තමන් එච්.අයි.වී ආසාදිතයෙකු වීම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගමේ තමන් දැරූ ධූරයෙන් ඉවත් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් එම ගුවන් සේවා කාර්ය මණ්ඩල සාමාජිකයෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) අවසර ලබා දුන්නේය.
මෙම පෙත්සම ලබන මැයි 30 වැනිදා විභාගයට ගැනීමට නියමිතය.
මෙම පෙත්සම අගවිනිසුරු කේ.ශ්‍රී පවන් සහ ප්‍රියන්ත ජයවර්ධන යන මහත්වරුන් ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම විභාගයට ගැනීමට තීන්දු කැරිණි.
නීතීඥ කමනි ජිනදාස මෙනවිය මඟින් ගොනු කර තිබූ මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම ඇතුළු හය දෙනකු නම් කරනු ලැබ ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක ලෙඩක් කියලා ඒ මිනිස්සු වෙන්කරන එක අසාධාරණයි (නි)
එතකොට ඔය උගත් මහත්තුරු කියන්නේ අනික් අයට බෝ වුණාට කමක් නැහැ කියලද? (නි)
අයිතිවාසිකම් වෙනුවෙන් නොබියව පෙරට ආ එක ගැන සතුටුයි. (නි)
නාලක දසනායක හිතාගෙන ඉන්නේ එච් අයි වී කියන්නේ හෙම්බිරිස්සාව වගේ නිකම්ම සුළඟින් හෝ ස්පර්ශයෙන් බෝ වන ලෙඩක් කියලද? වෙනත් රටවල මෙවන් ආසාදිතයන් කණ්ඩායම් ක්‍රීඩා සඳහාත් කිසිදු බාධාවක් නැතුව සහභාගී වන්නට එනවා, ඒවාත් බාස්කට් බෝල් වැනි එකිනෙකා සමඟ ගැටෙන ක්‍රීඩා!!! (නි)
ඇත්ත. අසාධාරණයට විරුද්ධයි අපිත් (නි)
මගේ අදහස, මෙයාට වැළදුන විදිය සොයා ගැනීම වටිනවා (බ)
එහෙම අසාධාරණකම් කෙරෙන්න බැහැ. උවමනාවෙන් ලෙඩ රෝග හදාගන්න කවුරුවත් නැහැනේ. ලෙඩේ නිසා රැකියාවට බාධා වෙනවා නම් විතරයි රැකියාවෙන් විශ්‍රාම ගන්වන්න ඕනෑ. එහෙම නැත්නම් ජීවත්වීමේ අයිතිය පැහැරහැරීමක්. (නි)
ලැජ්ජා වෙන්න ඕනෑ ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම. මුලික මිනිස් අයිතිවාසිකම් කියන්නේ මේවට තමා. අනිත් රටවල් වල ඕනෑතරම් මේ වගේ ලෙඩ්ඩු රැකියා කරනවා තමන්ගේ නම්බුවත් තමන්ගේ අයිතිවාසිකමුත් තියාගෙන. එ්ත් ලංකාව කවදා ඒ අතින් දියුණුවේද දන්නේ නැහැ (නි)
ඕවා මොනවද? පියා ඒඩ්ස් හැදිලා මැරුනා කියලා, පුතාව පාසලෙන් අයින් කරපු රටක් මේක. අන්තිමට ඒ අසරණ ළමයට පිහිටවුණේ මෙච්චර මේ බෞද්ධ රටේ බෞද්ධ පාසල් තියෙද්දි ක්‍රිස්තියානි පාසලක්. (නි)
එහෙනම් ලාදුරු රෝගීන්ටත් ගුවන් සේවයේ යෙදෙන්න අවසර දෙන්න ඕනෑ, ගුවන් සේවයක ප්‍රතිපත්ති මාලාවට අනුව තමයි සේවකයන් යොදවන්නේ රැකියාවලට (බ)
එච්.අයි.වී සියලුම අසාදිතයෝ කිසිම කෙනෙකුට බෝ නොකර සිටියා නම් ලෝකයෙන් එච්.අයි.වී සදහට තුරන්වෙනවා. (නි)