IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


‘එකවිට දෙපලක කුඩු අල්ලන්න බෑ‘ : සැකකරු නිදහස්

එකම අවස්ථාවක එකම තැනක හෙරොයින් වැටලීම් දෙකක් කිරීමේ හැකියාවක් නැති බවත් ඒ ආකාරයේ වැටලීම් දෙකක් කළ බවට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසන කතාව විශ්වාස කිරීමේ හැකියාවක් නැති බවත් කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය මහතා කුඩු ග‍්‍රෑම් 41ක් ළඟ තබාගෙන ජාවාරම් කළ බවට චෝදනා ලැබ සිටි විත්තිකරුවකු නිදොස් කොට නිදහස් කළේය.

මරදාන වැනි ප‍්‍රදේශයක කාන්තාවක් කුඩු සමඟ අත්අඩංගුවට ගෙන ඉතාම සුළු වේලාවකින් එම ස්ථානයේදීම තවත් පිරිමියකුද කුඩු සමඟ අත්අඩංගුවට ගත්තා යැයි කීම සිදුවිය නොහැකි යැයි පෙන්වා දුන් නීතීඥ නිහාල් ගුණසිංහ මහතා විත්තිය වෙනුවෙන් සාක්කි නොකැඳවාම අපරාධ නඩු විධාන සංග‍්‍රහයේ 200(1) වගන්තිය යටතේ විත්තිකරු නිදහස් කරන්නැයි කළ ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.

මරදානේ පදිංචි මොහොමඩ් නසීර් මොහොමඞ් රංජිත් 2008 මාර්තු 11 වැනි දා හෝ ඊට ආසන්න දිනයක මරදානේදී හෙරොයින් ග‍්‍රෑම් 41ක් ළඟ තබා ගන්නා ලදැයි විත්තිකරුට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා තිබිණි.



අදහස් (0)

‘එකවිට දෙපලක කුඩු අල්ලන්න බෑ‘ : සැකකරු නිදහස්

අංගොඩ ලාල් Sunday, 07 February 2016 01:48 PM

මේක සොයා බැලිය යුතු නඩු තීන්දුවක් . මේකෙන් කියවෙන්නේ පොලිසිය මත්ද්‍රව්‍ය සමග එක තැනකින් 10 ක් ඇල්ලුවොත් නඩු පැවරිය යුත්තේ එක් සැකකරුවෙකුට පමණක් කියන එකද ? පුදුම තීන්දුවක් ! (බ)

:       0       0

තිලක් Sunday, 07 February 2016 02:13 PM

මේ විනිසුරත් කුඩු බිස්නේස්ස් කාරයෝ එක්ක සම්බන්දයිද කොහෙද එකම තැනක කීදෙනෙක් හිටියත් අල්ලගන්න එකේ ප්‍රශ්නේ මොකක්ක්ද (කෞ)

:       0       0

කුමාර Sunday, 07 February 2016 08:51 AM

පුලුවන්නම් මේ නඩුව ගැන තව විස්තර ටිකක් දාන්න. මන්ද මෙයින් ගොරක දඩ මස් කරන හැටිත් දඩ මස් ගොරක කරන හැටිත් ඉගන ගන්න පුළුවන් අපිටත්

:       0       0

චමල් Sunday, 07 February 2016 08:59 AM

කුඩු ගේන මෝහොමඩ්ලා කොහොමත් නිදහස්. කුඩු උරණ සිරිපාලලා ඇතුලේ (කෞ)

:       0       0

අසංක Sunday, 07 February 2016 10:35 PM

එකම අවස්ථාවක එකම තැනක හෙරොයින් වැටලීම් දෙකක් කරන්න බැරි ඇයි? මේක ගැන සොයාබැලිය යුතුයි (නි)

:       0       0

අලී Sunday, 07 February 2016 10:41 AM

මොකක්ද මේක (කෞ)

:       0       0

සරණපාල Sunday, 07 February 2016 11:00 AM

මම ඊයෙත් කීවේ අපේ රටේ සියයට අසූවක් අහිංසකයෝ හිරබත් කනවා. ඒ නිසා කව්රු නමුත් මේ ගැන සොයා බැලිය යුතුයි (බ)

:       0       0

අජිත් Sunday, 07 February 2016 11:41 AM

මේ මහේස්ත්‍රාත් ගැන අධිකරණ කොමිසම හොයා බැලුවොත් වටිනවා (බ)

:       0       0

අසෝක Sunday, 07 February 2016 12:09 PM

මටත් හිතුනේ මේ ගැන හොයලා බලන එක රටේ අනාගත තීන්දු වලට ගොඩක් වැදගත් වෙයි.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site