අයි. සී. සී. ‘ශූරයන්ගේ කුසලාන’ ක‍්‍රිකට් තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය එංගලන්තය සහ දකුණු අප‍්‍රිකාව අතර අද (19) ලන්ඩන්  ඕවර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.

පළමු වටයේ ‘ඒ’ කාණ්ඩයේ ක‍්‍රීඩා කළ එංගලන්ත පිල ප‍්‍රසාද ලකුණු 4 ක් ලබා පළමු ස්ථානය හිමිකරගත් අතර ‘බී’ කාණ්ඩයේ ක‍්‍රීඩා කළ දකුණු අප‍්‍රිකාව ප‍්‍රසාද ලකුණු 3 ක් ලබා දෙවැනි ස්ථානයට පත්විය.    

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි අවසන් පූර්ව තරගය හෙට (20) කාඩිෆ්හිදී පැවැත්වේ. තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 23 වැනිදා එජ්බැස්ටන්හිදී පැවැත්වීමට නියමිතය.