මීගමුව මුදල් හුවමාරු කරන මධ්‍යස්ථානයකින් පසුගිය 17වැනි දා කෝටි එකහමාරක් කොල්ල කෑමේ සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් තරග කරන රොයිස් විජිත ප්‍රනාන්දු මීගමුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. මීගමුව නගර සභාවේ විපක්ෂ නායක ද වන මොහු එක්සත් ජාතික පක්ෂයෙ මීගමුව ආසනයේ ප්‍රධාන සංවිධායක බව දැනගන්නට ඇත. කොල්ල කෑ මුදලින් රුපියල් එක් ලක්ෂ අසූ පන්දහසක් සැකකරු සන්තකයේ තිබූ සොයාගත් බව පොලිසිය කියයි. පෙරදින අත්අඩංගුවට ගත් සැකකරුවකුගෙන් ලැබූණු තොරතුරක් මත මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නායකත්ව මණ්ඩලය මේ ගැන තීරණයක් දෙන්න(දිල්)
මොහු මෙම හොරකම සම්බන්දව දැනට සැක කරුවෙක් පමණි.. මොහු හිටපු එස්. ටි. එෆ්. නිලදාරියෙක් බවත් මොහුගේ අතීත ක්‍රියාකාරකම් යහපත් නොවන බව නම් කිවහැකි. මොහු වැරැද්දට හවුල්නම් පක්ෂ පාට නොබලා නීතියට අනුව නිසි දඩුවම් දෙන්න.(දිල්)
දිනන්න ඉස්සෙල්ලම වැඩ පටන් අරගන. ජයවේවා (අ)
මෙතුමාට මනාපයක් දෙන්න (අ)
ඡන්ද කිට්ටුව මෙවැනි කොල්ලකෑම් කිහිපයක්ම වුන නිසා මම නම් හිතුව මේවා කරන්නේ මනාප හොයන දේශපලකයෝම තමා කියල... මොකද වෙන සැක කරන්ට කිසි කෙනෙක් නැහැනේ ලංකාවේ..(අ)
ඔන්න තීන්දුව ඉතාලි මිලානෝ වලින් ඇවිල්ලා. බලධාරීන් දැන් ඒ අනුව කටයුතු කරාවි. (අ)
ඡන්දෙට වියදම් කරන්න සල්ලිත් ඕන නේ.(අ)
එ.ජා.ප. රජයකින් අනාගතයේදී වංචා හා දූෂණ තුරන් කරන්නේ මෙලෙස බව ජනතාවට මෙම සිද්ධිය හරහා කියාදීමට සිදු කළ පෙරහුරුවක් බව අපට හිතාගන්න බැරිද? (අ)
හිටපු .ජයවර්දන ජනාධිපති තුමාගේ මනාපයටත් බල ලොබි දෙශපලනයටත් පින් සිදුවන්නට ශ්‍රී ලංකාවේ දෙශපාලනයට ගිය කල දසාව. (අ)
මේ අය ඡන්දෙන් දිනලා අවනම් ලොකු වැඩක් කරන්න තිබුන. (අ)
මේ ගැන පක්ෂ නයකත් ,නායකත්ව මණ්ඩලයත්, පක්ෂ ලේකම් ගේත් උතුම් අදහස් ජනතාවට ඉතා වටිනවා,,(අ)
චන්දෙ ඉවර වෙනකොට මොනවා වෙයිද දන්නේ නැහැ (දී)
ශ්‍රී ලංකා මහබැංකුව සහ මහා භාන්ඩාගාරය අවට කලාපයත් නැවත අධි ආරක්ෂක කලාපයක් කරන්න වෙයිද? (දී)
පොලිසියට මගේ ප්‍රණාමය (දී)
හොද චන්ද ප්‍රතිපලයක්..!! එ ජා ප යට .., දිනන පෙර මෙහෙමනම් දින්නට පසු කොහොම වෙයිද...? (දී)
මේක ටිකක් සැක සහිතය ,මොකද කොටි 2ක් හොරකන් කරලා අතේ තිබුනේ මෙච්චර වෙන්න බෑ.සමහර විට අනිත් පැත්තේ අයෙ මෙය දිනවී කියල මොකක් හරි ගේමක් දුන්න වෙන්නත් පුළුවන් ,මොකද දැන් රටේ වෙන දේවල් දිහා බැලුවම පුදුමය (දී)
දිනාපුවට පසුව සංවර්දන වැඩ වලට වෙන්න ඇති (දී)
දේශපාලන පාලි ගැනීමක් නොවේවා (දී)
මා මෙම සිදුවීම දකින්නේ තවත් ආකාරයකටය .ලක්ෂ 150ක මුදලකින් 1,85000ක් යනු ඉතාමත් කුඩා මුදලකි .මා මෙසේ ලියනුයේ සැකකරුගේ පැත්ත ගෙන නොව මට හැගුනු හැගීම නිසාවෙනි. (දී)
ආණ්ඩුවට ඇවිත් දෑත ශක්තිමත් කරන්න.නැතිනම් බේරිලි බොරැ දැන් නීති තදයි (දී)
දේශපාලනය අනේමන්දා මේවා අහරිම අමුතු දෙයක් (දී)
අනිත් පැත්තේ අයට මෙතුමා වදයක් වෙලා හිටියේ..මීගමුවේ අය දන්නවා ඒක... (දී)
මෙයා ලොකු ණය බරකින්ලු ඉඳල තියෙන්නේ.දැන් ඉතින් ණයබරින් මිරිකිලා ඉන්න අනිත් අයත් ඔය ක්‍රමය අනුගමනය කරයි. (නදී)
ආණ්ඩුප ක්සය ලස්සනට විනාසකලා මේ මනුස්සයාව.මිගමුව නගර සබාවේ ඔක්කොම හොරකම් පෙන්නලා දුන්නේ මේ විපක්ස මන්ත්‍රී තුමයි කවදා හරි දවසක,මේ ජරා වැඩේ කල කෙනා වන්දි ගෙවයි.අපි කාලයට ඉඩදීලා බලාගෙන ඉමු . (දී)
දෙයියෝ සාක්කි (දී)
වත්මන් දේශපාලන ක්‍රමයේ විපාක තමයි ඔය (දී)
යුඑන්පී මොකද ශ්‍රීලංනිප මොකද? පාට වල වෙනසක් විතරයි. (දී)
අන්න බලන් සකි (දී)
දේශපාලනය කියන්නේ මහා බොරුවක් (දී)
මේ මැතිවරණ ක්‍රමය තුල චන්ද කරන්නනම් බල්ලෝ මරල හරි සල්ලි ඕන.මේ මිනිහගේ හොරකම අහු උන. ඔය කවුරුත් චන්දෙ කරන්නේ ඔහොම හොරකම් කරපු සල්ලි වලින් බව අපි කවුරුත් දැනගත යුතුයි (දී)
මේක කුමන්ත්‍රණයක් ,රැවෙටෙන අය රැවටෙයි නමුත් මොලේ තියන අය දන්නවා ඇත්ත. (දී)
වරදක් කළා නම් පක්ෂ බෙධයක් නැහැ (දී)
මේවා පළකිරීම හොඳයි. මහජනයාට තවත් තොරතුරු දැනගැනීමට පසු විපරමකුත් කරනවානම් හොඳයි නේද? (දී)
චන්දෙ ඉවර වෙනකල් ඉන්න වෙයි (දී)
උඩින්ම දිනයි මෙයා. දේශපාලනයට අත්‍යාවශ්‍යම දෙකෙන් එකක් මෙයට තියනවනේ. (අ)
එක්කෝ හොරකම නැතිනම් මන්ත්‍රී කම එහෙමත් නැතිනම් දෙකම මේ "සත්ව" වර්ගයට සමාජයෙන් උරුම කර තිබෙන මහඟු දායාදය. (අ)
කොහොමත් 77 ඉඳන් කෙරේ ඔච්චර තමයි (අ)