සාරින් නම් මාරක ගෑස් වර්ගය නිපදවීම සදහා බ්‍රිතාන්‍ය සමාගම් දෙකක් සිරියාවට සෝඩියම් ෆ්ලෝරයිඩ් රසායනය විකිණූ බව බ්‍රිතාන්‍යයේ ‘මේල්‘ පුවත්පත කියයි.
මෑතදී මෙම මාරක ගෑස් ගැසීම නිසා 1400ක් මරුමුවට පත්වූහ.
2004 ජූනි හා 2010 මැයි කාලයේදී බ්‍රිතාන්‍ය සමාගම් දෙකක් එම රසායනය විකිණූ බව බ්‍රිතාන්‍ය රජය පිළිගත්තේය.
එය මාරක රසායන සම්බන්ධයෙන් පවතින අන්තර්ජතික නියමාවලිය පැහැදිලි ලෙසම උල්ලංගනය කිරීමක් බවත් කියති.
සිරියාවේ සුවඳ විලවුම් සමාගමක් නමින් මෙම රසායනය යවා ඇති බවත්, සිරියා ජනාධිපති අසාද් එවැනි සමාගම්වලින් අවි නිපදවීම සඳහා රසායන ලබා ගන්නා බවත් කියති.
මෙම සාරින් ගෑස් සයිනයිඩ් විසට වඩා පන්සිය වාරයක් දරුණු බවත්, එය ආග්‍රහනය කිරීමට හෝ හමෙන් සිරුටට ඇතුළු කිරීමට හැකි බවත්, අධි මාත්‍රාවකින් පෙනහළු මාංශපේෂී ක්‍රියා විරහිත වී මිනිත්තු ගණනකදී කෙනකු මරා දැමිය හැකි බවත් විද්‍යාඥයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් යුද්ධය ප්‍රකාශ කරන්න උදව් දෙන්න.(නදී)
මාටින් ළමයෝ සුද්ද ලංකාවට ආවේ නැත්නම් අද ලංකාවේ මිනිස්සු උසස් බුද්දියකින් හෙබි මිනිස්සු කිසිම රටකට යටත් වෙන්නේ නැහැ.(නදී)
ආසියානු, අප්‍රිකානු රටලව ප්‍රශ්න ඇති කරන්නේ වෙන කවුරුත් නෙමේ සුද්දෝ තමයි. බින් ලාඩන්, තලෙයිබාන්, සදාම් හුසේන් මේ හැම කෙනා ම පිටිපස්සෙන් හිටියේ බටහිර රටවල්. එල්ටීටිඊයටත් නොයකුත් ආකාරයෙන් එයාලා උදව් කලා. (ස)
දැන් පේනවනේ මේ අයගේ වැඩ. කෝ අර පිල්ලේ නෝනා. ලංකාවේ තිබුනා කියන හැම ප්‍රස්නයකම ඔය මිනිස්සු ඉන්නවා .ඒ විතරක් නෙමේ ලංකාවේ සමහරු වාසි බලාගෙන වැඩ කරන අය කෙල හල හලා ඒ අය දිහා බලාගෙන ඉන්නවා.(නදී)
යාළුකම් පැත්තට දාලා ඇමෙරිකාව ඉස්සෙල්ලම එංගලන්තයට සම්බාදක දාලා ගහන්න ඕනේ, ලෝකෙට ආධර්ශමත් වෙන්න.(නදී)
කවුරු ගැසුවාද කියන එක තමා හොයලා බලලා දඬුවම් කරන්න ඕනෑ. (නි)
සුද්දෝ අපේ රටට ආවේ නැත්නම්, තේ සහ රබර් නිෂ්පාදනයට ඉන්දියාවෙන් දමිළයන් ගෙනාවේ නැත්නම්. මේ ප්‍රශ්න අපේ රටෙත් බොහොම අඩුය. (නි)
ඇමරිකාව, එංගලන්තය වගේ රටවල් විෂ නිෂ්පාදනය කර පිටරට වලට විකුණලා යුද්ධයකට පාර කපලා , ඊට පස්සේ ඒ කරපූ රහස් ගණුදෙනුව ලෝකයට හෙලි වෙන්න කලින් ඒ රටවලට බොරු චෝදනා දාලා ඒ රටවලට ගහලා ඒ අයට නැවෙන පඹයෙක් ගානට ඒ රටවලට පත් කරන්න තමයි ඔය ලොක්කන් උත්සාකරන්නේ.(නදී)
ඔබට විශ්වාස කල හැක්කේ මැරුණු සුදු මිනිසා පමණි.(නදී)
ඔය එළිවෙන්නේ ටික ටික.තව ටික දවසකින් ඕවා ගැහුවේ කව්ද කියලත් එළිවෙයි. ඒත් වැඩක් වෙන්නේ නැහැ පොඩි රටවල් වලට කරන්න පුළුවන් දෙයක් නැහැ. (නි)
දෙයියනේ, එංගලන්තේ මෙහෙම දෙයක් කළා? විස්වාස කරන්නත් අමාරුයි. අගමැතිතුමාත් පයින් ගිහිල්ලා ආදර්ශය පෙන්වන රට.(නදී)
එංගලන්තය දන්නවා තිරය පිටුපස නාටකය හොදින් රගපාන්න. සුද්ද හොදට දන්නවා අනුන් ලවා කොස් ඇට බාන්න. (නදී)
අපි මේ රටේ හිටියට ඒකයි හැමදාම කිව්වේ සුද්දා භයනකයි කියලා. වැඩි හරියක් ප්‍රශ්ණ වල යටින් ඉන්නේ ඒ අය.(නදී)
සරෝජ්, සුද්දෝ අපේ රටට ආවේ නැත්නම්, තේ සහ රබර් නිෂ්පාදන නෑ. තියෙන්නේ වෙනිවල්ගට, වල් පට්ටා, ලංකාව එහෙනම් තවම ආදිවාසීන්ගේ (දී)
දැන් තේරෙනවා කව්ද දිය යටින් ගින්දර ගෙනියන්නේ කියලා. (දී)
ඒ අය දෙයක් කලොත් ඒ දේ කෙරුවා කියලා පිලිගන්නවා. තරාතිරම නොබලා වරදට දඩුවම් කරනවා. එහෙම බලද්දී අපි තරම් භයානක නැහැ.(නදී)
රෝහණ ඔබ හරියට හරි. චැනල් 4 එකත් තියෙන්නේ ඔය කියන රටේ නේද ? (ස)
එහෙම නම් දැන් ගැසිය යුතු වන්නේ සිරියාවට කලින් එංගලන්ටයටය.(නදී)
රොබට් බ්‍රවුන්‍රිග් ඉස්සර කරක් ගහපු පලාතකද මාටින් ඉන්නෙ. (ස)
මොන විදියකින් හරි සිරියාවට ගහන්ට පොටක් පාද ගන්ඩ වගෙයි හදන්නේ.(නදී)
මේ අයගේ යටි කූට්ටු වැඩ හරියට තියෙනවා. ලංකාවේ යුද්දේ නැති වුනාට බටහිර අකමැති මේ හින්දයි. එය ඔවුන්ට හොද ආදායම් මාර්ගයක්.(නදී)
චාන්, මාත් ඉන්නේ ඔතනමයි.(නදී)
අඩු වශයෙන් එංගලන්තේ පත්තර කාරයන්ට පුළුවන් උනා මේක එලිදරවු කරන්න. මොකද ඒ අය දන්නවා තමන්ට කරදරයක් නොවෙන බව. (නදී)
සුද්දො බලු වැඩ කලේ අද ඊයෙ නොවේ. අතීතයේදි ඇමරිකාව නවසීලන්තය ඕස්ට්‍රේලියාව හදනකොට ස්වදේශීය වැසියන් ඝාතනය කලේ දඩයම් කරලා සහ වස දාලා .අපේ රටවල් වල සිදුකල ඝාතන දැන් ඉන්න මිනිස්සු දන්නෙත් නෑ ජපානය විනාශ කරන්න දාපු න්‍යෂ්ඪික බෝම්බ සිද්ධියට දඬුවම් කල යුතුයි.(නදී)
ඉරානය කියන අන්දමට මෙම සෙරින් ගෑස් . සිරියන් රජයට විරුද්ධව පාවිච්චි කිරීමට සෞදි රජය මගින් ත්‍රස්තවාදීන් අතට දීල තියෙන්නේ. ඉරානය මෙය ගෙන මාස ගණනකට කලින් ඇමෙරිකන් බුද්ධි සේවයට දෙනුම් දීලා. මෙය මාර්ගයෙන් සිරියන් රජය පටලවා යුද්ධ යක් ඇති කිරීම පරමාර්ථය . මේවා සියල්ල පසු පස සිටින්නේ බටහිර රටවල් සහ ඇමෙරිකාවය.(නදී)
රන්ජි හරි.....බඩුත් හාමුදුරුවන්ගේ. නඩුත් හාමුදුරුවන්ගේ...... (ස)