අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට එංගලන්තය සමත් විය. කාඩිෆ්හිදී අද (16) පැවැති තරගයේදී එංගලන්ත පිල ලකුණු 10 කින් නවසීලන්ත පරාජය කරමින් ප‍්‍රසාද 4 ක් හිමිකර ගනිමින් ‘ඒ’ කාණ්ඩයේ පෙරමුණට පැමිණියේය.
නවසීලන්තය තරග තුනේදී ප‍්‍රසාද ලකුණු 3 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, ශ්‍රී ලංකාව තරග දෙකකදී ප‍්‍රසාද ලකුණු 2 ක් ලබා තෙවැනි ස්ථානයේ ද, රැදී සිටිති. සිවුවැනි ස්ථානයේ සිටින ඕස්ටේ‍්‍රලියාව තරග දෙකකදී ප‍්‍රසාද ලකුණක් පමණක් ලබා සිටියි.
වාර්ෂාව හේතුවෙන් මෙම තරගය ආරම්භ වීම ප‍්‍රමාද වීම නිසා ඉනිමක් ඕවර 24 කට සීමා විය.
එංගලන්ත පිලේ නායක ඇලෙස්ටියාර් කුක් පන්දු 47 කදී හතරේ 4 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 64 ක් රැස් කළේය.
නවසීලන්ත වේග පන්දුයවන ක‍්‍රීඩක කයිල් මිල්ස් ලකුණු 30 කට කඩුලූ 4 ක් දවා ගැනීමට සමත් විය.
ලකුණු පුවරුව
නවසීලන්ත කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම
එංගලන්ත කණ්ඩායම් ඉනිම
ඇලිස්ටෙයාර් කුක් - ඇ. සහ ප. නේදන් මැකලම් 64
ඉයන් බෙල් - ඇ. බ්‍රෙන්ඩන් මැකලම් ප. මැක්ලීන්හැන් 10
ජොනතන් ට්‍රොට් - ඇ. නේදන් මැකලම් ප. මිල්ස් 8
ජෝ රූට් - ඇ. රොන්ච් ප. මැක්ලීන්හැන් 38
ඔයින් මෝගන් - ක.මු.කළා ප. විටෝරි 15
ජෝ බට්ලර් - ඇ. නේදන් මැකලම් ප. මිල්ස් 14
රවී බොපාරා - ඇ. විලියම්සන් ප. මැක්ලීන්හැන් 9
ටිම් බ්‍රෙස්නන් - දුවද්දී දැවී ගියා 4
ස්ටුවට් බ්‍රෝඞ් - ඇ. නේදන් මැකලම් ප. මිල්ස් 0
ජේම්ස් ටේරඞ්වෙල් - ඇ. මැක්ලීන්හැන් ප. මිල්ස් 0
ජේම්ස් ඇන්ඩර්සන් – නොදැවී 0
අතිරේක 7
එකතුව ඕවර 23.3 කදී සියළු දෙනා දැවී 169
කඩුලු වැටීම:
1-16, 2-25, 3-100, 4-141, 5-143, 6-159, 7-166, 8-169, 9-169, 10-169
පන්දු යැවීම:
මිචෙල් මැක්ලීන්හැන් : 5-0-36-3, කයිල් මිල්ස් : 4.3-0-30-4, කෝරී ඇන්ඩර්සන් : 1-0-4-0, ඩැනියෙල් විටෝරි : 5-0-27-1, ජේම්ස් ෆ‍්‍රැන්ක්ලින් : 2-0-20-0, නේදන් මැකලම් : 4-0-30-1, කේන් විලියම්සන් : 2-0-20-0
නවසීලන්ත කණ්ඩායම් ඉනිම
මාර්ටින් ගප්ටිල් - ප. ඇන්ඩර්සන් 9
ලූක් රොන්ච් - ඇ. ට්‍රොට් ප. ඇන්ඩර්සන් 2
කේන් විලියම්සන් - ඇ. ඇන්ඩර්සන් ප. බ්‍රෝඞ් 67
රොස් ටේලර් - ක.මු.කළා ප. බ්‍රෙස්නන් 3
බ්‍රෙන්ඩන් මැකලම් - ඇ. රූට් ප. බොපාරා 8
ජේම්ස් ෆ‍්‍රැන්ක්ලින් - ඇ. මෝගන් ප. බොපාරා 6
කෝරී ඇන්ඩර්සන් - ඇ. ඇන්ඩර්සන් ප. බ්‍රෙස්නන් 30
නේදන් මැකලම් - ඇ. බට්ලර් ප. ඇන්ඩර්සන් 13
කයිල් මිල්ස් - නොදැවී 5
අතිරේක 16
එකතුව ඕවර 24 කදී කඩුලූ 8ක් දැවී 159
කඩුලු වැටීම:
1-14, 2-14, 3-27, 4-48, 5-62, 6-135, 7-140, 8-159
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ:
මිචෙල් මැක්ලීන්හැන්, ඩැනියෙල් විටෝරි
පන්දු යැවීම:
ස්ටුවට් බ්‍රෝඞ් : 5-0-25-1, ජේම්ස් ඇන්ඩර්සන් : 5-0-32-3, ටිම් බ්‍රෙස්නන් : 5-0-41-2, රවී බොපාරා : 5-0-26-2, ජේම්ස් ටේරඞ්වෙල් : 4-0-27-0
ඇලෙස්ටියාර් කුක් පන්දුවට පහර දෙමින්...
ජේම්ස් ඇන්ඩර්සන්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd