අම්බලන්තොට මාමඩල අක්කර අට ප්රදේශයේ දි අද (19) සවස එකම පවුලේ පුද්ගලයින් හය දෙනකු කපා කොටා දැමීමෙන් බරපතල තුවාල ලබා අම්බලන්තොට හා හම්බන්තොට මහ රෝහල් වෙත ඇතුලත් කරනු ලැබ සිටිති.
මෙලෙස බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ කාන්තාවන් හතරදෙනෙක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් බව පොලිසිය කියයි.
එක් කාන්තාවකගේ දකුණු අත මැණික් කටුව ලඟින් වෙන් වන සේ කපා ඇති බවද අතේ වෙන් වූ කොටස ද රෝහලට රැගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි.
හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති අසාද්ය තත්ත්වයේ පසුවන රෝගින් දෙදෙනෙක් ගාල්ල කරාපිටිය රෝහලට මාරු කර යැවීමට කටයුතු කරන බව රෝහල් ආරංචි සඳහන් කරයි.
පවුලේ දේපල සමබන්දව ඇති වූ ආරවුල් තත්ත්වයක් මත පවුලේම දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් මීට හේතුවී ඇතැයි සැක කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යනකොට අරන් යන්නද මේ පොදිබැඳ ගන්නේ. (නි)
නන්ද, එක අතකින් ඔබ හරි. තවත් අතකින් අප කල්පනා කළයුතු දෙයක් තිබෙනවා. අපේ රටේ කෙරෙන්නේ වැඩි වැඩියෙන් බණ දෙසීම සහ ඇසීම පමණයි. පිළිපැදීමක් නැහැ. බෞද්ධකම ලේබල් එකට පමණක් සීමාවෙලා! (නි)
දැන් මිනිසුන් තිරිසනුන්ටත් වඩා අන්තවෙලා (නි)
අනේ අපේ ඉන්දියන් සාගරයේ මුතු ඇටයට මොනවාද මේ වෙන්නේ. තුන් පාරක් බුදුන් වැඩිය රට නේද? (ම)
ඔය පැතිවල ඉන්නේ ඔය වගේ තිරිස්සන්නුන්ටත් අන්ත අය තමා.(ම)
ලොස්ඇන්ජලීස්වල මිනී මරන්නෙ නැත්ද ? (බ)
දැන් මිනිස්සු පුදුම විදිහට දරුණු සිත් ඇත්තන් වෙලා (නි)
ශ්රී ලංකාව බෞද්ධ රටක් කියල හිතන්න අමාරු මොහොතක් ,,,,,,,,,,,,(ම)
තමාගේ වරිගයේම එකාට එකා මරාගන්නේ තිරිසන් සතුන් කියලයි මමනම් අහලා තිබෙන්නේ (අ)
අපේ දේශයට පැමිණ අපිව ඝාතනය කර මෙහිම පැලපදියන්වූ මිනි මරු ඉන්දියානුවනි වහා පිට වෙයව් (බ)
තම ලෙයම මරා ගන්නේ එහනම් මොවුන් හයීනා කියන තිරිසන් සත්ව කුලයේ වෙන්න ඇති.(බ)
තණ්හා ආශා... තණ්හා ආශා ඔලොගු කරේ ලා මග තොට නොබලා වගතුග නොසොයා එළිය දකින්නද මේ යන්නේ.... ඒ... සැපත සොයන්නද මේ යන්නේ කතරේ..... ගිනිගත් වැලි තලයේ (බ)
රටේ පවතින නීතියේ නිවට කම නිසා මිනිස්සු අපරාධ කරන්න පැකිලෙන්නේ නැහැ. මොනවා කලත් ඇප පිට ගෙදර එන්නත්, දිගුකලකින් නිදහස් වෙන්න හෝ මරණයෙන් ගැලවී තම අරමුණ ඉටු කර ගන්නත් පුළුවන් බව මිනිස්සු දන්නවා. බොරු කයිවාරු හහන්නේ නැතුව අපරාධ වලට දැනෙන දඬුවමක් දෙනවා නම අපරාධ අඩු වෙනවා.(ම)
කුටදත්ත බමුණා පවත්වන්න සුදානම් කළ යාගය බුදුන් වහන්සේ නවතා දැමුවා සේ මේ අපරාධය නවතා දැමීමට බැරිවුණා (බ)
හැම පවුලකම දේපල සඳහා තිබෙන සීතල යුද්ධය රත් වූ මොහොතක් (නි)
77 දී ධර්මිෂ්ට සමාජයක් ගොඩනඟා, පසුගිය කාලයේ එය පිළිවෙතින් පෙළ ගස්සවා, සම්බුදු හිමිගේ සම්බුදුදහමින් පෝෂණය කළා. මේ සඳහා කොතරම් බණදහම් දෙසුවාද..! මේ පුවතින් කියවෙන්නේ ඒ සකලවිධ ක්රියාවලියන් අසාර්ථක වී ඇති බව නේද ? (නි)
බලන්නකෝ සාමයේ එකමුතුකම කියන රටේ වෙන දේවල්. තව අපිටත් සමහර යාළුවො පිටරටවල ඉන්න එපාලු. ලංකාවට ඇවිල්ලා සැනසීමෙන් ඉන්නලු. පරාණ බයෙන් මරබයෙන් ඉන්න වෙන්නේ (නි)
වනචාරි යුගයේ අය තාම ඉන්නවා...... (නි)
කපා කොටාගෙන මරාගෙන දිනාගන්නා දේපොළ සතුටින් භුක්ති විඳිනවා යන්නේ තේරුම පවා කෙසේ පැහැදිලි කරගන්නද? (නි)
සියලු දේ අත්හරින්න කියලා බුදු දහමේ කියන දේවල් අද ඉන්න අයට තේරෙන්නේ නැහැ (නි)
තිරිසන් සතුන් අතර වුණත් මෙවැනි මිලේච්ඡ පළිගැනීම් දක්නට නැත (නි)
සිංහල අපේ අයමනේ මරාගන්නෙ. බලන්න මුස්ලිම් දෙමළ අය තම තමන්ගේ පවුල්වල තියන සමගිය (නි)