‘එ්කාබද්ධ විපක්ෂය එන්න එන්නම දිය වෙනවා.ඊයේත් අපේ ආණ්ඩුවට ඒ පැත්තෙන් තුන්දෙනෙක් ආවා අමාත්‍ය ධූර අරගෙන. ඉදිරියේ තවත් පිරිසක් ආණ්ඩුවට එකතු වෙනවා.දැනට ඒ පිළිබඳ සාකච්ජා කරමින් අපි ඉන්නේ’ රාජ්‍ය පරිපාලන හා කලමණාකරන අමාත්‍ය රංජිත් මද්දුම බණෟඩාර මහතා පැවසිය.
පිටකෝට්ටේ පිහිටි ‘සිරිකොත’ එජාප මුලස්ථානයේ දී අද (07) පැවති මාධ්‍ය හමුවක දී කීවේය. පාර්ලිමේන්තු මන්ත්‍රි කාවින්ද ජයවර්ධන ඇතුළු පිරිසක් ද මේ අවස්ථෘවට සහභාගී වුහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ දිලිසෙනවා වගේ. මෙහෙම ඇමැතිකම් දුන්නොත්.(හේ)
ජනතා ඡන්දයෙන් අපු දුෂිතයන්ටත් ඇමතිකම් දෙන්න වෙලා. කෙසේ හෝ යහපත් රටක් හදාගන්න පසුබිම සැකසිය යුතුයි. රාජපක්ෂ රෙජීමය ඒ කලේ දුෂිත වගේම දැනට වෙන දුෂිත ක්‍රියාවලටත් වක්‍රව සම්බන්දයි.(අ)
සමරුන්ට තේරුනත් නොතේරෙන විදිහට ඉන්නවා, දියවෙන්නේ ජනතාවගේ සල්ලි බව. (නි)
හොර මුල අයිමත් එකතු වෙනවා (ම)
මහින්ද කළේ සම්මතයට පිටින් ඇමතිලා එයා ළඟට ගත් එක. දැන් වෙන්නේ සුදුසුකම් අනුව පක්ෂ බේදයකින් තොරව පත්වීම් දෙන එක. (නි)
බොරු කතා එපා. මනුෂ අදත් ඉන්නේ මහින්ද එක්ක. එතන තියෙන්නේ ගයන්ත-වජිර ගැටුමක්. ගයන්තට ඕන ගාල්ලෙන් වජිරට වැඩක් දෙන්න.සවුත්ලන්ඩ්ස් එකෙන් මතු වුනෙත් කොටසක්. (බ)
ඔයාලට වැරදිලා. දියකරන්නෙත්, ඝනීභවනය කරන්නෙත් ඔය ඉන්න වන්දිබට්ටයෝ නොව මහජනතාවබව අමතක කරන්න එපා. මේක තාවකාලික සංදර්ශනයක්. හොඳම දේ දෙපැත්තේම නැහැ. දැන් තිබෙන්නේ නරකදේද, වඩා නරකදේද කියා ප්‍රතික්ෂේප කළයුතු කාලයක්. බුද්ධිමත් ජනතාව ඒක කරාවි. (නි)
දැන් යහපාලනය කියා ආණ්ඩුව ගත්තේ මේකටද? ඇමැතිකම් දිදී විපක්ෂය දියකරන්නද? (බ)
ඔය ඔක්කොමලා දියවේවී ඊළඟ ඉලෙක්ෂන් එක අාවම (බ)
විපක්ෂය නෙමෙයි, මහජනතාවගේ සල්ලි තමා දියවෙන්නේ (නි)
ඒකාබද්ධ විපක්ෂය දියවෙනවා. ඇමති ගොඩ වැඩිවෙනවා. ඔන්න සැබෑ වෙනස. (නි)
සමහරු දන්නේ නැහැ තමන් දියවෙනවා විතරක් නෙමෙයි වාෂ්පත් වෙනවා කියලා (නි)
ඉස්සර කාලෙත් ඇමතිකම් දීලා විපක්ෂයේ කට්ටිය බිලී බාගත්තා. දැන් මේ කට්ටියත් ඇමතිකම් දීලා විපක්ෂයේ කට්ටිය බිලි බා ගන්නවා. විපක්ෂේ හිටියත් කොහේ හිටියත් කුට්ටියක් ලැබෙනවා නම් සියලුම ප්‍රතිපත්ති කැලේට විසිකරලා දාන්න අපේ දේශපාලනඥයෝ එක පයින්. එතකොට ඇමති මණ්ඩලේ අඩු කරන පොරොන්දුවට මොකද වෙන්නේ? (නි)
අනේ සෝභිත හිමි හිටියේ නැහැනේ මේවා බලන්න. ඉන්න තිබුනේ යහපාලනේ රඟ බලන්න (නි)
ටික ටික දිය වෙලා යයි බලමුකෝ?(හේ)
ඔයාගේ පක්ෂෙට කවුරුත් ආවේ නැහැ ඒ රැවටිලා.(හේ)
ජනතා බදු වලින් දේශපාලන කප්පම් ගෙවීම.(හේ)
අපි බලමු කවුද දියවෙන්නේ කියලා (නි)
දියවෙන්නේ දේශපාලකයන් කෙරෙහි මිනිසුන්ගේ තිබෙන විශ්වාසයයි (නි)
මහත්තයෝ, ඔයගොල්ලෝ කයිවාරු ගැහුවට මේ කරන්නේ මහා නිවට වැඩක්. ඇමතිකම් දිදී පාගා අරන් අනිත් පැත්තේ මිනිසුන්ව බිලී බාගන්න එක අපට අනුමත කරන්න බැහැ. අන්තිමේදී ඔහොම ගියොත් මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීලා කියන වර්ගය නැතිවෙලාම යාවි. ඊළඟට තියන්න වෙන්නේ මැතිවරණ නොවෙයි. ඇමතිවරණ. (නි)
පැත්ත මාරුකරන අය ගැන බලාගෙන! විශ්වාසයක් නැති අය (නි)
බල හා ධන තන්හාව හමුවේ රටක අනාගතය (හේ)