IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


එක්නැලිගොඩ ඉන්නා තැනක් දන්නේ නැහැ

ප්‍රගීත් එක්නැලිගොඩ වෙන රටක ජිවත් වෙනවා වියහැකි යැයි තමා එතැනදී පැවැසුයේ බුද්ධි අංශ වලින් ලැබුණු තොරතුරක් අනුව යැයි ද ඔහු ජිවත් වනවාද නැද්ද යන්න නොදන්නේ යැයි ද හිටපු නීතිපති හා ඇමැති මණ්ඩල ප්‍රධාන උපදේශක මොහාන් පීරිස් මහතා හෝමාගම මහේස්ත්‍රාත් අනුර සුමිත්පෙරේරා මහතා ඉදිරියේ සාක්කි දෙමින් අද පැවැසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අතුරුදන්වූවන් පිළිබඳව සමුළුවක් අමතමින් එක්නැලිගොඩ වෙනත් රටක ජිවත්වනවා විය හැකියැයි මොහාන් පිරීස් විසින් කැරුණු ප්‍රකාශයෙන් පසුව එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍ය ඔහු සාක්කියට කැඳවන ලෙස උසාවියෙන් ඉල්ලා සිටියාය. ‘ඔහු ඉන්නවා ද නැද්ද මා දන්නේ නෑ. දෙයියෝ තමයි දන්නේ. ශ්‍රී ලංකා රජයවත් නොදන්නවා ඇති‘ යනුවෙන් පීරිස් මහතා සාක්කි දෙමින් කියා සිටියේය. පස්වරු 1.30 සිට පැය එක හමාරක් පමණ හිටපු නීතිපති සාක්කි දුන්නේය. පැමිණිල්ල ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසුවේ නැත.



අදහස් (0)

එක්නැලිගොඩ ඉන්නා තැනක් දන්නේ නැහැ

කින් බානට් Tuesday, 05 June 2012 06:20 PM

මම හිතාගෙන හිටියේ ජනතා ඡන්දෙන් ජනාධිපති වෙන්නේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී , ඇමතිලා වෙන්නේ වෙන අයට උපදෙස් , මගපෙන්වීම් දෙන්න පුළුවන් අය කියලයි ....දැන් බලද්දී මේ වගේ මේ රට කරන අයට උපදෙස් දෙනවනම් රටට යන කල හිතාගන්න දැන් මට පුළුවන් ...රජ කාලේ රජතුමාගේ පුතා කවුරැ උනත් නොමිලේ රජකම ලැබෙන හින්ද උපදේශකයෝ පට්ටි පිටින් හිටියට මේ 21 වන සියවසේ රටපාලනය කරන අයව තෝරාගන්න ජනතාව දන්නේ නැද්ද ? හිටපු නීතිපති විදියට තැන් 2 ක කියල තියෙන්නේ කතා දෙකක්නේ ..........

:       0       0

ජයන්ත Tuesday, 05 June 2012 05:52 PM

මෙතුමා නීති පති උනේ කොහොමද??

:       0       0

හනුමා Tuesday, 05 June 2012 06:33 PM

කරෝලිස් උන්නැහැ.. දැන් දෙය්යොත් ටිකක් බය වෙලා වගේ

:       0       0

කරෝලිස් Wednesday, 06 June 2012 11:15 AM

හැබෑටම එක්නැලිගොඩ කියන්නේ කවුද ආයිබොවන්?

:       0       0

කරනේලිස් ගොයියා Tuesday, 05 June 2012 09:25 PM

කට හොල්ලන්නැතිව හිටියනම් ?

:       0       0

රජිත මංජුල Wednesday, 06 June 2012 01:27 AM

නීතිපතිට බොරැ කියන්න බැරිද??

:       0       0

අලිබබා Tuesday, 05 June 2012 03:34 PM

එක්නැලිගොඩ ඉන්නා තැනක් දන්නේ නැහැ. මේකද පිළිතුර. ඇත්තෙන්ම පුදුමාකාර තත්වයක්?

:       0       0

අමිල කටුනායක Tuesday, 05 June 2012 04:33 PM

කර්මය අනුව තමයි මේ හැමදේම වෙන්නේ .ඒ දරු පවුල නැවත එක්වේවා !!!

:       0       0

සිල්වා Tuesday, 05 June 2012 03:56 PM

ඉතින් එදත් ඔය ඕකම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අතුරුදන්වූවන් පිළිබඳව සමුළුවේදී කියන්න තිබ්බනේ .

:       0       0

උදය Tuesday, 05 June 2012 04:41 PM

මේ ඇමති මණ්ඩල ප්‍රධාන උපදේශකගේ ප්‍රකාශයක්.. මෙන්න අද රටේ තත්ත්වය....

:       0       0

ග්‍රේෂන් Tuesday, 05 June 2012 04:15 PM

කව්ද මේ...? මොනවද කියන්නෙ?? ඒ වෙනින් කවුරුත් නෙමෙයි.. අපේ හිටපු නීතිපති අද ඇමති උපදෙශක..

:       0       0

සිංහලේ ගිය කරෝලිස් Tuesday, 05 June 2012 05:08 PM

නීතිපති වගේ කෙනෙක් ඔය වගේ වගකීම් විරහිත ප්‍රකාශ කරනකොට දැන් දෙයියෝ තමයි රට ගැන බලන්න ඉතිරි වෙලා ඉන්නේ .

:       0       0

කීර්ති - ඩුබායි Tuesday, 05 June 2012 05:06 PM

නීතිපති වගේ කෙනෙක් ඔය වගේ වගකීම් විරහිත ප්‍රකාශ කරනකොට කවුද රට ගැන බලන්න ඉතිරි වෙලා ඉන්නේ . මේ ඇමති මණ්ඩල ප්‍රධාන උපදේශකගේ ප්‍රකාශයක්.. මෙන්න අද රටේ තත්ත්වය..

:       0       0

දයා සෞදි Tuesday, 05 June 2012 05:50 PM

අනුමානයක් නැහැ... ඇහැලෙපොල ඉන්න තැනට ගිහිල්ල ඇති මගෙ හිතේ.....

:       0       0

ජෙයම් Tuesday, 05 June 2012 05:14 PM

එක්නැලිගොඩ රට ඉන්නේ

:       0       0

නිශාඩ් Wednesday, 06 June 2012 09:37 AM

වැටි වැටි නැගිටින මගේ පුංචි පුතා හැංගිලාදෝ ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site