රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ රුපියල් ලක්ෂ 62 ක් සිය ගිණුමට බැර කිරිමේ සිද්ධීයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල්ගේ බිරිඳ නදීකා හර්ෂණි මුසම්මිල් අද (27) මුල්‍ය අපරාධ කොට්ඨාසයට කැඳවා තිබුණ ද ඇය පෙනී නොසිටි බව මුල්‍ය අපරාධ කොට්ඨාසය කියයි.
මුසම්මිල් මහතා රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ ක්‍රියාකාරි අධ්‍යක්ෂක වශයෙන් සිටියදී පරිහරණය කළ නිල රථයට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ගෙවීම් කර තිබීයදිත් රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවෙන් ද රුපියල් ලක්ෂ 62 ක් ලබාගෙන එය සිය බිරිඳගේ නමින් බැංකු ගිණුමක තැන්පත් කැළැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද රාජපක්ෂ අායෙත් බලයට අාවොත් මේ සේරම නිදොස්කොට නිදහස් වෙයිද දන්නෙ නැහැ නේද? (නි)
අනේ මේවට හිනා වෙන අය ගැන දුකයි. දැන් කි දෙනෙක් අල්ල ගත්තද? නිකන් සංදර්ශන විතරයි. (ර)
විජය, මේවා වංචාසහගත ලෙස ලබාගත්ත දේවල්ද නැත්ද කියන දේ අධිකරණය මගින් තීන්දු කරාවී. (ර)
මිත්‍රයිනි, ඕකේ හරි වැරැද්ද මොකක් වුණත් අපිට කරන්න පුළුවන් කෙරුවාවක් තියෙනවද? (නි)
මේවා ලැබුනහම තමයි නිකන්ම “ආර්ථික කථිකයෝ" අතුරුදහන් වුණේ. කලින් ආර්ථික ඝාතකයෝ කියලා බෙරිහන් දීලා සද්ද නැතුව නාට්‍යය අවසන් කළේ මොකද? (නි)
අනේ හැබෑට මෙහෙමත් මිනිස්සු! (නි)
මහින්ද මහත්තයාගේ කාලේ නම් මෙයා මෙලහකට මහ උළු ගෙදර. අනේ මහින්ද නැති පාඩුව දැනෙනවා හරියට. (නි)
සමහරු නඩු තීන්දුවත් දීලා ඉවර බව පේනවා. අධිකරණය වැරදිකරුද නිවැරදිකරුද කියලා සොයාවි. (නි)
මේ අය කට ඇරියෙම වාසියටම මිස කිසිම තාර්කික පදනමකින් නොවෙන බව අපි දුටුවා. නමුත් මුහුණෙන් පෙනුනා ලොකු බයකින් ඉන්න බව (නි)
මහින්ද රාජපක්ෂ මහතා ඕනෑ කියලා සටන්කරන ඔක්කොම හොරු. ජනතාව මේ බව ක්‍රමයෙන් අවබෝධකර ගනිත්වා! (නි)
ආගමට අනුව නම් මේ කරලා තියෙන්නේ ලොකු වැරදි වැඩක් ,පුදුමයි ගිය ආණ්ඩුවේ මුදල් ඇමති මේ කිසිවක් නොදැන හිටපු එක (හේ)
මේවා වංචාද? මේවා නීත්‍යානුකූල ගෙවීම් රාජපක්ෂ මහත්තයගේ කාලේ, මෙහෙම දීමනා දීලනේ එතුමා ප්‍රාදේශීය සභා සභාපතිවරු හදාගත්තේ, අද ඔවුන් එතුමා වෙනුවෙන් මැරෙන්න වුනත් ලෑස්ති, මොකද නැතිවුන දේ ලබාගන්න, මේවා සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැති එක තමා පුදුමය (බ)
මේවා වහගන්න වෙන්න ඇති මේ අය මහින්ද මහතාට පණ දීගෙන පක්ෂපාතී බව පෙන්නන්නේ පක්ෂේ අයටත් වඩා. (බ)
හැදෙන ගහ "දෙපෙත්තෙන්" දැනේ (බ)
මට මතක් වෙනවා සිංහල උප හැරණයක් 'කටේ නරිවාදන් රෙද්ද පල්ලෙන් පෙරෙනවා' කියල..(බ)
ඔය විදියටම අර නැව් ගිලපු අයයී මහ බැංකු හොරුන්ගෙත් දේවල් හෙව්වොත් නේද හොද මහත්තයෝ (බ)
ඉතින් එහෙම දෙපැත්තෙන්ම නොගෙන දේශප්‍රේමී වැඩ කරන්නේ කොහොමද? (බ)