ප්‍රගීත් එක්නැලිගොඩ වෙන රටක ජිවත් වෙනවා වියහැකි යැයි තමා එතැනදී පැවැසුයේ බුද්ධි අංශ වලින් ලැබුණු තොරතුරක් අනුව යැයි ද ඔහු ජිවත් වනවාද නැද්ද යන්න නොදන්නේ යැයි ද හිටපු නීතිපති හා ඇමැති මණ්ඩල ප්‍රධාන උපදේශක මොහාන් පීරිස් මහතා හෝමාගම මහේස්ත්‍රාත් අනුර සුමිත්පෙරේරා මහතා ඉදිරියේ සාක්කි දෙමින් අද පැවැසීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අතුරුදන්වූවන් පිළිබඳව සමුළුවක් අමතමින් එක්නැලිගොඩ වෙනත් රටක ජිවත්වනවා විය හැකියැයි මොහාන් පිරීස් විසින් කැරුණු ප්‍රකාශයෙන් පසුව එක්නැලිගොඩගේ බිරිය සන්ධ්‍ය ඔහු සාක්කියට කැඳවන ලෙස උසාවියෙන් ඉල්ලා සිටියාය. ‘ඔහු ඉන්නවා ද නැද්ද මා දන්නේ නෑ. දෙයියෝ තමයි දන්නේ. ශ්‍රී ලංකා රජයවත් නොදන්නවා ඇති‘ යනුවෙන් පීරිස් මහතා සාක්කි දෙමින් කියා සිටියේය. පස්වරු 1.30 සිට පැය එක හමාරක් පමණ හිටපු නීතිපති සාක්කි දුන්නේය. පැමිණිල්ල ඔහුගෙන් හරස් ප්‍රශ්න ඇසුවේ නැත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතාගෙන හිටියේ ජනතා ඡන්දෙන් ජනාධිපති වෙන්නේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී , ඇමතිලා වෙන්නේ වෙන අයට උපදෙස් , මගපෙන්වීම් දෙන්න පුළුවන් අය කියලයි ....දැන් බලද්දී මේ වගේ මේ රට කරන අයට උපදෙස් දෙනවනම් රටට යන කල හිතාගන්න දැන් මට පුළුවන් ...රජ කාලේ රජතුමාගේ පුතා කවුරැ උනත් නොමිලේ රජකම ලැබෙන හින්ද උපදේශකයෝ පට්ටි පිටින් හිටියට මේ 21 වන සියවසේ රටපාලනය කරන අයව තෝරාගන්න ජනතාව දන්නේ නැද්ද ? හිටපු නීතිපති විදියට තැන් 2 ක කියල තියෙන්නේ කතා දෙකක්නේ ..........
මෙතුමා නීති පති උනේ කොහොමද??
කරෝලිස් උන්නැහැ.. දැන් දෙය්යොත් ටිකක් බය වෙලා වගේ
හැබෑටම එක්නැලිගොඩ කියන්නේ කවුද ආයිබොවන්?
කට හොල්ලන්නැතිව හිටියනම් ?
නීතිපතිට බොරැ කියන්න බැරිද??
එක්නැලිගොඩ ඉන්නා තැනක් දන්නේ නැහැ. මේකද පිළිතුර. ඇත්තෙන්ම පුදුමාකාර තත්වයක්?
කර්මය අනුව තමයි මේ හැමදේම වෙන්නේ .ඒ දරු පවුල නැවත එක්වේවා !!!
ඉතින් එදත් ඔය ඕකම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අතුරුදන්වූවන් පිළිබඳව සමුළුවේදී කියන්න තිබ්බනේ .
මේ ඇමති මණ්ඩල ප්‍රධාන උපදේශකගේ ප්‍රකාශයක්.. මෙන්න අද රටේ තත්ත්වය....
කව්ද මේ...? මොනවද කියන්නෙ?? ඒ වෙනින් කවුරුත් නෙමෙයි.. අපේ හිටපු නීතිපති අද ඇමති උපදෙශක..
නීතිපති වගේ කෙනෙක් ඔය වගේ වගකීම් විරහිත ප්‍රකාශ කරනකොට දැන් දෙයියෝ තමයි රට ගැන බලන්න ඉතිරි වෙලා ඉන්නේ .
නීතිපති වගේ කෙනෙක් ඔය වගේ වගකීම් විරහිත ප්‍රකාශ කරනකොට කවුද රට ගැන බලන්න ඉතිරි වෙලා ඉන්නේ . මේ ඇමති මණ්ඩල ප්‍රධාන උපදේශකගේ ප්‍රකාශයක්.. මෙන්න අද රටේ තත්ත්වය..
අනුමානයක් නැහැ... ඇහැලෙපොල ඉන්න තැනට ගිහිල්ල ඇති මගෙ හිතේ.....
එක්නැලිගොඩ රට ඉන්නේ
වැටි වැටි නැගිටින මගේ පුංචි පුතා හැංගිලාදෝ ?