මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදහන් වීම පිළිබඳ මූලික පරීක්ෂණ විභාගය යළි අරඹන ලෙස අභියාචනාධිකරණය අද (23) හෝමාගම මහේස්ත්රාත්වරයාට දැනුම් දුන්නේය.
මෙම මූලික පරීක්ෂණ විභාගය පිළිබඳව පනවා තිබූ අතුරු තහනම් ඉවත් කිරීමට ද නියෝග කැරිණි.
එක්නැලිගොඩ මහතාගේ බිරිඳවන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අභියාචනාධිකරණයට ගොනු කළ හබයා කෝපුස් රිට් පෙත්සම සලකා බැලූ අවස්ථාවේදි අභියාචනාධිකරණය මෙම නියෝගය ලබා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංහල කොටියාට සාධාරණයක් ඉටුවේවා. (බ)
එක්නැලිගොඩ කියන්නේ කොටි සන්විධානේ කෙනෙක් නෙමෙයි කියල සී අයි ඩි එක උසාවියට කිව්වා නේද ...එක්නැලිගොඩ මහතාගේ බිරිඳට සාධාරණයක් ඉටුවේවා (බ)
මේ මිනීමැරුමට අන දුන්න කෙනාව අල්ලන්න. (බ)
මේ ආණ්ඩුවේ බංකොලොත් බව හැංගීමට මිනිසුන්ගේ සිත් වෙන අතවල් කෙරෙහි යොමුකරන කාලෙන් කාලෙට කරලියට ගෙනෙන මදුර ජවනිකා. මේවා අහලම ඇතිවෙලා. (හේ)
යළිත් පරික්ෂණ ආරම්භක කළ එක ගැන සතුටුයි. ඉක්මනින් ඔය පරික්ෂණ අවසන් වුනොත් හොඳයි.(හේ)
විදානේ මහත්මයත් කේන්දරේ බල ගත්තොත් හොදා වගේ.(හේ)
මේ රජය තරම් උසාවිය සහ මාධ්‍යය හෑල්ලු කළ එකම රජයක්වත් තියෙන්නට නැතුව ඇති. ඡන්දයක් කිට්ටුවෙනකොට එක්නැලිගොඩ, එහෙම නැත්නම් තාජුඩීන්. හරිම විහිළුවක්. (නි)
එහෙම නෙමෙයි කියල ඔප්පු වෙලා තියෙද්දිත් ඒ මනුස්සයට මඩගහනවා (බ)
කාලෙන් කාලෙට ඇහෙන මේවා අහලාම අපිට එපාවෙලා. (නි)
එක්නැලිගොඩ මහතාගේ බිරිඳට සාධාරණයක් ඉටුවේවා! (නි)
සමහර මෝඩ මිනිස්සු හිතනවා අධිකරණයේ දැන් නියෝග දෙන්නේ රජයෙන් කියලා. (බ)
ඔය කාට කාටත් කියන්නේ. මේවගේ අමන වැඩ කරන කලට තමා නැවත තරුණ කැරලි ඇති වෙන්නේ. (බ)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
රටට වින කරපු අය ගැන නම් ඉක්මණින් හොයනවා. (නි)
සාධාරණයක් ඉටුවිය යුත්තේ සිංහල ජාතියටද? නැතිනම් ජාතියට හතුරුකම් කළ කොටියටද ? (බ)