ලංකාදීප මාධ්‍යවේදී අසංක ආටිගලගේ එක මග යන පොත් තුනක් කෘති ත්‍රිත්වය දොරට වැඩීම සිකුරාදා (11) කොළඹ, හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානයේදී පැවැත්විණි.
අංසක ආටිගලගේ බෞද්ධ ග්‍රන්ථකරණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් ‘යුගකාරක යතිවරු‘, ‘සසරින් එතෙරවූ යතිවරු‘ සහ ‘සසර කෙළවර කරන ආරණ්‍ය‘ නම් ග්‍රන්ථ ත්‍රිත්වය එළි දැක්වීම සිදුවිය.
ප්‍රධාන ආරාධිත දේශනය සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය කුඹුරුගමුවේ වජිර නාහිමියන් සිදු කළ අතර ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක ගල්බොඩ ශ්‍රී ඥානිස්සර නාහිමියෝ ආශිර්වාද කර සෙත් පැතූහ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය දයා අමරසේකර සහ කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරුද දෙසුම් පැවැත්වූහ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd