ප්‍රදීප් එක්නැලිගොඩ අතුරදන්වීමේ සිද්ධීය සම්බන්ධ නඩුවේ සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින හමුදා බුද්ධි අංශ නිලධාරීන්ගෙන් පළමුවැනි හා තුන්වැනි සැකකරුවන් යළි ඔක්තෝබර් 24 දක්වා රිමාන්ඩ් කරන ලෙස අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා අද (24) නියෝග කළේය.
නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිල්ල වෙනුවෙන් ඉල්ලීමක් කරමින් ඔවුන්ට ඇප නොදී සිටින්නැයි අධිකරණයට කියා සිටියේය.
යුද හමුදා බුද්ධි අංශයේ ශම්මි අර්ජුන කුමාරරත්න හා ප්‍රියන්ත කුමාර නොහොත් නාදන් එසේ යළි රිමාන්ඩ් කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චාමරට කියන්න පුලුවන්ද එසේ හෙළිකරන ලද එදා රජය කළ නොහොබිනා වැඩ මොනවද කියලා. අනිත් කාරණය කෙනෙක් නිකන් කතාකරනවා වගේ නොවෙයි ජාත්‍යන්තරව ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීමේදී ඒවා හරිද වැරදිද කියන එක ප්‍රශ්නයක් නොවෙන්නේ කොහොමද? එහෙනම් ඉතින් ඕනෑම දේශද්‍රෝහියෙකුට ඕනෑම බොරුවක් කියලා රටක් ජාතියක් අපකීර්තියට පත්කරන්න පුලුවන්නේ. ලෝකෙ කොයි රටේද එහෙම නිදහසක් දීලා තියෙන්නෙ. (නි)
ජයරත්න, මෙතන අදහස් දාලා තියෙන සමහරු වගේ අය ඉන්න නිසා තමයි අද අපට ලබාගත් නිදහස උකස් කරන්න සිද්ධවෙලා තියෙන්නේ (නි)
ජයරත්න 100%ක් හරි. (නි)
මෙයාලා අද හිටියා නම් මොනවගේ තත්ත්වයක් රටේ තිබෙනු ඇද්ද? (නි)
එක්නැලිගොඩගේ වත්කම් ගැනත් හොයලා බලන්න ඔය අයිතින් ගැන කතාකරන අය. (නි)
මේ රටේ අබමල් රේණුවක හරි කළගුණයක් මතක තියෙන මිනිස්සු ඉන්නවා නම් තේරුම් ගතයුතුයි එදා ප්‍රගීත් එක්නැලිගොඩලා වැඩකළේ කා වෙනුවෙන්ද සහ හමුදා බුද්ධි අංශ සාමාජිකයන් වැඩකළේ කාවෙනුවෙන්ද කියලා. ඒ වගේම අද අපි යුද්ධයෙන් තොර සාමකාමී රටක ජීවත්වෙන්නේ කා නිසාද කියන එකත් මතක තබාගත යුතුයි. (නි)
එතකොට අනෙක් අය? (නි)
ජයරත්න, මමත් ඔයා සමග එකගය්.අපේ රටේ වැඩි හරියක් ඉන්නේ හරිම කුහක මිනිස්සු (බ)
මෙතන ගැටලුව කවුරු කා වෙනුවෙන් වැඩකළාද යන්න නොව එක්නැලිගොඩට සිදුවූයේ කුමක්ද යන්නයි. කාටවත් කවුරුවත් මැරීමට හෝ අතුරුදහන් කිරීමට අයිතියක් නැත (නි)
එක්නැලි ගොඩ කියන්නේ කව්ද කියල අපි දන්නවා ; එයා යුරෝපේ ඉන්නවා . මෙතැන තියන්නේ මේ රටට දිවි හිමියෙන් සේවය කරපු මේ නිලධාරින්ව දඩු කදේ ගහන්න කරන වැඩක් (බ)
දැන් එතකොට එදා රජය කරපු නොහොබිනා වැඩ එළිකරපු අය අතුරුදහන් කිරීම තමා නිදහස කියලද කසුන් මහත්තයා කියන්නේ. මිනිසුන්ට අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් තියනවා. එක හරිද වැරදිද කියන එක නෙමේ ප්රශ්නය. අදහස් ප්‍රකාශ කළාට පස්සේ ඒ මනුස්සයව අතුරුදහන් කරන එකයි ප්රශ්නය. ඒ අතුරුදහන් කරන්නේ ඒ මනුස්සයාගේ මතය හරි නිසානේ. ඕකවත් තේරුම්ගන්න බැරි මිනිස්සු ඉන්නවා තාම. එ්කනේ එක්නැලිගොඩලාට කොටි ලේබල් ගහන්න හදන්නේ. වහල්කමට මක්කරන්නද? (නි)
බුද්ධික නියම උත්තරයක් දීලා තියනවා ජයරත්න වගේ අයට(රේ)
හරියට හරි බුද්ධික, කාටවත් කවුරුවත් මැරීමට හෝ අතුරුදහන් කිරීමට අයිතියක් නැත, නමුත් රජුහේ අයට ඒ අයිතිය ඇත.(රේ)