජිතයන් පත්නොකළ එක නම් හොඳයි (නි)
නව යුග පෙරළියකට අඩිතාලම දමා යහපත් දේශයකට මඟ තනමු. ශ්‍රී ලංකා මාතාවට ජය වේවා!! (නි)
ඇත්තටම හොඳයි. ඔහොම තමයි වෙන්න ඕනෑ (නි)
එක් කෙනෙකුට හැර අනෙක් සියළුම දෙනාට මම කැමතියි (නි)
බලමු අපි අනෙක් පැත්තෙන් මොනවගේ ලැයිස්තුවක් දෙයිද කියලා? (නි)
හොඳ තේරීමක් (නි)
සිරිනාල ද මැල් මහතා බොහෝ කාලයක් තිස්සේ පක්ෂයට සේවය කළ කෙනෙක්. ඒ නිසා ඔහු සුදුසුයි.නමුත් එක ගෙදරින් දෙන්නෙකුටම ආසන දෙකක් ලැබීම අපිට ප්‍රශ්නයක් (නි)
ඉතාම හොඳයි (නි)
හරිම සතුටුයි. ඒකට අනෙක් පැත්තේ කට්ටිය? (නි)
පණ්ඩුක මොනවාද දන්නේ? මේ ඔක්කොම බුද්ධිමතුන් කියලා මැන්නේ කොහොමද? (නි)
බුධිමතුන් යනුවෙන් ඔබලා හදුන්වන්නේ පොතේ උගතුන් නම් ඔවුන් බොහෝ දෙනෙකු සමාජයේ බුධිමතුන් නොවන බව සලකන්න. රටක් පාලනය කිරීමට අවශ්‍ය සමාජයේ බුධිමතුන් මිස පොතේ බුද්ධිමතුන් නොවේ. (ම)
එක් කෙනෙක් ගැන තමයි මටත් ප්‍රහ්නයක් තියෙන්නේ (නි)
පාර්ලිමේන්තුවේ බුද්ධිමත්ව කටයුතු කළ හැකි පිරිසක්. (නි)
හරිම සතුටුයි (නි)
මෙන්න මේ ආදර්ශය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ගනියි කියලා ලෝකවාසි සියලු දෙනාම බලාපොරොත්තු වෙනවා (නි)
සමහර අය ගැනීම ගැන නම් දුකයි (නි)
බුද්ධිමතුන් දැනගන්න පුළුවන් ක්‍රියාවෙන්, වැඩ පටන්ගත්තට පස්සේ. (නි)
කිරිකලයට ගොම පිඩක් වැටුණා සේ යමක් සිදුවී ඇත (ම)
මම බලාපොරොත්තු වූ කෙනෙක් නැහැනේ (නි)
එක්කෙනෙක් තමයි එකම ප්‍රශ්නේ. (නි)
නුවරඑළියට සිදුවු අසාධාරණයට කාගේ පිහිටද? ජන අනුපාතය ගැනවත් හිතන්න බැරි ඇයි? (නි)
වසන්ජය, ඔයාට තියෙන්නේ ඊර්ෂ්‍යාව බව පැහැදිලිවම පෙනෙනවා. (නි)
සතුටු වියහැකි ලැයිස්තුවක්. ජයවේවා! (නි)
එක ගෙදරට දෙකක් නොදී ඒ අවස්ථාව කැපවීමෙන් වැඩ කළ හැකි කාන්තාවක් බව ඔප්පු කර ඇති රෝසි මහත්මියට දුන්නා නම් ඉතාම සුදුසුයි.(ම)
රෝසි සේනානායක මීට ඇතුළත් කළ යුතුව තිබුණා. ඇය පරාජ නැත. ඇය නිසා එජාපෙ එකට අාසන කිහිපයක් වැඩි වුණා (ම) u
රෝසි දැම්මා නම් හොඳයි කියලා මට හිතෙනවා. (නි)
ඔය උගත් කියන සමහර අයට හරියට සිංහල හෝඩිය හා චක්කරය කියන්න කියන්න. අපි නම් ඉතින් නුගත් අයනේ! (නි)
සමහරු කියනවා මේ ඔක්කොම බුද්ධිමතුන්ලු? මම ඒගොල්ලන්ගෙ බුද්ධිමත්කම ගැන නම් දන්නෙ නැහැ. නමුත් මට පුදුමයක් නැහැ ඔයාලා ඡන්දෙ දාන හැටි ගැන නම් (නි)
අපි කැමතියි මේ ලැයිස්තුවට (නි)
බුද්ධිමත් තේරීමක් (නි)
සිරිනාල් ද මැල් මහතාට අවසානයේ යුක්තිය ඉෂ්ටවෙලා තිබෙනවා. (නි)
හොද නියෝජනයක් .අගමැතිතුමාට සුබ පතමු ! (ම)
මැතිවරණ පරජිතයන්ගෙන් තොර විශිෂ්ටයන් කණ්ඩායමක් ......(ම)
බෞද්ධයෙකු ලෙස හාමුදුරුවරු දේශපාලනයට ඒම මම තරයේ ප්‍රතික්ෂේප කරමි (නි)
මෙම ජාතික ලැයිස්තුව පත්කිරීමේදී නායකතුමා අනුගමනය කළ නියාමනයන් හා ප්‍රතිපත්ති ඉතාම සාධනීය බව පැහැදිලිය. මෙම ක්‍රමවේදයන් අනිකුත් පක්ෂ විසින්ද ආදර්ශයට ගනු ලබත්වා. (බ)
කිව දේ හරියටම කරනබව අග්‍රාමාත්‍ය රනිල් මහත නැවතත් රටට පෙන්වීම පරිනත බවේ ලක්ෂණයක්. ජයවේවා.(නදී)
දැනුමේ හැටියට නියමයි! (නදී)
මම අසාද් සාලිව බලාපොරොත්තු වුණා (නි)
සුබ පැතුම් (ම)
සතුටුවෙන්න පුලුවන් අපිට (නි)
අනෝමා ගමගේ වගේ අය ආණ්ඩුවේ හිටියට වැඩක් කළාද නැද්ද කියලවත් නෑ, අවශ්‍ය තැනකට පක්ෂේ වෙනුවෙන් කතා කරන්නවත් නෑ, ඒ වගේ කෙනෙක් වෙනුවට රෝසි සේනානායක වගේ කෙනෙක් දැම්ම නම් නේද හොඳ? මනාප 65000කුත් තිබ්බානේ. ඇය පරාජිතයන් ගොඩට දාන එක වැරදියි මම හිතන්නේ. (අ)
සමහරු බුද්දීමතුන්ද කියල නම් සැකයි. (අ)
අනේ කරුණාකරල අනොමා ගමගේ මැඩමි ඔබට පුලුවන්නමි රෝසි සේනානායකට ඔබ වෙනුවට ආරාධනා කරන්න. ඇය පරාජ නැත. ඇය නිසා එජාපෙ එකට අාසන කිහිපයක් වැඩි වුණා එය ඔබට අත්තම පූජාවකි (අ)
පවුල් වෙනුවට විශිෂ්ට බුද්ධිමතෙක් ඇතුල් කළා නම් මොනතරම් අගේද? (ම)