බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම සඳහා කැමැත්ත පළකරමින් එරට බහුතරයක් ඡන්දය පාවිච්චි කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
යුරෝපා සංගමයේ සාමාජිකත්වය දරන රටවල් ගණන 28කි. යුරෝපයේ ප්‍රබලම රාජ්‍ය ඉන් ඉවත් වීමත් සමග සාමාජික රටවල් ගණන 27ක් විය. යුරෝපා හවුල යූරෝ මුදල් ඒකකය භාවිතයට ගත්තද එහි සාමාජිකව සිටි මහා බ්‍රිතාන්‍යය එම මුදල් ඒකකය පාවිච්චි කළේ නැත. ඒ වෙනුවට ඔවුන් පරණ ස්ටර්ලින් පවුම් මුදල් ඒකකය භාවිත කළේය.
බ්‍රිතාන්‍ය පුරවැසියන්ගෙන් 52%ක ප්‍රතිශතයක් යුරෝපා සංගමයෙන් ඉවත්වීමට කැමැත්ත පළ කර ඇත. 48%ක් ඊට විරුද්ධව ඡන්දය භාවිත කළහ.
යුරෝපා එකමුතුව වෙනුවෙන් ඇතිකළ යුරෝපා හවුල ඉරිතලා යෑම මෑත ඉතිහාසයේ ලද ලොකුම පසුබෑමක් ලෙස සැලකේ.
මහා බ්‍රිතාන්‍යය යුරෝපා හවුලෙන් ඉවත් වීමත් සමග ජගත් මූල්‍ය වෙළඳපොළ අවපාතයකට ලක්විය. ඩොලරයට සාපේක්ෂව යූරෝව 9.4%කින් බාල්දු විය.
ලොව පස්වැනි ආර්ථික බලවේගය වන ලන්ඩනයට මෙයින් මරු පහරක් වැදී ඇතැයි විශ්ලේෂකයෝ කියති. ඩොලරය හා සසඳන විට යූරෝව 4%කින් පහළ වැටෙනු ඇත.
යුරෝපා හවුලේ රටවලින් ප්‍රබලයා ඉවත් වීමත් සමග ආයෝජකයෝ සිය රත්රන් තැන්පතු සුරක්ෂිත කරගැනීමට පියවර ගත්හ. ජපානයේ යෙන් මුදලද ඉහළ ගියේය.
බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් යුරෝපා සංගමයෙන් ඉවත් නොවිය යුතු යැයි දැඩි මතවාදයක් ගෙන ගියේය.
යුරෝපා සංගමයේ රැඳී සිටිය යුතු යැයි 2013 දී ජනමත විචාරණයක් පැවැත්වීමට යෝජනා කළ බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පරාජය වීම නිසා ඔහු වහා ඉල්ලා අස්විය යුතු යැයි බ්‍රිතාන්‍යයෙන් හඬක් නැගෙමින් පවතී.
ලොව බලවතා වන ඇමරිකා එක්සත් ජනපදයේ ජනපති බරක් ඔබාමාගේ මතය වූයේ බ්‍රිතාන්‍ය යුරෝපා හවුලේ සිටිය යුතු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයේ ආරක්ෂාවට වැදුණු මරු පහරක්. ඔය අපේ රටේ ඇවිල්ලා පදිංචිව ඉන්න අය වගේ එහෙත් විශාල පිරිසක් තමන්ගේ අණසක පතුරවාලමින් ඉන්න යුගයක්. රටක් තනි කරගත්තහම සතුරාට වාසියි. මොනවා වුණත් ත්‍රස්තවාදය දළුලන කාලයේ මෙහෙම වෙන්වීම ආරක්ෂාව අතින් එංගලන්තයට පාඩුවක්. මේ ඡන්ද 52% ඇතුළත ලොකු විනාශයක් තියෙනවා. (නි)
ඉහත ලියා ඇති අය ජීඑස්පී ගැන මොකුත් දන්නා දෙයක් නැහැ වගේ (නි)
නියමයි, දැන් යුරෝපෙට වැඳගෙන ගිය අයට ඇපත් නැහැ. එංගලන්තේ සුද්දෝවත් යුරෝපේ ගණන් ගන්නේ නැතිකොට අපේ අයට පුදුම අමාරුවක් තිබුනේ යුරෝපා සංගමය ගැන (නි)
යුරෝපා සංගමය යුරෝ එක හඳුන්වාදුන්නේ යු එස් ඩොලර් එකත් සමඟ තරඟ කරන්නයි. නමුත් ග්‍රීසිය වැනි බංකොලොත් ආර්ථිකයන් ගොඩගැනීමට සිදුවුණේ ජර්මනියට සහ එංගලන්තයටයි. දැන් එංගලන්තය අයින් වුණාම බංකොලොත් රටවල් ඇදගෙන යාමේ හැකියාව තවත් හීනවෙනවා (නි)
ගොඩක් හොඳ තීරණයක්. (නි)
අපි බලමුකෝ ඔහොම ගිහින් මොකද වෙන්නේ කියලා (නි)
ප්‍රශ්න විසඳන ලස්සන බලන්න (ම)
අන්තර්ජාතික හවුල් වලට මාරු පහරක් අනිකුත් ජාත්‍යන්තර සංවිධාන තර්ජනයකට මුහුණ පානවා (ම)
අවසන එය එසේම සිදුවිය (නි)
බ්‍රිතාන්‍ය යුරෝ ඔවුන්ගේ මුදල් හැටියට බාරගත්තේම නැත. ඔවුන් භාවිතා කළේම ඔවුන්ගේ මුදල් වු පවුමය
එංගලන්ත පාර්ලිමේන්තුවට තිබුන සෛවරීභාවය පලුදු වුණේ යුරෝපා සංගමයට බැඳුන නිසා. එංගලන්තයේ සුප්‍රීම් උසාවියට ඉහළින් යුරෝපා සංගමයේ උසාවියක් තිබුනා. ඒ අනුව ඕනෑම පනතක් සම්මත කරනවිට එම පනත යුරෝපියන් යුනියන් එකේ මානව හිමිකම් නීතියට එය ගැළපෙනවද නැද්ද යන්න ගැන විමසා සිටිය යුතුවෙනවා. ඒ අනුව එංගලන්ත පාර්ලිමේන්තුවට සහ අධිකරණයට තිබුන අනගිභවනීය තත්වය යුරෝපා සංගමය නිසා හෑල්ලුවට ලක්වුණා. එංගලන්ත පාර්ලිමේන්තුවට ඕනෑම පනතක් සරල බහුතරයකින් සම්මත කරගැනීමට පුළුවන්. (නි)
අපේ සෙට් එකක් අපේ සල්ලිවලින් එහෙ ගිහින් අපේ අයට කෑගහගහ ගියා ඉවත්වෙන්න ඡන්දෙ දෙන්න එපා කියල. ඉවත් වුනොත් ලංකාවට වැලේ වැල් නැතිවෙනවා කියල.... (බ)
ඔය අහරේ මෙහෙ යන ආගම් වාදියෝ සෙනගන් විසා වලින් වැද්ද නොගත්ත නම් ජනතාවගේ ඔය තරම් ඕවට විරෝධයක් ගොඩනැගෙන්නේ නැහැ. යුරෝපා හවුලේ සරණාගත නීතියෙන් බැටකාපු රටක් බ්‍රිතාන්‍යය. ඔක්කොම ත්‍රස්තවාදී කුනුගොඩට එහෙ පැනල රටම නන්නත්තාර කරනවා. (බ)
තීරණයේ ප්‍රතිවිපාක කුමක් උනත් බ්‍රිතාන්‍ය ආණ්ඩුව මේගැන ජනතාවගේ මතය විමසා ජනමත විචාරණයක් පවත්වන්න තරම් ප්‍රජතන්රවාදී වුනා, අගමැති ඉල්ලා අස් වුනා , නමුත් අපේ දෙශපාලකයන් එහෙම කරාවිද ? (ර)
මේ වෙන්වීමෙන් හොඳම වාසිය ලැබෙන්නේ රුසියාවට. (නි)
අජිත් රණසිංහ මහත්මයාණෙනි, ඒ ඔයා දන්නා තරමනේ... මම දන්නා තරමින් නම් බ්‍රිතාන්‍යයින් අවුරුදු 500ක් පමණ යටත් විජිත වලින් කොල්ලකාගත් රත්තරන්, දියමන්ති වැනි වටිනා ලෝහ අති විශාල සංචිතයක් තියෙන රටක්. ඒ අයට ශක්තිමත් ලෙස පවතින්නට හොඳටම පුළුවනි. (ර)
එංගලන්තේ ඉන්න ලංකාවේ අය කවුරුත් අයින්වෙන්න ඡන්දය දුන්නේ (බ)
අපේ රටවලටත් මේවා හොද පාඩම්. ඉක්මනින් බඩු මිල අඩු කර ජනතාවට සහන සලසන්න. (බ)
ලංකාව විනාශ කරන්න සූදානම් වුණ කට්ටිය හතරගාතෙන් වැටිලා. (නි)
මම දන්නා තරමින් බ්‍රිතාන්‍යයන්ට කුණු කූඩ අවුස්සගෙන කන කාලේ වැඩි ඈතක නැහැ. එතකොට රජපවුල පවත්වාගෙන යාමටත් ප්‍රශ්නයක් වේවි (නි)
අපේ ඇමතිලා එංගලන්තේ ගිහිල්ලා වෙන්වෙන්න එපා කියලා ඡන්දෙ දෙන්න උපදෙස් දුන්නේ නැද්ද? අපරාදේ රටේ සල්ලි ! (නි)
ඉවත්වෙන්න කියලා ඡන්දෙ දීපු අයට වන්න්‍ෙ තව අවුරුදු 10 - 20 විතර ඉන්දියන්කාරයා්‍ෙ යටත්‍ෙ හා්‍ෙ පකිස්තාන්කාර යා්‍ෙ යටත්‍ෙ වැඩ කිරීමටයි. දැනටමත් වැඩි කාෙටසක් පාලනය කරන්න්‍ෙ ඔවුන්. (නි)
ජනමත විමසුම ඉල්ලා සිටියේ තමන් බව පවසා පරාජයේ වගකීම පිළිගත් බ්‍රිතාන්‍ය අගමැති ඉල්ලා අස්වන බව පැවසුවේය. ලංකාවේ දේශපාලඥයින්ට මෙය ආදර්ශයක් වේ නම් කෙතරම් වටිනවාද? (නි)
අපේ පාලම හදන එකත් නවතියිද? ආයේ ලෝකෙම ප්‍රශ්න ගොඩක පැටළෙන්න වගේ යන්නේ. (නි)
ලංකාව වගේම එංගලන්තයත් දුපතක්. යුරෝපයේ නොදියුණු රටවල් වලින් ලක්ෂ ගණනින් මිනිසුන් එංගලන්තයට සංක්‍රමණය වී එහි ඇති සමාජ සත්කාර සහ සෞඛ්‍ය සේවා අසාධාරන ලෙස ලබාගැනීම එංගලන්තයේ ජනතාවට මහත් ප්‍රස්නයක් උනා. මේ සිදුවීම ලංකාවටත් හොඳ පාඩමක්. (ර)
අපිට බලෙන් දෙන්න යන පෙඩරල් ක්‍රමයට වැදුනේ මරු පහරක්. ඉවත් වෙමු කියපු අයගේ ප්‍රධාන අදහස වුයේ, පෙඩරල් ක්‍රමය ප්‍රජාතන්ත්‍රයට අභියෝගයක් කියලා. හේතුව ඒකීය රටක් එතුල පවතින්නේ නැති නිසා. (ර)
ඉතිහාසයේ ශෝක ජනක දිනයක්. (ම)
යුරෝපා හවුල තුළ සිටින නැගෙනහිර යුරෝපීය රටවල මිනිසුන් ලක්ෂ ගණනින් මහා බ්‍රිතාන්‍යයට ඇදී ආවේ එවැන්නන්ට හා සරණාගතයින්ට විශාල වශයෙන් සමාජ සත්කාර ලැබුන නිසා. මේ නිසා ඒ රටේ බදුගෙවන්නන් සිටියේ මේ තත්වය ගැන කළකිරීමෙන්. මෙවැනි අතුරු ප්‍රශ්න වලට අභ්‍යන්තරික වශයෙන් පිළිතුරු සොයාගන්න මහා බ්‍රිතාන්‍යය පොහොසත් වුණා නම් යුරෝපා හවුලෙන් ඉවත්වීම පිළිබඳ ඇතිවන ප්‍රශ්න ගණනාවක් වළකාගන්න තිබුනා. (නි)
ජී එස් පී ප්ලස් මාළු සහන කොට උඩද (බ)
යහපාලනේට තිබුන යුරෝපා හයිය අඩුවුණා. හරි සතුටුයි. අන්තිමට යහපාලනේ වෙවුලාගෙන බිම වැටෙනවා දකින්න පුළුවන්. (නි)
සතුටුදායක පුවතක්! (නි)
බ්‍ර්තාන්‍ය යුරෝපා හවුලෙන් ඈත්වීමට එකම හේතුව යුරෝපා හවුලට අයත් අනෙකුත් දුගී රටවල මිනිසුන් බ්‍රිතාන්‍යයේ පදිංචිවීමට වැලනොකැඩී පැමිණීමත්, ඒ යුරෝපා සාමාජික රටවල මිනිසුන්ට කිසිම බාධකයකින් තොරව රට තුළට ඕනෑම විටෙක පැමිණ පවුල් පිටින් පදිංචි වී එරට පුරවැසියන්ට ලැබෙන සියලුම වරප්‍රසාද ලබමින්, රැකියා අධ්‍යාපන ආදී නොමිලේ සෑම වරප්‍රසාදයක්ම එරට විසින් ලබාදීමත්ය. (නි)