IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එකමුතු වී වැඩ කරන්න ඕනෑ: බයිඩන්-ට්‍රම්ප් කියති

‘දේශපාලන බෙදීම් පසෙකලා එකට එක්වෙමු’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩිමොක්‍රටින් පක්ෂ අපෙක්ෂක ජෝ බයිඩන් සහ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

බයිඩන් මෙන්ම, ට්‍රම්ප් ද ඇමෙරිකානුවන්ගෙන් මෙසේ ඉල්ලා සිටියේ, ඉකුත් දා පෙන්සිල්වේනියාවේ මැතිවරණ රිපබ්ලිකන් පක්ෂ රැලියකදී, ප්‍රධාන රිපබ්ලිකන් අපේක්ෂක ට්‍රම්ප්ට වෙඩි ප්‍රහාරයකින් දිවි ගලවා ගනීමත් සමඟය.

දේශපාලන බෙදීම් පසෙකලා එකමුතු වී කටයුතු කරමු යැයි ට්‍රම්ප් පැවැසුවේ, වෙඩි ප්‍රහාරයෙන් දකුණු කන් පෙත්ත තුවාල වී රෝහල්ගතව ප්‍රතිකාර ලබා පිටව යද්දීය. දේශපාලන බෙදීම් පසෙකලා එකමුතු වී කටයුතු කරමු යැයි ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේ ට්‍රම්ප්ගේ වෙඩි තැබීම සම්බන්ධයෙන් ජාතිය අමතමිනි. ඒ, ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ සිට මිනිත්තු 6 ක පමණ වීඩියෝවක් නිකුත් කරමිණි.

මැතිවරණ වේදිකාව උණුසුම් නමුත්, ප්‍රචණ්ඩ ක්‍රියා මැතිවරණ වේදිකාවට අවහ්‍ය නොවන බවත්, ඇමෙරිකන් දේශපාලනය තුළ ප්‍රචණ්ඩ ක්‍රියා බැහැර කළ යුතු බවත් බයිඩන් පෙන්වා දුන්නේය. ඒ සුපුරුදු පරිදි වචන පටලවා ගනිමිනි. 

‘ප්‍රචණ්ඩත්වය අවශ්‍ය නැහැ. ඇමෙරිකා දේශපාලනය ප්‍රචණ්ඩත්වයේ මාවතට පිවිසිය යුතු නැහැ. ඉදිරි ජනාධිපතිවරණය තීරනාත්මකයි. ඒ බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. ඒත් ප්‍රචණ්ඩත්වය නොවෙයි පිළිතුර. අපි ජනාධිපතිවරණයේ දී සටන් කරමු. ජනාධිපතිවරණයේ නාමයෙන් ලේ සෙලවීම් අවශ්‍ය නැහැ.’ යැයි බයිඩන් ජාතිය අමතමින් අවධාරණය කළේය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

එකමුතු වී වැඩ කරන්න ඕනෑ: බයිඩන්-ට්‍රම්ප් කියති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 153 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 953 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site