ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි හා ශී‍්‍රලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් පසුගියදා පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියට සහභාගී වීම සදහා පැමිණ සිටි අවස්ථාවේ ලද අවසරයකින් රාජ්‍ය නායක දෙපළ මෙසේ හමුවූහ.
ඉතා සුහද සංවාදයක යෙදුණු ඉන්දියා අගමැතිවරයා හා ශී‍්‍ර ලංකා ජනපතිවරයා දෙරට අතර විසදා ගැනීමට ඇති ගැටලූ සම්බන්ධයෙන් අදහස් පළ කළහ.
දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරු පිරිසක් තමන් හමුවීම සම්බන්ධයෙන් ශී‍්‍රලංකා ජනපතිවරයා දැනුම්වත් කිරීමට අගමැති මෝදි කටයුතු කළේය.
ශ්‍රී ලංකාවේ උතුරේ ප්‍රශ්නය ගැන රජය ඕනෑම දේශපාලන පක්ෂයක් හා සාකච්ඡා කිරීමට සූදානමින් සිටින බව ජනපති මෝදිට කීවේය. ඒ සදහා පාර්ලිමෙන්තු තේරීම් කාරක සභාවක් පත්කර ඇතැයිද ඒ මගින් දෙමළ ජාතික සන්ධානයටද රජය හා පහසුවෙන්ම පහසුවෙන්ම සාකච්ඡා සඳහා සම්බන්ධ විය හැකි යැයිද ජනපති පෙන්වා දුන්නේය.
ධීවර ගැටළුව සම්බන්ධයෙන්ද රාජ්‍ය නායකයෝ දෙපළ අවධානය යොමු කළහ.
දෙදෙනගේම අදහස වූයේ මෙය ඉතා සංවේදී සිදුවීමක් වන බැවින් එය ප‍්‍රවේසමින් විසඳා ගත යුතුව ඇති බවයි.
ඉන්දියා ධීවරයින් ඇතැම් අවස්ථාවන්හි නීති විරෝධී ක‍්‍රම භාවිතා කරමින් මසුන් මැරීමේ නිරත වන බවත් එය ශී‍්‍රලංකා ධීවරයින්ට කරන ආසාධාරණයක් බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශී‍්‍ර ලංකාවට පක්ෂව කරුණු දැක්වීම සම්බන්ධයෙන් ජනපතිවරයා ඉන්දියාවට ස්තූතියද පළ කළේය.
‘‘අප එක්ව ජීවත් විය යුතුයි.ඒ සදහා අප එකිනෙකාට උදව් කරගත යුතුයි‘‘ යැයි අගමැති මෝදි ඊට පිළිතුරු දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
‘‘එක්ව ජීවත්වෙමු : එකිනෙකාට උදව් කරමු” තේමාව ක්‍රියාවට නංවන්න නම්, ජයලලිතාට දුන්නා වගේ දඬුවම් අපේ රටෙත් ක්‍රියාත්මක කරන්නම ඕනෑ. ප්‍රජාතන්ත්‍රවාදයත් හෑල්ලුවට ලක්වෙලා තියෙන මොහොතේ අධිකරණයේ ස්වාධීනත්වය හෝ ශක්තිමත් කරගත යුතුයි. (නි)
අනේ ඔය අදහස හැමදාම ක්‍රියාත්මක වෙනවනම් කොයිතරම් හොඳද? (ස)
ඔය කිව්වට ඕක කරන්න පුළුවන් වැඩක්ද???? (දී)
මෝදීට ශක්තිමත් රජයක් තිබෙන නිසා ධනාත්මකව බලා සිටිමු.ඔහු යමක් කරාවි. (දී)
අපේ ජනපතිතුමා සාර්ථක වෙන බව විශ්වාසයි (නි)