IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


එක්දින හිණිපෙතේ ලංකාවට 5 වැනි තැන

ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියට සහභාගි වී එහි අවසන් පූර්ව වටය දක්වා පැමිණි ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (22 වැනිදා) වන විට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව පස්වැනි ස්ථානයේ රැදී සිටී. මේ වන විට ප‍්‍රසාද ලකුණු 4882 ක් සමගින් ශ්‍රේණිගත ලකුණු 108 ක් ලබා සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඉහළින් සිටින්නේ දකුණු අපි‍්‍රකාව,  ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය සහ ඉන්දියාවයි.

ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළින්ම සිටින ඉන්දියාව සහ එංගලන්තය ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමත් 4 වැනි සහ 5 වැනි ස්ථානයේ සිටින දකුණු අපි‍්‍රකාව සහ ශී‍්‍ර ලංකාව ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමත් මෙම ශ්‍රේණිගත සටහනේ සාධාරණත්වය වඩාත් තහවුරු කරන්නකි.

ඕස්ටේ‍්‍රලියානු පිල දැනට 3 වැනි ස්ථානයේ රැුඳී සිටියද ඔවුන්ගේ වත්මන් ශ්‍රේණිගත ලකුණු 113 රැඳී ඇත්තේ බහුතරයක් අතීත දක්‍ෂතා මතය. තුන්වැනි ස්ථානයේ සිටින  ඕස්ටේ‍්‍රලියාවත් පස්වැනි ස්ථානයේ සිටින ශී‍්‍ර ලංකාවත් අතර පරතරය ශ්‍රේණිගත ලකුණු 5 ක් පමණි.

කෙසේ වෙතත් ඉදිරියේ එන කොදෙව් සංචාරයේදී හොඳ දස්කම් පෙන්වීමට සමත් වුවහොත් ශී‍්‍ර ලංකා පිලට එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළට යා හැකිවනු ඇත.

 

ස්ථානය කණ්ඩායම තරග ප‍්‍රසාද ලකුණු ශ්‍රේණිගත ලකුණු  
1 ඉන්දියාව 42 5127 122
2 එංගලන්තය 40 4578 114
3  ඕස්ටේ‍්‍රලියාව 39 4406 113
4 දකුණු අපි‍්‍රකාව 31 3436 111
5 ශ්‍රී ලංකාව 45 4882 108
6 පාකිස්තානය 41 4173 102
7 නවසීලන්තය 31 2738 88
8 බටහිර ඉන්දීය කොදෙව් 36 3161 88
9 බංගලාදේශය 25 1949 78
10 සිම්බාබ්වේ 19 966 51
11 අයර්ලන්තය 8 312 39
12 නෙදර්ලන්තය 5 69 14
13 කෙන්යාව 4 45 11



අදහස් (0)

එක්දින හිණිපෙතේ ලංකාවට 5 වැනි තැන

රංග Saturday, 22 June 2013 11:23 AM

මොනවා කියන්නද.. කොච්චර දැඟලුවත් ඉන්දියාවට බය වගේම ඉටහිර ඉන්දීය කොදෙව්වන්ටත් බය වේවිද දන්නෙ නැහැ. ඇයි දන්නවද නමේ කෑල්ලක් ගෑවිලා තියෙනවනේ. (ස)

:       0       0

සුරේෂ් Saturday, 22 June 2013 11:27 AM

ඒකනම් මදියි වගේ. (ස)

:       0       0

සනත් Saturday, 22 June 2013 11:46 AM

දේශපාලකයන් අතරෙයි, මෙයාලා අතරෙයි වෙනසක් නැහැ. (ස)

:       0       0

සුදේෂ් Saturday, 22 June 2013 11:47 AM

කමක් නඋ අපේ ක්‍රීඩකයෝ අපේ රට මේ ගානට හරි තිව්වා. දේශපාලකයෝ මොකද කරන්නේ ? (ස)

:       0       0

නිමල් රණසිංහේ Saturday, 22 June 2013 02:01 PM

අපේ ක්‍රීඩකයෝ දක්ෂයි සේරටම මුල දේශපාලනයයි සල්ලියි තමයි. (ස)

:       0       0

අරුණ Saturday, 22 June 2013 02:07 PM

සල්ලි මල්ලක් පෙන්නුවානම් දෙයි පැන පැන. දිගට හරහට රටට කලින් සල්ලි ගැන හිතන්නේ. (ස)

:       0       0

සම්පත් Saturday, 22 June 2013 02:57 PM

මට නම් දැන් එපාවෙලා ඉන්දියාවටම පැරදිලා.(ස)

:       0       0

අමිත් Saturday, 22 June 2013 03:28 PM

ඔහොම තමා. මැච් දිනනවා, පරදිනවා. ඉන්දියාව මේ තරගාවලියෙම හොදටම සෙල්ලම් කරන රට. ඔවුන් අපරාජිතයි, වාසනාවත් එයාල ලග තිබුණා. හැබැයි අපේ අයට හදාගන්න හුගක් දේවල්නම් තියෙනව. ටිකක් දුක වගෙ හිතෙන්නෙ, අර කොටින්ට පාඩමක් උගන්න තිබුනු අවස්ථාවක් මගහැරුනු එකටයි. (අ)

:       0       0

අනුර Saturday, 22 June 2013 04:03 PM

හැමදාම ඉන්දියාවටම නේ පරදින්නේ එකයි කණගාටුව!(ස)

:       0       0

තිළිණ Sunday, 23 June 2013 01:46 PM

අපේ ක්‍රිකෙට් ටීම් එක දැන් වැඩක් නැහැ. ඔක්කොම ක්‍රීඩකයෝ සල්ලි පස්සේ දුවනවා. මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නෙමෙයි තවදුරටත් ලංකාවේ ක්‍රිකට්.අර්ජුන සනත් අරවින්දලා නියම මහත්වරු. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site