ශ්රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජොන් රැන්කීන් දඹානේ කොටබකිනියේ ආදීවාසී ගම්මානයට පැමිණ ආදීවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් හමු විය.
කුරක්කන් රොටී ,මී පැණිවලින් හා බෙලි මල් වලින් ඔහු සුදු අමුත්තන්ට සංග්‍රහ කළේය.
තම රැහේ දරුවන්ගේ සරසවිය මහ කැලය වුවත් එහි ඇතුළු විය නොහැකි තත්ත්වයක් ඇතැයි ආදී වාසී නායකයා මහ කොමසාරිස්වරයාට කීවේය.
ආදී වාසී සිරිතට ආදීවාසියකු කොමසාරිස්ට ආශිර්වාද කළේය.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් සතුටුයි. ජයවේවා! (නි)
ඉතා හොඳ වැඩක් අගේ කරනවා (දී)
ආගන්තුක සත්කාර වලින් උපරිමයි අපේ මිනිස්සු (දී)
නියම මාතෘකාව (දී)
සුනිල්, මොන දෙයියන්ට කිවුවත්, ඔයා කලබල වෙන්න එපා. අනෙක් අයගේ හොද ප්‍රාර්ථනාවකට ගරු කරන්ඩ පුරුදු වෙන්ඩ. (අ)
මි පැණි වලට මම හරි ආසයි (දී)
උපුල් හරි නෑගම් යනවා කියන්නේ තමන්ගේම මිනිස්සුම බලන්න යනවා කියන එකනේ (දී)
නෑගම් කියන්නේ එංගලන්තේ ඉන්නෙත් අපේ මිනිස්සුමද (දී)
බලගනෛ අපේ විද්වත්මහත්තුරු ගෝසා කරාවී අදිරාජ්‍ය වාදීන්ගේ ගැට වලට ආදිවාසි අහුවෙන්න යනවා කියල . (අ)
එංගලන්තේ නැද්ද ආදී වාසින් (දී)
භාෂා පරිවර්තක කෙනෙක් ඉන්න ඇති නේද (දී)
ඒ මිනිස්සුන්ට අපේ කෑම දිරවයිද දන්නේ නැහැ (දී)
අපේ ආදී වාසින් තමයි අපේ මුල් පුරුක (දී)
ඒරොප්පේ කට්ටිය අපේ රටට ඇවිල්ලා (දී)
ඉලුක් හෙවිල්ලපු වහළය, දෙමැටි ගහපු බිත්ති, ගොම මැටි ගෑ ගෙබිම, පිල මත එලූ පන් පැදුර.කුරක්කන් රොටී.මීපැණී.බෙලිමල් වතුර,කොයිතරම් නම් සුන්දරද,(අ)
වැද්දෝ කියන්නේ ගෝත්‍රික ලෙස ජීවත් වූ සහ එලෙස ජීවත් වෙන්න වුවමනායි කියන කොටසක්. හැබැයි මේ වෙනකොට ඔවුන් ඒක යොදා ගන්නේ සංචාරක ආකර්ශනයක් විදියට කියක් හරි සොයගන්නයි. අර කතාවක් තියෙන්නේ හිඟන්නාගේ තුවාලේ වගේ කියල. ඇත්තටම ගත්තොත් හැමෝම කැමතියි කැලයෙන් එලියට ඇවිල්ල මේ මිනිසා අත්කරගෙන තියෙන දියුණුව සහ සංවර්ධනය බුක්ති විඳින්න.(අ)
කොහොමද ගමේ බයියන්ගේ වැඩ?(හේ)
සුද්ද අතට අත වැද්ද අත් දෙකට දෙක (අ)
ඔක්කොම රටට පේන්න. (ර)
කැකුලියක් බලන්න ගියාවත්ද? (ර)
දැන් දැන් අපේ පැරණි සිරිත් විරිත් පිරිහෙමින් පවතින යුගයක මේ වගේ දේවල් තුලින් යන්තම් හෝ අපේ කම රැකීම ගැන සතුටක්.(අ)
නායක තුමනි චීස් බටර් අත් දෙකෙන් ගත්තට කමක් නෑ අපේ සහයෝගයට එ් වුණාට ඔයාල කන කෑම නිරෝගී දිවියකට මග පාදනවා අපේ දේශීය අාහාර. (අ)
හොඳ පුවත් ටිකයි. මුළු ලොවම කම්පාවට පත්වන පුවත් වැඩියි. කුමක්ද හේතුව.? අපට සමාව දෙන්න දෙවියනේ.! අපේ රට බේරා දෙන්න දෙවියනි .! (ර)
මේ තමයි ලංකාවේ නියම උරුමක්කාරයෝ. (ර)
කොයි දෙයියටද ඔය කියන්නේ.? (ර)
හැම රටකම නියම උරුමක් කාරයන්ගෙ නිදහස සීමාකරල වගේම ඔවුන්ව ප්‍රදර්ශන භාණ්ඩ බවටත් පත්කරල. (ර)
මුඩු බිම් පනත ගෙනත් වැදි ජනයාගෙයි අපෙයි ඉඩම් අල්ලාගත් අයගේ මුනුබුරෙක් තමා ඔය ඉන්නේ. (ර)
තවමත් ඔවුන්ගේ සංස්කෘතිය නොනැසී පවතින එක ගැන සතුටුයි (නි)
මෙයාලා සහයෝගය දෙන්නේ මොනවටද කියලා පොඩ්ඩක් හොයලා බැලුවොත් නරකද? (නි)
වන්නිලා ඇත්තනි, ප්‍රවේශමෙන්. ඔබට ආයුධ දෙයිද දන්නෙ නැහැ. කොහොමත් අපිට කියන්න තියෙන්නේ, "සුද්දාට වැඩිය වැද්දා හොඳයි" කියලයි.... (නි)
ආදිවාසීන් කියන්නේ සිංහලයන්ට. වැද්දෝ කියන්නේ වෙනම කොට්ඨාශයක්. වැද්දෝ කියන්නේ අපේ රටේ ආදිවාසීන් නෙමෙයි කියලයි මම නම් කියන්නේ (නි)
ලංකාදීප, ඔයාට ගොඩක් ස්තුතියි (නි)
මොන ගුලියක් අඹරන්නද දන්නේ නැහැ. මොනවා වුණත් ප්‍රවේශමෙන්! (නි)
මානව විද්‍යාව අනුව ශ්‍රී ලංකාවේ වැදි ජනතාව නෑකම් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ඇබෝරිජින් ලෙසින් හඳුන්වන ආදීවාසින්ටය. මානව විද්‍යාව අනුව ඔවුන් දෙකොටසම ඔස්ට්රෝලොයිඩ් ගණයට අයත් වේ. එහෙත් අපේ මෙම ජනතාව ශීඝ්‍රයෙන් පිරිහෙමින් (මිශ්‍රවෙමින්)පවතින නිසා වැදි ජනතාව ඒ අයුරින්ම ඔවුන්ගේ කැමැත්ත අනුව පවත්වාගැනීම අපේ පරම යුතුකම වේ (නි)
ආගන්තුක සත්කාර ගැන ආඩම්බරයි අපිට (නි)
බටහිර රටවල මෙන් නොව මෙරට ආදිවාසීන් ඉහළ සංස්කෘතියකට උරුමකම් කී සිංහල ජනයාය. වැදි ජනතාව සිංහලයන් හා සමාන්තරව විසු ජන කොටසකි. (නි)
වැද්දොත් දැන් වෙනස් වෙලානේ! (නි)
ඕස්ට්‍රේලියාවේ ඇබෝරිජින්වරුන්ගේ පුනුම නම් අපේ වැදි ජනතාවගේ පෙනුමට වැඩිය වෙනස්. සමහර උදවිය සුදු ජාන සහිතව කලවම් වෙලා. අපේ වැදි ජනතාවට වැඩිය බොහොම නරක ඉරණමකට අතීතයේ ඔවුන් ලක්වෙලා තිබුනා. (නි)