ශූරයන්ගේ කුසලාන එක්දින තරගාවලියට සහභාගි වී එහි අවසන් පූර්ව වටය දක්වා පැමිණි ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (22 වැනිදා) වන විට අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව පස්වැනි ස්ථානයේ රැදී සිටී. මේ වන විට ප‍්‍රසාද ලකුණු 4882 ක් සමගින් ශ්‍රේණිගත ලකුණු 108 ක් ලබා සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඉහළින් සිටින්නේ දකුණු අපි‍්‍රකාව, ඕස්ටේ‍්‍රලියාව, එංගලන්තය සහ ඉන්දියාවයි.
ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළින්ම සිටින ඉන්දියාව සහ එංගලන්තය ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමත් 4 වැනි සහ 5 වැනි ස්ථානයේ සිටින දකුණු අපි‍්‍රකාව සහ ශී‍්‍ර ලංකාව ශූරයන්ගේ කුසලාන තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමත් මෙම ශ්‍රේණිගත සටහනේ සාධාරණත්වය වඩාත් තහවුරු කරන්නකි.
ඕස්ටේ‍්‍රලියානු පිල දැනට 3 වැනි ස්ථානයේ රැුඳී සිටියද ඔවුන්ගේ වත්මන් ශ්‍රේණිගත ලකුණු 113 රැඳී ඇත්තේ බහුතරයක් අතීත දක්‍ෂතා මතය. තුන්වැනි ස්ථානයේ සිටින ඕස්ටේ‍්‍රලියාවත් පස්වැනි ස්ථානයේ සිටින ශී‍්‍ර ලංකාවත් අතර පරතරය ශ්‍රේණිගත ලකුණු 5 ක් පමණි.
කෙසේ වෙතත් ඉදිරියේ එන කොදෙව් සංචාරයේදී හොඳ දස්කම් පෙන්වීමට සමත් වුවහොත් ශී‍්‍ර ලංකා පිලට එක්දින ශ්‍රේණිගත ලයිස්තුවේ ඉහළට යා හැකිවනු ඇත.
| ස්ථානය | කණ්ඩායම | තරග | ප‍්‍රසාද ලකුණු | ශ්‍රේණිගත ලකුණු |
| 1 | ඉන්දියාව | 42 | 5127 | 122 |
| 2 | එංගලන්තය | 40 | 4578 | 114 |
| 3 | ඕස්ටේ‍්‍රලියාව | 39 | 4406 | 113 |
| 4 | දකුණු අපි‍්‍රකාව | 31 | 3436 | 111 |
| 5 | ශ්‍රී ලංකාව | 45 | 4882 | 108 |
| 6 | පාකිස්තානය | 41 | 4173 | 102 |
| 7 | නවසීලන්තය | 31 | 2738 | 88 |
| 8 | බටහිර ඉන්දීය කොදෙව් | 36 | 3161 | 88 |
| 9 | බංගලාදේශය | 25 | 1949 | 78 |
| 10 | සිම්බාබ්වේ | 19 | 966 | 51 |
| 11 | අයර්ලන්තය | 8 | 312 | 39 |
| 12 | නෙදර්ලන්තය | 5 | 69 | 14 |
| 13 | කෙන්යාව | 4 | 45 | 11 |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවා කියන්නද.. කොච්චර දැඟලුවත් ඉන්දියාවට බය වගේම ඉටහිර ඉන්දීය කොදෙව්වන්ටත් බය වේවිද දන්නෙ නැහැ. ඇයි දන්නවද නමේ කෑල්ලක් ගෑවිලා තියෙනවනේ. (ස)
ඒකනම් මදියි වගේ. (ස)
දේශපාලකයන් අතරෙයි, මෙයාලා අතරෙයි වෙනසක් නැහැ. (ස)
කමක් නඋ අපේ ක්‍රීඩකයෝ අපේ රට මේ ගානට හරි තිව්වා. දේශපාලකයෝ මොකද කරන්නේ ? (ස)
අපේ ක්‍රීඩකයෝ දක්ෂයි සේරටම මුල දේශපාලනයයි සල්ලියි තමයි. (ස)
සල්ලි මල්ලක් පෙන්නුවානම් දෙයි පැන පැන. දිගට හරහට රටට කලින් සල්ලි ගැන හිතන්නේ. (ස)
මට නම් දැන් එපාවෙලා ඉන්දියාවටම පැරදිලා.(ස)
ඔහොම තමා. මැච් දිනනවා, පරදිනවා. ඉන්දියාව මේ තරගාවලියෙම හොදටම සෙල්ලම් කරන රට. ඔවුන් අපරාජිතයි, වාසනාවත් එයාල ලග තිබුණා. හැබැයි අපේ අයට හදාගන්න හුගක් දේවල්නම් තියෙනව. ටිකක් දුක වගෙ හිතෙන්නෙ, අර කොටින්ට පාඩමක් උගන්න තිබුනු අවස්ථාවක් මගහැරුනු එකටයි. (අ)
හැමදාම ඉන්දියාවටම නේ පරදින්නේ එකයි කණගාටුව!(ස)
අපේ ක්‍රිකෙට් ටීම් එක දැන් වැඩක් නැහැ. ඔක්කොම ක්‍රීඩකයෝ සල්ලි පස්සේ දුවනවා. මහත්වරුන්ගේ ක්‍රීඩාවක් නෙමෙයි තවදුරටත් ලංකාවේ ක්‍රිකට්.අර්ජුන සනත් අරවින්දලා නියම මහත්වරු. (නි)