IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එක්නැලිගොඩ පවුලෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම පිළිබඳ මෙතෙක් කළ පරීක්ෂණවලින් හෙළිවී ඇති තොරතුරු මහජනතාවගේ දැනගැනීම පිණිස ඉදිරිපත් කරන්නැයි ඉල්ලමින් ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා අද (13) පොලිස්පතිට පැමිණිල්ලක් බාරදුන්හ.

පොලිස්පතිට ලියුමක් ලියමින් ඔවුහු කියනුයේ ඒ සඳහා කඩිනමින් පියවර නොගතහොත් පොලිස් මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවන බවයි.

_DSC0355 _DSC0378



අදහස් (0)

එක්නැලිගොඩ පවුලෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

ඉන්ද්‍රා Thursday, 13 August 2015 03:37 PM

මෙය ඉතාම සංවේගජනක දර්ශනයකි. මෙම කාන්තාව සිය සෑමියාගේ මරණයට සාධාරනයක් ඉල්ලන්නීය. දරුවන්ගේ මුහුණෙහි පවතින අසරණකම සහ තම පියාට සිදුවුන අසාධාරන මරණය නිසා හටගත් ලතැවුල සහ කෝපය ඉතා පැහැදිලිය. මෙතරම් අසාධාරනයකට බඳුන් වු පවුලකට නීතියේ පිහිට නොඅඩුව ලබාදිය යුතුය. ඔවුන්ට මෙලෙස යුක්තිය සිඟාකෑමට ඉඩ නොතබන්න. (නි)

:       0       0

බොරළුගොඩ Thursday, 13 August 2015 04:11 PM

ඔහුට සාධාරණය ඉටුවිය යුතුයි (නි)

:       0       0

සුමිත් Thursday, 13 August 2015 11:07 AM

ආදරණීය සහෝදරිය නුඹ හැබැහින්ම දිරිය මවක් , දිරිය බිරිදක් , කවද හෝ නුඹ බුදු වේවා කියා මම පතනවා, ආදරණීය සොහොදරිය නුඹට යෝද බල යොදා ශක්තිය ලැබේවා .දයාබර පුතුණුවණේ නුඹලා හරිම වාසනාවන්ත පුතාල ඔය වගේ අම්ම කෙනෙක්ගේ කුස තුල ජන්ම ලාබය ලබන්න,.පුතේ ඔයාල හොදට ඉගෙනගෙන රට ජාතිය ආගමට සේවයක් කරන්න රත්තරන් පියතුමා වගේ,(ම)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 13 August 2015 08:43 PM

මෙලෙස මාධ්‍යවේදීන් පැහැරගැනීම, අතුරුදන් කිරීම ඉතාම කණගාටුවට කාරණයකි (නි)

:       0       0

රොෂාන් Thursday, 13 August 2015 11:42 AM

මේ දරුවන් දුටුවහම පුදුම දුකක් ඇතිවෙනවා. හොඳක් වෙන්න එපා මිනීමරුවන්ට (නි)

:       0       0

දහම් Thursday, 13 August 2015 11:45 AM

ඡන්දෙ කියලා ඉක්මන් වෙන්න එපා. (නි)

:       0       0

සරණපාල Thursday, 13 August 2015 11:48 AM

ඔබතුමියගේ ඉදිරි ගමනට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

චමින්ද Thursday, 13 August 2015 12:01 PM

විශිෂ්ටයි සුමිත්

:       0       0

පුබුදු Thursday, 13 August 2015 10:51 PM

මුතුකුඩ, රටට සේවයක් කළත් නැතත් ඒත් මනුස්සයෙක්. දේශපාලකයන්ට කඩේ යන්න කලින් තමන්ගේ මනුස්සකමක් තියාගන්න. ඔහෙලා වගේ අය කොහොම මේ සමාජයේ ඉන්නවද කියලා හිතාගන්න බැහැ. කවදාහරි තමන්ගේ පවුලේ කෙනෙකුට වුණොත් ඒකේ වේදනාව දැනෙයි. එදාටත් අද වගේ කඩේ යන්න පුළුවන් වෙයිද කියලා බලන්නකෝ. (නි)

:       0       0

මහේෂ් මුතුකුඩ Thursday, 13 August 2015 12:17 PM

සුමිත්, එක්නැලිගොඩ මහතාට යුක්තිය ඉටුවිය යුතුයි. නමුත් ඔය කියන විදියට එතුමා රටට ජාතියට කල සේවය පිළිබඳව මටනං ගැටළුවක් තියෙන්නේ. (අ)

:       0       0

රොෂාන් Thursday, 13 August 2015 12:32 PM

ඔහු කළ සේවය මාධ්වේදියෙක් විදියට වන්චා දුෂණ එලි කරපු එක (අ)

:       0       0

රකිත් Thursday, 13 August 2015 11:24 PM

යමෙකු අහිමිවීමේ සැබෑ වේදනාව දැනෙන්නේ ජීවත්ව සිටින්නවුන්ටය (නි)

:       0       0

පෙරුමාල් Thursday, 13 August 2015 12:34 PM

අයිසේ මුතුකුඩ, සේවය කියන්නේ අධිවේග පාරවල් හදන එකයි රටට බරක් වූ ගුවන් තොටු පොලවල් වරායවල් හදන එක විතරක් කියලද හිතන්නේ? (අ)

:       0       0

රණතුංග-ඕස්ට්‍රේලියාව Thursday, 13 August 2015 11:56 PM

සුමිත්, මාත් ඔයාට එකතු වෙනවා (නි)

:       0       0

නිමල් හෙට්ටිආරච්චි - ලන්ඩන් Thursday, 13 August 2015 01:03 PM

මිනීමරුවන් අත්අඩංගුවට ගෙන නීතියෙන් දඬුවම් ලබා දෙනතුරු ඔබේ සටන අත් නොහරින්න ආදරණිය සොයුරිය.යුක්තිය ඉතා නුදුරේදී ඉටුවනු නොඅනුමානය (නි)

:       0       0

ටිකිරි Thursday, 13 August 2015 01:06 PM

අපරාධයක් කර කිසිදා ගැළවී සිටිය නොහැක (නි)

:       0       0

කරෝලිස් Thursday, 13 August 2015 01:45 PM

අනේ කොහොම හරි මේ ගැන දෙයක් ඡන්දෙට ඉස්සෙල්ල මාධ්‍යයටට කියන්ට. තව ඡන්ද ටිකක් එකතුකරගන්ට පුළුවන් එතකොට. (අ)

:       0       0

එරන්ද Friday, 14 August 2015 02:46 AM

මේවා හොයන්න ඕනෑ තමා. ඒත් මොකද ඡන්දෙ කාලෙම මතක් වෙන්නේ?? (නි)

:       0       0

චන්න බුවනක Thursday, 13 August 2015 02:14 PM

මොනතරම් වටින ජීවිත විනාශ වුණාද? රිචඩ් ද සොයිස. ප්‍රගීත්, ලසන්ත වැනි තවත් නම් නොලියැවුණු අය කොපමණ ඇද්ද? (නි)

:       0       0

ඉලුක්කුඹුර Thursday, 13 August 2015 02:22 PM

ඒ පවුලට සාධාරණය ඉටුවෙන්නේ කවදාද? (නි)

:       0       0

ඇන්ටන් Thursday, 13 August 2015 02:29 PM

ඔබට ළඟදීම සාධාරණය ඉටුවෙනු ඇත (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site