මහනුවර දිස්ත්‍රික් එජාප මන්ත්‍රී හා හාරිස්පත්තුවේ ආසන සංවිධායක එම් එච් ඒ හලීම් මහතාගේ මහනුවර මාවිල්මඩ පක්ෂ කාර්යාලයයට කිසියම් පිරිසක් වෙඩි තබා ඇතැයි කටුගස්තොට පොලිසිය කියයි.
ඒ අවස්ථාවේ මන්ත්‍රීවරයා එහි සිට නැත.
සිද්ධිය ගැන අදහස් දැක්වූ හලීම් -
‘අපේ පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මහනුවර සංචාරය හාරිස්පත්තුවේ ජනතාව සමඟ උපරිම අයුරින් සංවිධානය කළා.
අපේ දේශපාලන ගමන අඩපන කිරීමේ අරමුණින් මේ බියගුළු ක්‍රියාව කරන්නට ඇති. ‘


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ඡන්ද ව්‍යාපාර මොකටද නිදහසේ මේවා පවත්වන්න නොහැකිනම්!(හේ)
පටන් ගත්තා පමණයි.(හේ)
මැර බලයට තැනක් නැහැ ඉදිරියත් එච්චරයි . (නදී)
මහනුවර ඉන්න අයගේත් වත්කම් ගැන හොයන්න වෙනවා. ඒ අය තමයි නැග එන රජයත් එක්ක වෙට්ටු දමන්නේ. (ස)
කොහොමත් මෙවර ජනාදිපති සටනින් එජාපයේ ජිවිත බොහෝ නැති වන්නට ඉඩ තියෙනවා , හැම දෙනාටම පෙනෙන කරුණු අනුව , මැර බලය රාජ්‍ය බලය , මුදල් බලය , තම අතට ගත් නිතිය ඔක්කොම පාවිච්චි කරාවි. (අ)
මෙහෙම නොකලොත් කොහොමද අනේ දිනන්නේ? (නදී)
නිදහස් චන්දයකදී මේවා වෙන්න බැහැ (දී)
පරාජය හමුවේ වියරු වැටී ඇත (ස)
ඡන්දය පටන්ගත්තා විතරයි කොතරම් ප්‍රචණ්ඩ ක්‍රියා සිද්ධ උනාද ? ඊට පස්සේ කියනවා,බටහිර රටවල් වල කුමන්ත්‍රණ, ජයාතියන්තර ඇගිලි ගැසීම් ගැන රටක ප්‍රජාතන්තරවාදය,මානව හිමිකම් ,නීතියේ ආධිපත්‍ය රක ගැනීමට එම රට පාලනය කරන ආණ්ඩුව අපෝසත් වූ විට ජයාතියන්තර අත පෙවීම් වලට මුහුණ දීමට එරට ජිවත් වන ජනතාවට සිදුවීම නියතකි. (ස)
ඒකාධිපති වියරුව (නදී)
මෙන්න ප්‍රජාතන්ත්‍රවාදය. පුලුවන්නම් පොලිසිය වරදකරුවන් අල්ල පෙන්නන. දුප්පත් මිනිහෙක් කෙසෙල් කනක් කැපුවොත් නම් අල්ලාගනී. පොලිසියට අපක්ෂපාතිව කටයුතු කරන්න බැහැ. (නදී)