මධ්‍යම පළාත් සභාවේ සභාපති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහින්ද අබේකෝන් මහතා මහනුවර පල්ලේකැලේ පළාත් සභා කාර්යාලයයේ දී පැවැති මංගල සැසියේ දී වැඩි ඡන්ද දෙකකින් තේරී පත් විය.
සභාපති තෝරා ගැනීමේ අවස්ථාවේ දී එක්සත් ජානතා නිදහස් සන්ධාන මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පළාත් සභාවේ සභාපති ලෙස මහින්ද අබේකෝන් (එජනිස) මහතාගේ නම යෝජනා කළ අතර එම පක්ෂයේම එස් පොන්නයියා මහතා එම යෝජනාව ස්ථිර කිළේය.
පළාත් සභා සභාපති ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානයේ එල් ඩී නිමල්සිරි මහතා පත් කළ යුතු යැයි එක්සත් ජාතික පක්ෂයේ රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා යෝජනා කළේය. එජාපයේ යෝජනාව සරත් ෆොන්සේකාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ චන්න ගලප්පත්ති මන්ත්‍රීවරයා ස්ථිර කළේය.
සභාපති ලෙස නම් දෙකක් යෝජනාවූයෙන් ඔවුන් දෙදෙනා අතර රහස් ඡන්දයක් පැවැති අතර එහිදී මහින්ද අබේකෝන් මහතාට ඡන්ද 29ක් ලැබුණු අතර එල් ඩී නිමල්සිරි මහතාට ඡන්ද 27ක් හිමි විය.
මධ්‍යම පළාත් සභාවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාව 58 කි. එජාපයේ එක් මන්ත්‍රීවරයෙක් පමණක් අද සහභාගී නොවීය.
මධ්‍යම පළාත් සභාවේ එජනිස මන්ත්‍රීන් 36කි. එජාපයේ මන්ත්‍රීවරු 16ක් ද, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ 2ක් ද, ලංකා කම්කරු කොංග්‍රසයේ 2ක් ද, කදුරට පක්ෂයේ එක් මන්ත්‍රීවරයෙක් ද, මුස්ලිම් කොංග්‍රසයේ එක් මන්ත්‍රීවරයෙක් ද වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද පටන් ගැන්මක් කියලා නම් පේනවා (දී)
හෙවාහැටට නං හොදට වැඩ කරලා තියනවා ගිහින් මිනිස්සුන්ගෙන් ඇහුවොත් ඉතින් අහන කොටම ගුටි තමා කඩයක් ගත්තා වත්තක් ගත්තා හොදට හම්බකරගත් තව මොනවද (අ)
උණුසුම් සුබපැතුම් (දිල්)
මේකට තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ. විරුද්ධ පක්ෂයෙනුත් කෙනෙක් ඉදිරිපත් වුණා නම් තව හොඳයි. (නි)
රදික, නිහාල් අදහස ලස්සනයි. තව ටිකක් ප්‍රායෝගික වුණා නම් හොඳයි (නි)
කතා කරන්න එපා ඒ ගැන නම් (දී)
කොහොම වුණත් එක දෙයක් නම් සිදුවුණ විදිය වැරදියි. (නි)
සුභ පතනවා (දිල්)
සභාපති කෙනෙක් විරුද්ධ පක්ෂයෙන් යෝජනා කරන්න නොහැකිද? (නි)
මහින්ද අබේකෝන් මහතාණෙනි, ඔබට සුබ පැතුම්. (නි)