
(ඩයනා උදයංගනී)
එක්සත් ජාතික පක්ෂයේ 76 වන සංවත්සරය හෙටට (5) යෙදී ඇති අතර ඒ නිමිත්තෙන් සංවිධානය කළ ආශීර්වාද බෝධි පූජාවක් එම පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ඇතුළු නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ දී අද (4) පැවැත්විණි.
පක්‍ෂයේ නිර්මාතෘවරුන් ඇතුළු මියගිය නායකයින්ට හා සාමාජිකයන්ට පිං පැමිණවීම ද මෙහිදී සිදුකෙරිණි.
කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිකාරී, ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය සහ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන, මහලේකම් පාලිත රංගේ බණ්ඩාර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අකිල විරාජ් කාරියවසම්, සමන් රත්නප්‍රිය යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලු ජාතින් සමග එක්ව ඩී.එස්. සේනානායක මැතිතුමා බිහිකළ එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් කර නව මුහුණුවරක් ලබාදීම සියලු දෙනාගේම වගකීමක් සහ යුතුකමකි.
රටට සේවයක් කරපු නායකයො අතිතයේ හිටිය. පසුව අාව නයකයො රට විනාසයට පත්කරා