මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ සහ ලසන්ත වික්‍රමතුංගට සිදුවූ දේ පිළිබඳ සොයා වැරදිකරුවන්ට දඬුවම් කරන බව පිවිතුරු හෙළ උරුමයේ ලේකම් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පසුගියදා කළ ප්‍රකාශයට පිළිතුරු දක්වමින් ප්‍රදීප් එක්නැලිගොඩ මහතාගේ පුත් සංජය එක්නැලිගොඩ සිය ෆේස්බුක් පිටුවේ දක්වා ඇත්තේ එය ගම්මන්පිල මහතා දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් සිදු කළ එකක් බවයි.
2010 වසරේදී අතුරුදන්වූ තම පියා එවකට පැවති සන්ධාන ආණ්ඩුවට එය සෙවීමට අවුරුදු 5ක් තිබූ බවත් එම කාලයේදී නොකළ දෑ නැවත බලයට පත්වී සිදු කරනු ඇතැයි කෙසේවත් විශ්වාස කළ නොහැකි බවත් දැන් තම පියා මතක් වී ඇත්තේ මහ මැතිවරණය එළැඹ ඇති නිසා බවත් සංජය එක්නැලිගොඩ තම ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රකාශ කර ඇත.
ගම්මන්පිල වැනි දේශපාලන වාසි ලබාගැනීමට උත්සාහ කරන්නන් පිළිබඳ විශ්වාසය තැබීමට තරම් තමා මෝඩයකු නොවන බවද ඔහු එහි සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්නැලිගොඩ කියලා අයෙක් ඉන්න විත්තිය මම දන්නෙත් අතුරුදහන් වුණාට පස්සේ.ඒ කොහොම වුණත් උඩින් පෙනෙන සත්‍යටය වඩා මෙහි වැඩියමක් තිබෙන විත්තිය පෙනෙනවා මට.මේ අතුරුදහන්වීම තම මැතිවරණ ව්‍යාපාරය තුළ ප්‍රධාන කාරණාවක් කරගත් අය දැන් ඒ ගැන සෙවීමට දක්වන්නේ ඇල්මැරුණු ගතියක් (නි)
ලෝකය සහ ලෝකයෝ කවුද කියල තේරුම්ගන්න තරම් බුද්ධියක් දැන්ම තියෙන නිසා උඹට වරදින එකක් නෑ පුතේ.(ම)
අනේ ඇත්තද එස්. එල්.? ඔයා දන්නවද ඒක? (නි)
කපිල, එස්. එල්, ඔබලා ඕපපාතිකද, අවජතාකද ? තාත්තෙක් ගේ අඩුව තේරෙන්නේ ඉඳල නැති උන කෙනෙකුට විතරයි.(ස)
පුතේ ඔයා ඔයාගේ පුංචි මොලෙන් තේරුම් ගන්න තරම් දෙයක් තේරුම්ගන්න බැරි කිදාහක් අපේ රටේ ඉන්නවද? අපි බලමුකෝ පුතේ ගිය සැරේ රුපියල් 100 යට රැවටුන කට්ටිය මේ සැරේවත් මොලේ පාවිච්චි කරයි ද කියල.....පිවිතුරුයි කියන වචනයටත් ලජ්ජයි..(බ)
කපිල එයාලගේ ඥාතියෙක් වගෙයිනේ කතාව (නි)
ගම්මන්පිල කතා කරන්නෙනම් ඇල්වතුරත් නිවලා බොන විදිහට මැතිවරණය ළග ඵනනිසා ඕවා ඡන්ද ගුන්ඩු ගියපාර රු.100 ක් දිලා අපි අහුවුනා මෙම පාර ඵනකම් තමයි ඉන්නේ (බ)
මෙයාගේ සහ විමල්ගේ දිවේ නහර නැහැ .මුන් කොහොම කතා කරවනවද දන්නේ නැහැ. පාර්ලිමේන්තුවට ගියොත් කොහොම තියෙයිද (බ)
පිය පුතු සෙනෙහස නොහඳුනන අයත් මේ රටේ ඉන්නවනේ. මේ දාලා තියෙන සමහර අදහස් වලින් ඒ බව හොඳින් පේනවා. (නි)
කපිල සහ යහපාල වැනි අයට අංදෙක විතරයි අඩු (නි)
පැරදුන පාලකයෙක් වෙනුවෙන් කඩේ ගිය පාපයට ගම්මන්පිල හා වීරවංශ ලාට ඉතිරි වන්නේ නිවට කම පමණයි. පුතේ ඔබ තාත්ත ගියාටත් වඩා දුරක් ගොස් මේ සමාජ ද්‍රෝහීන් පලවා හරින කුමන බලවේගයකට හෝ එක්වන්න. ඔයාට අපේ පුර්ණ ආශීර්වාදය.(නදී)
පොඩි එකා හරියට හරි කොල්ලට හොඳට මොලේ තියනවා (ම)
ඕවට අහුවෙන අයත් ලංකාවේ ඉන්නවා.ඒක ලංකාවේ වාසනාව. පුතේ, ඔයාගේ අදහස් නම් ඇත්තටම රත්තරන්. තාත්තටත් ආඩම්බරයක්. (නි)
කාගේද අම්මගෙන් පේන අහනවා වගේ. (ර)
දැන්නේ ගම්මන්පිලට මේක මතක් වෙලා තියෙන්නේ. (ස)
තව 100ක් දෙන්නනම් කට වහගෙන ඉන්න. (ස)
පුතේ උඹ කියන්න ඕනේ දේ හරියට කියල තියනවා. මෙයාල දේශපාලන වාසි ගන්න හදන්නේ ආපහු. පුතා හොඳට ඉගෙනගෙන හරි උත්තරේ හරි වෙලාවට දෙන්න. අපි මේ පාර මෙයාල ගැන බලාගන්නම්. (බ)
මට පේන හැටියට පොඩි එව්වොන්ටත් ගම්මන්පිලලා සහ විහිළු-වංශ ලා හරියට අදුනගන්න ඇහැක් වීම රටට හොඳයි බොලල්ලා. (බ)
රටක සිදුවූ අපරාධයක් ගැන සෙවීම, සත්‍ය එළි කිරීම රජයේ වගකීමක්. එයට බල කළ යුත්තේ ජනතාවයි. නමුත් සමහරක් කියන්නේ "එයා ඉන්න තැන ඔයාල දන්නවා" වගේ කතා. අර එක් කෙනෙක් කිව්වේ "දෙය්යෝ තමයි දන්නේ" කියලා. එයා, දෙයියෝ දන්නා බවත් දන්නවා.(ම)
තරුණ කාලේ පියා නැතිවීම අදාගන්න බැරි පාඩුවක්, පුතෙකුට, දුවෙකුට තම පියා අහිමි කළ මිනිසුන්ට නිවනක් නැ (ම)
ගම්මන්පිල,විමලසේන වැන්නවුන් උප්පත්තියකුත් නැති නස්පැත්තියකුත් නැති ඒ අතර තුර කාලයේ ප්‍රතිපත්තියකුත් නැති මිනිස්සු..(බ)
ගම්මන්පිල විතරයි හෙළයින් වෙනුවෙන් කතාකරන්න ඉතුරුවුනේ. ඔහුට සියලු හෙලයින්ගේ සහය. ජය නියතයි ලංකාවේ.(බ)
ගම්මන්පිලව ඉපදුණේ මොන නැකතකින්ද? (බ)
දුමින්ද ,කපිල වගේ අය තව කී දාහක් ලංකාවේ හිටියත් ඊට වඩා ලක්ෂ ගණනක් නුවණක්කාර මිනිස්සුත් ලංකාවේ සිටිති. ඒ සුන්දර මිනිස්සු අගෝස්තු 18 දා රටේ සැබෑ වෙනසක් කර යහමඟ පෙන්වනු ඇත. (නි)
නිකන් සරලව ගන්න ඕනෑ කතාවක් නොවෙයි මේක. එක්නැලිගොඩගේ පුතාට පමණක් අදාළ ප්‍රශ්නයක් නොවන මෙය ජාතික ප්‍රශ්නයක්.සැබෑ කණගාටුදායක දෙයක්. ගම්මන්පිලගේ ප්‍රකාශයේ යම් තොරතුරක් තිබෙන බව තේරුම්ගත යුතුයි ... (නි)
වසර ගණනක් තිස්සේ සිය පියා දකින්න නොමැතිව ගින්දරෙන් සිටින දරුවෙකුට එස්.එල් වැනි අය හට දීමට පිළිතුරක් නැත්නම් කට පියාගෙන සිටීම වටී (නි)
මෙයාලට කීදෙනෙක් රැවටෙනවද? එනිසා මෙය හිතනවා මේ මුසාවෙන් තවත් අය රවටගන්න පුළුවන් කියලා. (ර)
ඔයා හරි පුතා ඔයට තියෙන මොලේ ලංකාවේ ගොඩාක් අයට නෑ. උදය ගම්මන්පිල ලපටි මොලේ තමයි මොලේ (අ)
කපිල,එස්.එල්. ලා සල්ලි වලට කඩේ යන අය බව පෙනෙනවා (නි)
කපිල වගේ බත් කන හරක් තව කී දාහක් ලංකාවේ ඉන්නවද. තමන්ගේ දේශපාලනය එකක්. නමුත් හර්දය සාක්ෂිය තව එකක්. (අ)
හොඳ වැඩේ! (නි)
මේ වගේ අයට ඡන්දෙ දෙන අයට තමයි මුලින් නාස් ළණු දමන්න ඕනෑ (නි)
ගෙම්බා වාගේ වාසියට පනිනවා (ම)
පිවිතුරු යහපාල මහත්තයා නැද්ද පේන්න.. මේ වගේ දේවල් වලට එයාලගෙන් පිළිතුරක් නැනේ..(බ)
ඔබ විසින්ම නියම උත්තරය ලබා දුන්නට ස්තුති .(ම)
පුතේ උඹේ හිතේ තියන දුක තාත්ත කෙනෙක් හැටියට මටත් තේරෙනවා. පුතා ඉගෙනගන්න. අම්මව බලාගන්න. තාත්ත ඉන්න තැනක ඉඳන් උඹලව ආරක්ෂා කරාවි. මම මේ ටික ලිව්වේ හිතේ අමාරුවෙන්. බුදු සරණයි පුතේ. (ර)
ඇත්ත තමයි. හොඳ වැඩේ අනුන්ගේ ඒවා හොයන්න යනවට
ඡන්ද වෙන්දේසි. (ර)
මේ පුතාට තාත්ත හොයාගන්න ඕනේ නැහැ. ඒ ගොල්ලෝ දන්නවා මිනිහ හැංගිලා ඉන්න තැන. (අ)