(තිළිණි ද සිල්වා)
දැනට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා ඒකකයක් සහ තවත් නිලධාරීන් නැවත මෙරටට එවීමට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව තීරණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සාකච්ඡා කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටී.
ඒ අනුව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට ගොස් සිටින විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා අද (27 ) දින එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම්වරයා සමඟ මෙම කරුණ පිළිබඳව සාකච්ඡා කරන බව එම අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ මෙසේ දැක්වේ.
ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාපති ලෙස පත් කිරීම පිළිබඳ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන්, දැනට එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ සේවය කරමින් සිටින ශ්‍රී ලංකා හමුදා ඒකකයක් සහ තවත් නිලධාරීන් නැවත මෙරටට එවීමට එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙන බවට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ නියෝජ්‍ය ප්‍රකාශක ඊයේ (25) සිදුකළ ප්‍රකාශයෙන් අනතුරුව, ශ්‍රී ලංකා රජය මෙම කරුණ පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ සාකච්ඡා කරමින් සිටී.
එක්සත් ජාතීන්ගේ 74 වන මහා සභා සැසිවාරය සඳහා සහභාගී වන ශ්‍රී ලාංකික නියෝජිත කණ්ඩායමේ නායකත්වය උසුළන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා, එක්සත් ජාතීන්ගේ සාම මෙහෙයුම් දෙපාර්තමේන්තුවේ උප මහලේකම්වරයා සමඟ සිකුරාදා (27) මෙම කරුණ පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයින් පැහැදිලි වන්නේ එක්සත් ජාතීන්ගේ නිරුවතයි. ඔවුන්ට අවශ්‍ය ත්රස්තවාදීන් මේ ලොවින් තුරන් කිරීම නොව , ත්රස්තවාදීන් බෝකරමින් රටවල්වලට රිංගා ගැනීම,රටවල් අස්ථාවර කිරීම සහ අවි වෙළඳාමයි.
ත්‍රස්තවාදය තේරුම් කිරීම ඔවුන්ගේ ප්‍රතිපත්තියට පටහැනිද?
මහින්දගේ කාලේ ගෝඨා ආරක්ෂක ලේකම්. එ්ත් අපට එ්ක හිමිඋනා.එහෙනම් මේ ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්ති වල ප්‍රශ්නයක් තියනවා.එ්කෙන් කියන්නේ නැහැ ශවේන්ද්‍රට එය නොදිය යුතුයි කියලා. ඔහුට එය දිය යුතුයි. එත් ඒ එක්කම මේ ප්‍රශ්න මොලේ ඇතුව බේරගන්න වෙනවා. මේ ආණ්ඩුව සමග බටහිර හොදයි කියලනේ කියන්නේ.
අර යටත්වුණු පොලිස් නිලධාරීන් 600 දෙනෙකු සමුල ඝාතනය කර සමුහ මිනීවලක මිහිදන් කරපු නායකයෝ සහ ඔවුන් සමග සම්බන්ධතා පවත්වන සංවිධාන වලට මේ යුධ අපරාධ චෝදනා නැද්ද ? වෙන රටවල සාමය තහවුරු කරන්න යන්න අපි බලෙන් පස්සෙන් ගිහින් පින්සෙන්ඩු වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැත.. අපි එපා නම් නැවත අාවහම ඉවරනේ? නැතිනම් තව අවුරුදු 3-4 ගිහින් මේ ගොල්ලන් කියන්න බැරි නැහැ සාමසාධක හමුදාවේ හිටිය ලංකාවේ සෙබලුත් යුධ අපරාධ කළා කියලා.