බ්‍රිතාන්‍යයේ ඔටුන්නට ඉන්දියාවේ ලේ නෑකමක් ඇතිවේයැයි එඩින්බරා සරසවියේ ජාන විශේෂඥ මහාචාර්ය ජිම් විල්සන් මහතා පවසයි. ඔටුන්න හිමි දෙවැන්නා වන විලියම් කුමරුගේ සමීතම ඥාතීන්ගෙන් ලබාගත් ජාන පරික්ෂා කිරිමෙන් අනතුරුව ඔහු මේ බව ප්‍රකාශකැර තිබේ. මහාචාර්ය වරයා පවසන්නේ විලියම් කුමරුගේ මව වූ ඩයනා කුමරියගේ මී මුත්තා ස්කොට්ලන්ත ජාතික තියඩෝර් ෆෝබ්ස් නමැත්තෙකු බවයි. ඔහු නැගෙනහිර ඉන්දියානු වෙළඳ සමාගමක සේවය කළ කාලයේ ඉන්දියාවේ ගුජරාත් ප්‍රාන්තයේ සුරත් නගරයේ වාසය කළ බවත් එකළ ඔහුගේ නිවසේ සේවය කළ සුරූපී එලිසා කෙවන් නමැති ඉන්දීය තරුණියකට ෆෝබ්ස්ට දාව දරුවන් දෙදෙනකු ලැබුණු බවත් විලියම් කුමරුගේ පෙලපත පැමිණි ආකාරයේ දැක්වේ. ඒ දියණියන් දෙදෙනා අතරින් ෂෑන් කිඩ් පසු කළෙක ජෝන් ස්පෙන්සර් සමග විවාහ වීමෙන් 1961 ජූලි 01 දා ඩයනා කුමරිය උපත ලැබුවාය. ජාන සම්බන්ධතාවය පරපුරෙන් පරපුරට උරුම වන්නේ මව් පාර්ශවයෙන් බැවින් ඉන්දියාවේ එලිසා කෙවන්ගේ ජාන විලියම් කුමරු දක්වාම සෘජුවම පැමිණ තිබේ. එය දැන් පර්යේෂණ මගින් සනාථ වී ඇත. නමුත් විලියම් කුමරුගේ දරුවන්ට ඉන්දීය ජාන නොලැබෙන බව ද මහාචාර්ය විල්සන් පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම බලාගෙන යනකොට මුළු ලොව වැසියෝ සියලු දෙනාම එකම පවුලකට හෝ පවුල් කිහිපයකින් පැවත එන බවට අනාවැකි පලවෙන්නත් ඉඩ තියේවි (අ)
දැන් ඔය ලේ රතුපාට නෙවෙයිලුද? මනුස්ස ගුණධර්ම තියෙනවා නම් ලේ වතුර වුනත් මොකද? (නි)
බලන්න බලන්න. වානර සම්භවයක් එහෙම නැද්ද කියලත්. මොකද ඩාවින් එහෙම එකක් කියලා තියෙනවනේ (නි)
මේ ලෝකේ සියලුම දෙනාම නෑයෝ,සහෝදරයෝ, එකම පවුලේ අය වෙමු (නි)
අද ඉන්දියාව කියන්නේ සුද්දට ආඩම්බරයක්. හැබැයි මුස්ලිම් ජාන ආවා නම් විලියම් කුමාරයට දෙයියන්ගේ පිහිටයි (නි)
ඕකනේ මම හැමදාමත් කීවේ ඉන්දියාවත් එක්ක කචල් දාගන එපා කියල (අ)
මෙයාලාට පිස්සු .(අ)
සිංහලයා විජය රජ්ජුරුවන්ගෙන් පැවත එනවා කියන අය දැන් කියනවද එන්ගලන්තයේ රජ පරපුරත් එන්ගලන්තයට පිටින් ආපු අය කියලා.අපෙත් ජාන වල ඉන්දියානු සම්භාවයක් ඇති. මේ ලෝකේ 100% පිරිසිදු ජාතියක් නැහැ. ජාතිය තීරණය වන්නේ සංස්කෘතියෙන් මිස සම්භවයෙන් නෙමෙයි. සිංහල සන්ස්කෘතියේ ප්‍රධාන සංරචකය මේ රටේ සිටි යක්ෂ, නාග ජන කොටස්. එනිසා තමයි කවුරු මේ රටට වරින් වර කවුරු ආවත් තවමත් බුදු දහම මේ රට තුල මෙපමණකින් හෝ ආරක්ෂාවී තිබෙන්නෙ. (නි)
එතකොට අපි ඉන්දියානුවෝ ?මොකද විජය ඉන්දියන්කාරයෙක්. එහෙනම් ඉන්දියාවට ලංකාවේ මිනිස්සු ගැන කතාකරන අයිතියක් තියනවා. (නි)
මෙතන තියෙන ප්‍රතිචාර දැක්කම දුක හිතෙනවා. ලංකාවේ මිනිස්සුන්ගේ සාමාන්‍ය විද්‍යාත්මක දැනීම ගැන. විස්තර අඩු නිසා මේ අය වැරදියට තේරුම් ගන්නේ. ලාංකිකයන් ප්‍රදාන වශයෙන් ඉන්දියාව සම්බන්ධව හා අපි වානරයන් ගෙන් පැවත ඒම පිළිබද කරුනු විද්‍යාත්මකව තහවුරු උන සත්‍යන් . මෙතන ඉන්නේ වැඩිදෙනා මේ 8 පන්තියේ දනිමවත් නැති හැඩයි.(නදී)
ආ සනුල් අදත් ආව ද මහාචාරිය නලීන්ද සිල්වා මහත්තයාගේ පොත් වලින් කොපි කරන්. කවුරුත් පිළිගන්නේ නැති තර්ක කරලා කාලේ කන්න එපා. (අ0
විජය රජුගේ කතාව මහා වංශය කතුවරයා ලියන්න ඇත්තේ සිංහල ජාතිය බුදුන් වහන්සේගේ ආර්ය වංශයට සම්බන්ධ කිරීමේ අවංක චේතනාවෙන් බවත්, විජය නමින් කෙනෙක් ලංකාවට පැමිණි බවට කිසිදු පුරාවිද්‍යාත්මක සාධක නොමැති බවත් සදහන් කළ ප්‍රකාශයක් යමෙකු විසින් කළා නේද? මේ කියමනත් භාවාත්මක හෝ චිත්තවේගී චින්තනයකින් බැහැරව විද්වතුන්ගේ සාකච්චාවට භාජනය විය යුතු දෙයක් කියලයි මම නම් හිතන්නේ. (නි)
කොළඹ ඉන්න හැම කෙනාගේම ජන දක්කුණේ... කුරුදුවත්තේ ඉන්න 99.9% දකුණේ. ඔවුන්ට තියෙන්නේ වසර 45 ට අඩු ඉතිහසයක් විතරි හැමෝටම තියෙන්නේ.(අ)
නිපුන ඔබගේ සේයා රුවක් අපට බැලීමට හැකි ආකාරයට පල කරන්න. ඔබත් වානරයෙක් වගේද බලන්න. ඔබම කියන ආකාරයට මෙතන ප්‍රතිචාර දැක්කම දුක හිතෙනවා පළමුව මට දුක ඇති වුනේ ඔබගේ ප්‍රතිචාරයට.(නදී)
මේවා හොයනවා නම් හොදයි. ඉන්දියන් කාරයෝ කියල අපහාස කරන අවස්ථා ඕනෑ තරම් දැකල තියෙනවා. ශ්‍රී ලංකා කිවුවට හුගක් දෙනා හිතන්නේ ඔක්කොම එක අය කියලා.ඔය පොඩ්ඩක් හරි ගෑවිලා තිබුනත් ඇති. අපටත් කට ගහන්න බැරියෑ (නි)
අර සින්දුව "අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ තුන් සිංහලයම නෑදෑයෝ.....". ඕක දැන් රැප් කරලා මොඩිෆයි කරලා ගන්න වෙයිද? (නි)
ඕක පුදුමදෙයක් නොවේ. ඉන්දියන්කාරයෝ හදෙත් ඉන්නවා කියලා ඔය කියන්නේ (නි)
ආදරයට සීමාවක් ජාතියක් ආගමක් නැත (නි)
යටත්විජිත සමයේ, බ්‍රිතාන්‍ය කාන්තාවන් ඔවුන්ගේ අඹු සැමියන් සමග ඉන්දියාවට ඇවිත් හිටියා. (නදී)
ජාන වර්ගය මොන එකක් වුනත් වැඩක් නැහැ.පැවත එන්නාගේ ගති ලක්ෂණ තමයි බොහොම වැදගත් වෙන්නේ ,මොකද දැන් දැන් අපේ රටේ නරක වැඩ කරන සමහර අය මොකද කියන්නේ? මම අහවල් රජ පරපුරේ කියනවා. අනේ කාලේ වනේ වාසේ කිව්වලු (නි)
ආ ආ ආ ආ එහෙනම් එයාලත් ඉන්දියාවේ. ඉන්දයාවේ අයත් නරකම නැනේ අපි හිතුව තරම්?(නදී)
නන්දන, ලේ දුන්නට මොළය දෙන්න බෑ කියලා කියන්න විතරයි මට තියෙන්නෙ. ඕනෑ තරම් විද්වතුන් සිංහලයාගේ සම්භවය පිලිබද පොත් පත් ලියා තිබෙනවා කරුනු සහිතව. අඩුම තරමින් ඔබ සෝම හාමුදුරුවන්ගෙ බණ පදයක්වත් අහපු නැති අබෞද්ධයෙක් බව බොහොම පැහැදිලියි. අබෞද්ධයන්ට කොහොමත් මේ රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය පිලිබද ප්‍රශ්නයක් තියෙනව. මතක තියා ගන්න රජරට ගොවීන්ගෙ ජීවිත දහස් ගණනක් බේරුනෙ ඔබ ඔය කියන පුද්ගලය නිසා කියලා.කරුණාකර වැදගත් මිනිස්සුන්ට අපහාස කිරීමෙන් වලකින්න. (නි)
ඉන්දියාවේ ජාන තිබේ නම් එය ඔවුන්ට ලැජ්ජාවට කරුණක් නේද? (නි)
සානුල්,රාජු ඔයාලා නම් ඉන්දියාවෙන් පැවත එන්නන් හෝ ඉන්දියාවෙන් පැනලා ආපු අය බව අපි පිලිගන්නවා. ඔයාලගේ ජාන ඉන්දියන්ම තමයි. නමුත් සිංහලයා පවතින්නේ ඔබලා ඔය හදපු විකාර පුහු තර්කය උඩ නොවන බව පිළිගන්න. ඔයාලා අලුතෙන් අතීතයක් හදමින් පොත් ලියපුබව අපි දන්නවා. (නි)
ඔව් සම්පත් ඔබ හරි, මුනට පෙන්නුවේ නැතුවට හරිම ආඩම්බර අය ඉන්නවා.මහා ලැජ්ජාවක් වේවි. (නි)
ඇයි එංගලන්තයට විතරක් ? අපේ රටේ හැමෝටම වගේ තියෙන්නේ ඉන්දියන් ජාන නේද? ඒ තරම් ඉන්දියන්කරණය වෙලා නේ. (නි)
එංගලන්තේ රජ පව්ලේ ලේ මිශ්‍ර සහගතයි නමුත් ඩයනා කුමරියට චාර්ල්ස් කුමරුට වඩා වැඩි ඉංග්‍රීසි ලේ ප්‍රතිශතයක් ඇති බව කියවේ. (අ)
ජාන විතරක් නොවෙයි ලලිත් අපේ අයගේ මොළෙත් ඉන්දියන් වෙලානේ. (නි)
කොහොමත් දැන් ඉන්දියාවේ ආර්ථිකයේ රජවරු තමා එංගලන්තයේත් රජ කරන්නේ. ලන්ඩන් වල සෑම සාප්පුවක්ම වගේ අයිති ඉන්දියන් අයට. මා පළමුවර ලන්ඩන් ගිය වෙලේ සිතුවේ මම සිටින්නේ ඉන්දියාවේ කියා (නි)
අපිට මොකද අනේ ඉතින්? (නි)
නීල් අම්ස්ට්‍රොන්ග් හදට යනකොටත් එකේ තිබුනලු තිබුනලු ඉන්දියන් කඩයක්.(නදී)
රජ පවුල දැන් ඉල්ලා අස්වෙයිද දන්නෙ නැහැ (නි)
ඔන්න දැන් ඉන්දියන්කාරයෝ චිත්‍රපටයක් හදන්න යනවා ඔය කේස් ඒකගැන.ඔටුන්න හිමි කුමාරයා, බකිම්හම් මල්වත්තේ සින්දුවක් පටිගත කරනවා.(අ)
ඔය එංගලන්තේ ජානේ තමා ලංකාව කෑවේ. එදා ඔය කියන සුද්දෝ රට බාර දෙනකොට නියම සිංහලයටවත් නියම දමිලයටවත් හරියටම නිදහස හම්බ වෙන්නේ නැහැ. මොකද එදා රට බාරදීලා ගියේ කළු සුද්දන්ට. ඉතින් ඔය කලවන් වෙච්ච් කළු සුද්දන්ට කොහොමද ජාතියක් ආගමක් ගැන හැගීමක් එන්නේ? එදා ඉදලා රට කරවපු වැඩි දෙනෙක් මිනුසුන්ට සීනිබෝල දීලා බලයට ආවේ. රටට මොනාහරි කරානම් කරේ බලයේ ඉන්න. වර්තමානේ නැවතත් යුදමය වශයෙන් යටත් නොවුනාට නය බරින් යටත් වෙලා හාමරයි.(නදී)
මොකද්ද ඒ පාර ඒ වෙන්න යන්නේ (දී)
මේවගේම අපේ ලංකාවෙත් මෑතක කාටදෝ දුටුගෙමුනු රජාගේ ජාන තියෙනවා කියල පාර්ලිමන්ට් ජෝක් එකක් ගියා. සිහිනෙන් හෝ රජ පවුලක ජාන තිබෙය කියල හිතා ගමු අපිත්(අ)
මම හිතන්නේ අපේ ලංකික යන්ටත් තිබෙන්නේ බොහෝ විට ඉන්දියානු ජාන . එකනේ අපි ඉන්දියානු ක්‍රමයට අඳින්න කන්න බොන්න නටන්න , බොහෝ නම් ඉන්දියන් සම්බවයක් තිබෙන ලාංකිකයෝ ඉන්නේ . අනික් එක දැන් අපි ඉන්දියාවේ නීතිමය නොවන ප්‍රාන්තයක් වෙලා . ආර්ථිකව සහ සංකෘතිය ඉන්දියාව විසින් අපව යටපත් කරගෙන. අපේම උගත් අය කියන විදියට අප උතුරු ඉන්දියානු විජයගෙන් පැවැත එන ආර්ය ගනයේ අයලු . මේ මට පේන විදිය ගැන මගේ අදහස. අද අපට ඉන්දියාව නැතිව බැරි තත්වයක් ඇවිත්. සිංහල ගුවන් විදුලියේ සියයට 60 ක් අප අසන්නේ ඉන්දියානු සංගීතය සමග හින්දි සින්දු දවස ගානේ . කරුණාකර මෙය අනික් අයට කියවීමට ඇතුලත් කරනමෙන් ලංකාදීප කතු ගෙන් ඉල්ලා සිටිමි.(නදී)
චරිත යන්න ඇත්තේ ඉන්දියාවේ ලන්ඩන් වලට මයේ හිතේ.(නදී)
විජය රජ්ජුරුවෝ නිසා සමහර විට ,රජපවුල සමග නෑකමක් ලංකික අපිටත් ඇති බව හෙළි උනා නම් අපේ අයට හොරෙන් යන්න උවමනා නැහැ. නෑයින් බලන්න ,විසා දෙන්නම වෙනවානේ. (අ)
"ජාන සම්බන්ධතාවය පරපුරෙන් පරපුරට උරුම වන්නේ මව් පාර්ශවයෙන් බැවින් " කියන එක වැරදියි. ජාන සම්බන්ධතාවය මව් පිය දෙපාර්ශවයෙන්ම එනවා. මෙ කියන්නෙ මයිටකොන්ඩ්‍රියල් ජාන (Mitochondrial DNA) ගැන. එය නම් එන්නෙ මවගෙන් පමණයි. (අ)
දැන් ඉන්දියාව බ්‍රිතාන්‍යයේ ඔටුන්නටත් අයිතිවාසිකම් ඉල්ලයි (අ)
තමිල්නාඩුවේ නැතුව...නැගෙනහිර ඉන්දියාවේ නිසා කමක් නැ....(අ)