කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වයඹ පළාත් සභාව නියෝජනය කළ මන්ත්‍රීවරු 11 දෙනෙක් ඡන්දයේදී පරාජයට පත් වුහ.
අලුතින් 11 දෙනෙක් පත් වුහ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිමල් කරුණාතිලක(යාපහුව)ආනන්ද චන්ද්‍රලාල්(යාපහුව),ඒ පී කීර්තිරත්න(ගල්ගමුව),සේනාරත්නද සිල්වා, ෂෙල්ටන් පිරීස් (කුලියාපිටිය),එච් ඩී බී හේරත්(හිරියාල),එක්සත් ජාතික පක්ෂයේ එම් නසීර් (කුලියාපිටිය)එච් එම් අලෙවි(කටුගම්පොළ),මංජුල බණ්ඩාර (වාරියපොළ) මුස්ලිම් කොංග්‍රසයේ මොහොමඩ් තස්ලිම් (කුරුණෑගල) සහ ජනතා විමුක්ති පෙරමුණේ නිමල් හේරත්(නිකවැරටිය) පරාජයට පත් වුහ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දයාසිරි ජයසේකර (පඩුවස්නුවර)ජෙහාන් ප්‍රනාන්දු (කුරුණෑගල),රෝහණ බස්නායක (දඹදෙණිය),අශෝක පේමදාස(මාවතගම),චන්ද්‍ර කමලසිරි(බිංගිරිය) එක්සත් ජාතික පක්ෂයේ ප්‍රීතී මොහාන් පෙරේරා(ගල්ගමුව),අසංක සුධිර පෙරේරා (කටුගම්පළ)එම් එස් පෙරේරා (දොඩම්ගස්ලන්ද) ප්‍රජාන්ත්‍රවාදී පක්ෂයේ රංජිත් ගුණසේකර (කුරුණෑගල), ආර් එම් රත්නායක (දඹදෙණිය) සහ ජනතා විමුක්ති පෙරමුණේ නාමල් කරුණාරත්න(යාපහුව) අලුතින් තේරි වු මන්ත්‍රීවරු වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිලියන ගණනින් වියදම්කර මහජන සේවයට ආපු අය මිලියන ගණනින් ගසාකන ආකාරය බලමුකෝ, අඩුම ගානේ අවුරුදු 4 යනතුරු ඡන්දදායකයෝ වෙනුවෙන් පාරකට බොරළු ටිකක් දාලා දෙයිද කියලා. (නි)
මම දැකපු මිනිස්සුන්ගේ සුපිරි තීන්දුවක් මේ ඇවිල්ලා තියෙන්නේ. ජන වරම කියන්නේ මෙන්න මේකටයි. ඉන්නකල් වංචා දුෂණ ඔක්කොම කරලා ජන්දයක් ළං වුණහම විතරක් රත් වෙලා දගලන හොරුන්ට සුපිරි උත්තරයක් දීලා එලියට ඇදලා දාපු අපේ වයඹ ජනතාවට ජය වේවා..!! (නි)
පැරදුනේ මං, නැතිවුණෙ මං, නුඹලට නම් මොකද ඉතින්? (නි)
අපේ ගොවි රජා දිනන්න ඕනෑ. බොරු සටකපටකම් නැති ගමේ මිනිහට විසි කරන්න සල්ලි නැති වුනාට හිත පුරා මනුස්සකම තියෙන අපේ මන්ත්‍රීතුමා ගිරිබාවට ගල්ගමුවට කීර්තියක්. ජය පරාජය කොහොම වුනත් සැබෑ මිනිසුන් ඔබ ළගයි (නි)
එකොළහක් ගියා, එකොළහක් ආවා. වෙනස = 0 යි. ගිය කට්ටිය කළ සංවර්ධනයයි ආපු කට්ටිය කරන්න යන සංවර්ධනයයි අතර වෙනසත් එසේම නොවේවා! (නි)
නියම දේශපාලනය කරපු ගොඩක් අය හළලා අනෙක් අය ටික දිනලා මහත්මා දේශපාලනය කරපු ගල්ගමුව ආසනය නියෝජනය කළ ගොවි මහත්තයා පරාදවෙන්න ඇත්තේ ලොකු වාහන වලින් ගිය රජ කුමාරයන්ගේ සහ ඔවුන්ගේ සාමාජිකයනගේ ආශිර්වාද නොලැබුන නිසා වෙන්න ඇති (නි)
සුදත්, ඔබට ජයවේවා! පව් අහිංසක ගොවි මහත්මයාට සැළකු හැටි. එංගලන්තේ හිටියත් මේ වගේ ගොවියන්ගේ ජිවිත වල තියන යථාර්තය දන්නා අය ඔය පළාත් සභාවේ නැති වීම නම් කණගාටුවට කරුණක් (නි)
වයඹ මැතිවරණය මුදල් සහ මැර බලය මිශ්‍ර ප්‍රතිපලයක් ලෙස හඳුන්වන්න මට නම් පුළුවන්.. (නි)
පැරදුනු අයත් දිනපු අයත් වයඹ පළාත ගැන දන්නා අයද කියන එක ගැන ලොකු ප්‍රශ්නයක්. ඥාති සංග්‍රහයෙන් ඇතුලට ආපු අය ගැන විශේෂයෙන් බැලියයුතු වෙනවා. අමතක කරන්න නරකයි ඒ අය වියදම් කළේ මුළු රටේම මහජනයාගේ සල්ලි මිසක් ඔවුන්ගේ බුදල් නොවෙන බව. (නි)
පරාර්ථය වෙනුවට අවුරුදු 4ක් ස්වාර්ථය සාධනය කරගැනීමට ලැබුණ ප්‍රතිඵලය (නි)