‘මාදුළුවාවේ සෝභිත හිමි,අතුරලියේ රතන හිමි,එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු තවත් බෝහෝ දෙනා එකතු වී සාධාරණ නීතී ගරුක රටක් ඇති කිරීමට සුදානම් වෙනවා‘ යැයි හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය කොළඹ නවනගර ශාලාවේදී අද (21) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පැවසුවාය.
කුමාරතුංග මහත්මිය මෙසේද කීවාය.
මට යළි මගේ දේශපාලන මහ ගෙදරට එන්න අවස්ථාව ලැබීම ගැන මා සතුටු වෙනවා. ජනාධිපති පුටුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා වාඩි වුණාට පසු හුඟ දෙනකුගේ සහභාගීත්වයෙන් මා පක්ෂයේ සභාපතිත්වයෙන් යැව්වේ ඔබතුමාට එය නිල වශයෙන් භාර දෙන්න අවස්ථාව දෙන්න කියා මා ඉල්ලද්දී එ අවස්ථාව වත් නොදී.
නමුත් නීති විරෝධී දේ කරමින් කැත වැඩ කරමින් සිටිය දී මා බොහෝ කාලයක් නිහඩව බලා සිටියා. මා මේ නිහඬ බව රකිමන් සිටියත් යළි දේශපාලන කටයුතු වලට සම්බන්ධ වෙන්න මා තීරණය කළා. ඒ කළේ මට සිදුකළ වද හිංසා හා කෙනෙහිළිකම් නිසා නොවෙයි. සාමාන්‍ය පුද්ගලයකුට දරා ගත නොහැකි තරම් වද හිංසා මට සිදුවුණා. ඒවා එකිනෙක කියන්න මට ලැජ්ජයි.
නමුත් මා මෙතැනට ආවේ අපේ රට වැටී තිබෙන ආගාධයෙන් රට ගොඩගැනීමට අපේ පක්ෂය වැටී තිබෙන ආගාධයෙන් පක්ෂය ගොඩනැගීමට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන නැවත නැවතත් කිව යුතු නැහැ. මේ පක්ෂයේ නායකයන් වුණේ තම සියළු දේ කැප කරමින් ජනතාව වෙනුවෙන් සටන් කරපු ජනතාව වෙනුවෙන් කැපවූ අය. මෙය ජනතාවගේ පක්ෂයක්. ජනතාවගේ නායකයන් හිටියේ. නමුත් ජනතා පුත්‍රයන්ට තැනක් තිබුණු පක්ෂයක්. තමන්ගේ අයට හැදෙන්න වැඩෙන්න ජනතාවගේ මුදල් කෝටි ගණනින් හොරකම් කරන්න ඉඩ දීපු පක්ෂයක් නොවෙයි.
නමුත් දැන් සිදුවන්නේ යුද්ධයේ නාමයෙන් රටේ සියළු සම්පත් සූරාකමින්, රටේ ජනතාවගේ සම්පත් සූරාකමින් හොරකම් කරමින් රජයේ සේවකයන්ගේ පටි වැඩි නොකර ජනතාවගේ සල්ලි හා දේපල සූරාකමින් ගෙන ගිය පාලනයක් බවට පත්වෙලා.
දුප්පත් මිනිසුන්ට කන්න නැතිව සිටිය දී නීතියේ අධිපත්‍යය සම්පූර්ණයෙන් ම කඩා දමලා මිනී මැරුම්, දූෂණය අද රජ කරලා. ඒවාට විරුද්ධව කටයුතු කරන අයට දඩුවම් කරනවා. අහක බලාගෙන ඉන්න අයට උසස් වීම් දෙනවා. නීති තීන්දු ගන්නේ ටෙලිෆෝන් එකෙන්. විනිශ්චයකාර වරයකුට කවදාවත් නියෝග නොදුන් රාජ්‍ය නායිකාවක් ලෙස මා කියනවා මේ තත්ත්වය ඉතා භයානකයි කියා.
අපි ව්‍යවස්ථා සංශෝධන පාර්ලිමේන්තුවට ගෙනාවා. ස්වාධීන කොමිසම් සභා ගෙනාපු මේ සංශෝදන අද විසිකරලා. කිසිම පාලනයක් නැතිව රාජ්‍ය පාලකයන් විවිධ අසත්‍ය ප්‍රකාශ කරමින් රජය ගෙන යනවා. කාටවත් විරුද්ධ වීමේ අයිතියක් නෑ. විරුද්ධ වුණොත් සුදු වෑන් එක ඇවිත් අතුරුදන් කරනවා. නැත්නම් පාරේ මරා දමනවා.
මා ගැන මා කතා කරන්නේ නැහැ. අපි අපේ ව්‍යාපාරය ගැන කතා කරනවා. මා දිගුකලක් මේවා ගැන බලා සිටියා. මට ගොඩක් ඉල්ලීම් ආවා. පොදු අපේක්ෂිකාව වන්න කියා. මා පැහැදිලි තීන්දුවක් ගත්තා මට බලයට පෙරේත කමක් නැහැ. අපේ පක්ෂයේ අය කිව්වා මැඩම් මේ ව්‍යවස්ථාවට සංශෝදනයක් ගෙනත් ඉන්න කියලා. මම ඒ ඉල්ලීම් විසි කරලා ගියේ. නැවත මට එන්න අවශ්‍ය නැහැ. නමුත් දේශපාලන වශයෙන් රට හදන්න ඉදිරිපත් වන මේ කණ්ඩායමට උදව් නොකර සිටීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයන්ට සහයෝගය නොදී සිටීම ද්‍රෝහී කමක් කියා මා සිතනවා. අවශ්‍ය උදව්ව කරලා රට ගොඩනගන්න මා පැත්තක සිට උදව් කරනවා. මේ අය ගැන මා වචනයක් කිව යුතුයි.
අද දේශපාලන ක්ෂේත්‍රය විනාශ වෙලා. අපි දේශපානයට ආපු කාලේ රට ගැන කැක්කුමක් ඇතිව දේශපාලනය ආපු විශාල පිරිසක් හිටියා. ඔවුන් කිව්වේ අපි රට වෙනුවෙන් මොනවා හෝ කළ යුතුයි කියා. නමුත් අද නව දේශපාලන සංස්කෘතියක් අද ඉදිරිපත් වෙලා. හොරකම් කරපල්ලා මිනී මරපල්ලා එවිට ඕනෑ තරම් කාලයක් ඉන්න පුළුවන් කියන සංස්කෘතියක්. ඒක පාස්පෝර්ට් එකක්. නමුත් මේ විවිධ වරප්‍රසාද මැති අමැතිකම්, වාහන, අමාත්‍යාංශ, කාර්ය මණ්ඩ සියල්ල අහිමවන බව දැන දැන මේ නායකයන් මෙවැනි තීරණයක් ගැනීම ඉතා ශ්‍රේෂ්ඨ දෙයක්. මේ වගේ යුග පුරුෂයන් ඉන්නවා යැයි දැන ගැනීම අපිට ආඩම්බර විය හැකි දෙයක්.
මා සම්පූර්ණයෙන් ම කළ කිරීලා. දේශපාලන ඩයස්පෝරාවෙන් ඉවත්වෙලා හිටියේ. නමුත් මේ වගේ කොටසක් ඒ ඩයස්පෝරාවෙන් ඉවත්වෙලා සත්‍ය වෙනුවෙන් යුක්තිය වෙනුවෙන් ඉදිරිපත් වීම අපි සියළු දෙනාටම ලාංකීයයන්ට හොඳ අවස්ථාවක්. මේ ගැන ගැඹුරට හිතලා රටට ජනතාවට සේවයක් කිරීමට මේ අයට හැකියාවක් තිබෙනවා. අප සමග මේ ඉන්න සියලුම දෙනා මේ ක්‍රමයට විරුද්ධව අප සමග එකතු වී සිටිනවා. අපි හැමෝම එකතුවෙලා මේ ක්‍රමය පරාජය කර ශ්‍රේෂ්ඨ ලෝකයා ගරු කරන රටක් බවට ආදරණීය ශ්‍රී ලංකා දේශය පත්කැර ගැනීමට ඔබ සියළු දෙනාගේම සහයෝගය අපට ලබාදෙන්න කියා මා ඉ ල්ලා සිටිනවා.
මගේ සම්පූර්ණ සහයෝගය තිබෙනවා. අපි දන්නවා අපේ ජීවිත අනතුරේ. හිටපු ජනාධිපති හැටියට මගෙන් වරප්‍රසාද උදුරාගත්තා. ඉතිරි ටිකත් උදුරා ගන්නා බව දැනගෙන ආවේ. මගේ දරුවන් මේ ව්‍යායාමයට විරුද්ධ වුනත් මෙය රට වෙනුවෙන් ගත් තීරණයක්
මා දන්නවා මෙතනින් එළියට බැස්සාම අප සියලු දෙනාට විවිධ තර්ජන ගර්ජන එල්ල වේවි. මේ ක්‍රමය ප්‍රතික්ෂේප කරන සියලු දෙනාම කරුණාකර එළියට එන්න කියා මා ඉල්ලනවා. දැන් වෙලාව හරි.
අපේ ප්‍රධාන සටන් පාඨ වලින් එකක් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. කවුරුත් අහනවා ඇයි මගේ කාලයේ මේක කළේ නැත්තේ කියා. මා වසරක් යන විට ව්‍යවස්ථාවක් ගෙනාව. ඒකේ කරුණු දෙකයි. එකක් තමයි සුළු ජාතීන්ට වරප්‍රසාද දීම හා ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම. නමුත් දණ ගහලා වැන්දේ නැතිව විතරයි. එදා විපක්ෂයේ සහයෝගය දුන්නේ නැහැ.
මම කේන්දර බළලා මැතිවරණ වාසි වෙන විදියට තිවුවේ නැහැ. නමුත් මා වසරක් කෙටි කරගෙන ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍ය නිසා මැතිවරණයක් තිවුවා. ව්‍යවස්ථා උපදේශකයන් කිවිවා තුනෙන් දෙක නැතිව අපි ව්‍යවස්ථාව ගේනවා කියා අපි මැතිවරණයට ගියේ මගේ අවුරුද්දක පාලනයක් අහිමි කරගනිමින්. අපි දිනුවා. ජනාතාවගෙන් මා දිගින් දිගටම ව්‍යවස්ථාව ගේන්න අපිට ඡන්දය දෙන්න කියා ඉල්ලුවා. ඒ නිසා තමයි ප්‍රභාකරන්ට මාව මරන්න ඒන කිව්වේ. එයාට සුළු ජාතීන්ට අයිතිවාසිකම් දෙන්න අවශ්‍ය වුණේ නැහැ. රට දෙකඩ කරන්නයි වුවමනා වුණේ. නමුත් අපිට එය කරන්න බැරි වුණා.
එදා මගේ පාලනයෙන් කරන්න බැරි වූ දේ මෙවර කිරීමට මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේ, රතන හිමියන්, එක්සත් ජාතික පක්ෂය, හිටපු ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඇතුළු බොහෝ දෙනා දැන් එකතු වී සිටිනවා. මා ප්‍රජාත්නත්‍රවාදියෙක් නිසා බලෙන් ගේන්න කැමති වුණේ නැහැ. නමුත් මා විශ්වාස කරනවා දැන් එය කිරීමට අපට අවස්ථාව ලැබී තිබෙනවා කියා.
දැනටමත් සමහර රූපවාහිනී නාළිකාවලින් පත් කරලා තියෙනාළු අපිට එක් එක් දේ කියන්න. අපි හැමදාම හිස නමාගෙන එක පවුලකට භාර දීලා බලාගෙන ඉන්නවා ද නැතිනම් යුක්තිය ඉටුවන ශක්තිමත්, සාධාරණ නීති ගරුක රටක් කරනවා ද කියා දැන් අපි තීන්දු කළ යුතුයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ නෝනා හිතනවා ඇති මේ රටේ මිනිස්සු මැරිලා ඉපදුනා කියලා..(හේ)
ඒ කලේ මතක් වෙනකොට ආසාවේ බෑ.(හේ)
අම්මණ්ඩි දෙන සුදාන වෙන්න යනවා .මෙයාගේ ඔය පුතාට ලැජ්ජයි සිතුනලු ලංකාවේ කියන්න .රට කල දැන් සුද්දෝ වෙන්න යනවා .එය කල දේ මුළු රටම දන්නවා .. (අ)
ඇසල මල්ලි , ..ඔයා දන්නවාද මල්ලි තව එක්කෙනෙක් රුපියල් මිලියන 180 කොටින්ට දීලා කිවුවා උතුර නැගෙනහිර චන්දයට චන්දදමන්න මිනිසුන්ට තහනම් කරන්න කියලා.කොටියා සල්ලිටික අරගෙන ඒ පොරොන්දුව ඉටුකලා. ඒක නිසා වෙන කෙනෙක් ජනාධිපති වෙන්නට තිබුන අවස්ථාව වෙන කෙනෙකුට ගියා. මේ දවස්වල ආයෙත් මේ ගැන කතාවෙනවා. චුට්ටක් හොයලා බලන්න මල්ලි. (නදී)
අනේ මේ නෝනා ඇඳුම් ඇදගෙනද කතා කරන්නේ. අවරුදු 12 රට කලා (අ)
බණ්ඩා මහත්තයා, මමත් ඔබ සමගයි. (ර)
මෛත්‍රී හොඳයි. එතුමා හොඳයි ඒත් එතුමා පිටිපස්සේ ඉන්න ද්‍රෝහීන් කණ්ඩායම නිසා අපට බයයි ඔය දින සීය නිකම්ම ඡන්ද පොරොන්දුවක් විතරක් වෙයිද කියලා. (නදී)
රටට වෙනසක් අත්‍යවශ්‍යයි නමුත් ඇති වු මේ වෙනස ගැන අපි ඉතා බුද්ධිමත්ව සිතා බැලිය යුතුයි.(දිල්)
සුජාතා දියණි ශ්‍රී ල නි ප ය දෙකඩ කළා (නදී)
මෙයා කට පියාගෙන හිටියා නම් මෛත්‍රීට දිනන්න පුළුවන් (නදී)
ඔබතුමිය නිවැරදි වෙලාවට රැස්වීමට ආවද? ඔබතුමියගේ කාලේ පවුල් වාදේ තිබුනේ නැහැ (නදී)
අනේ මෙයා එවිත් ඉන්නේ රටට තියන කැක්කුමකට නම් නෙමේ.පලිගන්න..මහා ලොකු මෛත්‍රී පාලනේ කට්ටියගෙම හිත වල තිබුණු වෛර එයාලම කියලා පෙන්නුවා.අනේ මෙය කරපු දේවල් මොනවද.බල තන්හාව නැත්තන් පාඩුවේ හිටියනම් ඉවරනේ.අපහු යුද්දයක් ඇති කරයි මෙයාල නම් (අ)
මහින්ද මහත්තයට ජය නියතයි (නදී)
අයෙමත් යුදයක් පටන් ගන්නද දගල්ලනේ.... (දී)
අපි දන්නවා මේ රජය ජනතාවගේ මුදල් හොරකම් කරන බව. ඒ උනාට ඔබතුමා ගෙන් රටට වෙච්ච සෙතක්නම් නැත. දැන් මෛත්‍රීපාල මැතිතුමගේ කරපිටින් ගොඞයන්න වගේ අරඅදින්නේ. කරුනාකර පිනක් දහමක් කරගෙන පැත්තක ටවෙලා හිටියොත් නේද හොද. (නදී)
දැන් ඉතින් ඔය කියන දේවල් ඒ නෝනාගේ කාලයේ කරන්න තිබුණනේ! (නි)
අපේ රට දැන් ලස්සනට තියෙනවා.මරණ බයක් නෑ.මීට වඩා මොනවද.ප්‍රශ්න තියෙනවා තමයි.එත් ලොකුම ඒවා ඉවරයි.මම කලගුණ සලකනව අපේ ජනාධිපතිට.(අ)
බලයට කෑදර කමට බලාගෙන ඉන්න ඔය මිනිස්සු අතෑරලා දාමු අපි ඔක්කොම එකතු වෙලා.මේ හැදීගෙන එන රට වට්ටන්න දෙන්න එපා යාලුවනේ. (අ)
මේ වගේ හැමෝම එකමුතු වෙනවා නම් කොච්චර හොදද?(හේ)
හිටපු ජනාධිපතිනිය දැන් කතාකරන්නේ මැරිලා ඉපදිලා වගේනේ. එදා යාපනේ කොටුවෙලා හිටපු සොල්දාදුවෝ 30,000 කොළඹට ගෙන්න කතාකරේ මෙතුමියි, පොන්සේකා මහතායි ඇතුළු පිරිස. මැරුණු රත්වත්තේ මහතාගේ තනි කැමැත්තට තමයි, චෙක් රටෙන් මල්ටිබැරල් ගෙනල්ල යාපනේ බේරාගත්තේ. චන්ද්‍රලේඛාගේ කොන්දේ කැපුවේ කවුද ? අද කොටි නෑ. මිනිස්සුන්ට බය නැතිව පාරේ යන්න පුළුවන්. (අ)
වචනය කියන්න පහසුවෙන් වෙනස් කරන්න පුළුවන් දෙයක්. කෙනෙකුගේ වචනයක ඇති වටිනාකම තීරණය වෙන්නේ ඒ කෙනාගේ අතීත ජීවිතය, හා එකල කියූ වචන වලට අනුව කොතරම් දුරට ජීවත් වුනාද කියන එකයි. මැඩම්, ඔයා ගැන අපට විශ්වාසයක් නැහැ. ඔයා අපේ විශ්වාසය පලුදු කළා. පවුල් පාලනය පෝෂණය ගැන අපෙත් ප්‍රසාදයක් නැහැ. නමුත් ඒ පවුල අයින් කරලා එතනට පත් කරන්නේ මංගල, රාජිත, රවී වගේ බඩගිනි කාරයන් පිරිසක් නම් ඔය උත්සාහය දේශපාලන පලිගැනීමක් කියල අපිට නිශ්චය කරන්න වෙනවා. අපට (ජනතාවට) පුද්ගලයින් වැදගත් නැහැ. අපට ඕනේ විශ්වාසවන්තව රට කෙටි කාලීනව භාර දෙන්න සුදුසු ප්‍රතිපති මාලාවක් සහ එය කිරීමට සම්මුතියකින් බැඳී සිටින, "අතීත කල්කිරියාව හොඳ නිසා අනාගතයටද විශ්වාස කල හැකි" පිරිසක්. ඒ පිරිසට ජනතා බදු මුදලින් වැටුපක් ගෙවනවා. එච්චරයි. අපට සේනානායකලත් එකයි, බණ්ඩාරනායකලත් එකයි, රාජපක්ෂලත් එකයි. ඔය කිසි කෙනෙක් මේ රටේ අයිති කාරයෝ නෙමෙයි. කෙටි කාලීනව වැටුපකට රට පාලනය බාර ගත්ත පුද්ගලයෝ.(අ)
අපි මැරිලා ඉපදුනේ නෑ. ඔයාගේ අවුරුදු 12 මොනාද කරේ. මිනී වලවල් හාරපු එක විතරයි නේද කලේ. රටට එක වැඩක් කලාද. දැන් කාටද බල තන්හාව. (නදී)
හරිම සතුටක් දන්නෙනවා.. ත්‍රස්තවාදීන්ගෙන් බේරාගත රට බේරගන්න ඔබ සියලුදෙනා එකතුවීම ඉතාමත් වටිනවා මී අවස්ථාවේ. (අ)
ඔබ කවදාවත් පෞල දේශපාලනය කර නැහැ නැත්තම් අනුරට අගමැතිකම දෙන්න තිබුනණේ (අ)
මෙතන මොනවා ලීවත් ඡන්දෙ දවසට කතිරය ගහන්නේ මයිත්‍රීට කියලා විශ්වාසයි. (නදී)
මෙයා ඔට්ටු වෙන්නේ කුහක කමට.අවරුදු 12 පාලනය කරලා මොනවද කලේ. (අ)
අපි නොදන්නා නෝනා. (අ)
චන්ද්‍රිකා මහ ලේකම් කම සිරිසේන මහතාට නොදී එස් බී ට දුන්නු වෙලාවෙ ඒක ආපහු මෛත්‍රීට දුන්නෙ මහින්ද මහත්තයා (අ)
ජය වේවා ........ (අ)
අපි නොදන්නා නෝනා. රටට ආදරේ මෙයාද?අපි දැක්ක ඒක එයාගේ පාලන කාලේදී. (නදී)
"විරුද්ධ වුණොත් සුදු වෑන් එක ඇවිත් අතුරුදන් කරනවා. නැත්නම් පාරේ මරා දමනවා." මෙයා මේ කොයි කාලේ ගැනද කියන්නේ ? (අ)
කොටියට රට දෙන්ට ගිය නෝනා ඔය කතා කරන්නේ .මොකා ගියත් රට බේරාගත් ජනාදිපති තුමා ජය ගන්නවා (අ)
හොද අදහස.(හේ)
අතිගරු ජනාධිපතිතුමා නිසයි අද අපි මෙහෙම සතුටින් ඉන්නේ.පොඩිඩක් හිතලා බලන්න බිහිසුණු යුද්දේ නැති කරලා අද රටට සාමය උදා කරලා දුන්න එකම මදිද?(හේ)
ජය වේවා ..(අ)
නෝනා නාන්න නම් නාන්න !!නොනාන්න නම් දියරෙද්දෙන් බෙලි කපන්න හදන්නේ නැතිව මාරු වෙලා යන්න!!(අ)
ලංකාවේ ජනතාවට තිබුණු අපල කාලය ඉවරයි (අ)
බන්දුලයෝ, මේච්චර කල් නාටු මි හරකෙක්ද ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂයේ මහ ලේකම් තනතුර දැරුවේ? ඒ වගේම රටේ සෞඛ්‍ය ඇමති? එ්ක අහලනම් පුතෝ ඔන්න මටත් හිනා අධෝ මුඛයෙන්ම. (නදී)
මේ පොදු අපේක්ෂකයගෙ ප්‍රතිපත්තිය මොකක්ද එ. ජා.ප.ද? ශ්‍රී. ල.නි.ප? ඇහුනු විධියට නම් ශීලංකා නදහස් පක්ෂ අපේක්ෂකයෙකු වගේ අර සාධාරන නෝනාගෙ කතා අහල ඇතිවෙලා නිසා ඒවනං ඇහුවෙ නෑ අරපරන ඇටමාලෙ දාගෙන ආවනම් ජනතාව ටිකක් අන්දවන්න තිබුනා (අ)
මෙය දැන් බබා වගේ කතා කරන්නේ අපි තවම මතක තියාගෙන ඉන්නේ මෙයාගේ පාලන කාලයේදී වැඩ කරපු හැටි ,අපරාදේ සිරිසේන උන්නැහැත් ඇහුන නේ මෙයාගේ රාජපක්ෂලාගෙන් පාලි ගැනීමේ ගැටෙයට (අ)
දැන් මිනිස්සුන් තේරුම් ගන්න ඕන එක දෙයක්. යම් කිසි කෙනෙක් රට දියුනු කරන්න හදනකොට පවුල් වාදය, එ්කදිපති වාදය කියලා මොනා හරි කියලා රට යන ගමන ආපස්සට හරවන්න හදනවා. මේ පැහැදිලි දේශ ද්‍රෝහී කමක්. මේවට දෙවියන් විසින් දඬුවම් ලබා දේවි. (නදී)
මෙතුමියට අපගැන ආදරයක් කරුණාවක් හිටිහැටියේ පහලවෙලා අපිට නම් ඉගුරු දීල මිරිස් ගන්න උවමනාවක් නැ (අ)
උඩින් පල වෙලා තියන අදහස් ටික කියවපුවම මට ලියන්න දෙයක් ඉතුරුවෙලා නැ.(අ)
වැටුප් ලබමින් සමහරුන්ට කඩේ යන සෙට් එකක් ඉන්නවා වගේ (අ)
අපේ දරුවන්ට හොද අනාගතයක් ඕන. (ර)
අපේ ජිවිතයේදි සහෝදරයන්ගෙ එකමුතු කමේ වටිනාකමට නිගරු කිරි්ම තුල ඇත්තෙ වෙෙරයයි. කනෙකෙුට තමන්ගෙ සහෝදරයින් හැර කවුද? සහෝදරයින්ට ආදරය දෙමාපියන්ට ඇති ආදරයයි. දෙමාපියන්ට ඇති ආදරය රට ජාතියට ආගමට ඇති ආදරයයි. මගේ සහෝදර, සහෝදරියන් මට සසර පුරාවටම වාසනාවන්! ඔවුන් මට ඇති කල්‍යාණ මිතුරන්. (අ)
දැන් කාගෙවත් හොද නරක බලන්න වෙලාවක් නෑ ඒකාධිපතිය පන්නන්න පෙළ ගැසෙමු (අ)
මේ කැද හැලියේ ඉන්න කට්ටිය කොටිත් එක්ක ගහපු ගිවිසුම් අපි නොදන්නා දේවල් නෙමෙයි. රට අවුරුදු 12 ක් කල දැන් තිබෙන දියුණුව ඒ කලේ කොහෙද තිබුනේ. අපි නොදන්නා නෝනා. (අ)
එක් පවුලකට රට බාර දී බලාගෙන ඉන්න බෑ කියන චන්ද්‍රිකා එයාලගේ පවූලේ අය රට කපු හැටි රටම දන්නවා. චන්ද්‍රිකාගේ ජනාධිපති අවසන් කලේ ජනාධිපති අරමුදලෙන් කෝටිගණන් අරගත්තා හැටි පුවත් පත් වලින් දැක්ක. හැමෝම ඔය දේය කරනවා. (අ)
මහින්ද අපට අපි මහින්දට. (අ)
අම්ම රෝද පුටුවේ ඉදගෙන අගමැති .පවුල්වාදී කමේ තරම. (අ)
පවුල් වෘක්ෂය සහ ඥාති සංග්‍රහ ගැන අපි මුලින්ම ඇහුවේ සිරිමා බන්ඩාරනායකගේ කාලේ. සිරිමාගේ ආණ්ඩුව පරදන්න ප්‍රේමදාසත් ඔය කරුණුම තමයි කිව්වේ.(හේ)
අනේ මගේ කට, චෞර රැජින කෘතිය කියවල බැලුවද? රට කාපු අයෙක් තමා මෙයත්. (අ)
චන්ද්‍රිකා මහත්මියම ආව නම් තමයි මම නම් කැමති. ඔබ තුමී පෙරට ආපු එක ගැන ගොඩක් සතුටුයි. (ර)
එක ඡන්දයක් හරි මෙයාලට දුන්නොත් ඒක ජාති ද්‍රෝහී ක්‍රියාවක්. සංහිඳියාව, පාලනයක් නැතිකම, මෙයාලගේ කාලේ තිබුණා මේ වගේම. අපිට ඕනේ වෙනසක් ?රට රැකගන්න හැම අනතුරකින්ම ?(දිල්)
අපි ඉතින් කාගේ කාගේ හැටිත් දන්නවා (දිල්)
හොඳයි ජය වේවා.(හේ)
ඒකාධිපති පාලනය දැන්වත් ඉවරකරමු . (අ)
රනිල් චන්ද්‍රිකා බටහිර තුන් නුල පිරිත් කරලා ලෙඩෙක් ගේ අතේ බැඳලා. රට කන්නයි සුදානම. අපේ පවුලට විතරයි රට සුද්දෝ ලියල දීල තිබුනේ.මගේ පඹය ළවා මම රට නැවත කන්නම්කො. (අ)
අපිනම් ඉතින් ජනාදිපති එක්කමයි (අ)
අම්ම, තාත්ත, මම සහ මල්ලි එතකොට මොනාද කලේ? රෙදි ඇන්දලද ඉන්නේ? (අ)
මා වසරක් යන විට ව්‍යවස්ථාවක් ගෙනාව සුළු ජාතීන්ට වරප්‍රසාද දීම හා ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම එදා විපක්ෂයේ සහයෝගය දුන්නේ නැහැ. දැන්ද විපක්ෂය සහයෝගය දෙන්නේ. මේක පෙරලපු හැටියේ කොටි කරනම් ගහයි අපේ ඔලු උඩ. ජනාධිපති ක්‍රමය ගෙනාවේ ඒ ජ ප ආණ්ඩුව නේද. ඕව හොදයි කොණ්ඩේ බැදපු චීන්නුන්ට කිවුවනම්. (අ)
අපිට කියල රටක් තියෙන්නේ. සිංහල කියල ජාතියක් ලෝකෙට ඉතුරු උනේ මහින්ද ජනාදිපතිතුමා නිසා. සිරිසේන මහතා,මහත්මයෙක්. නමුත් ලගින් ඉඳගෙන ඉන්න අය නම් එච්චර අල්ලන්නේ නැහැ (නදී)
වෙනසක් වෙන්න ඕනේ කාලේ ඇවිල්ලා කියලයි මගේ අදහස.(හේ)
අපිට තාම මතකනැති වෙන ලෙඩේ හැදිලනැහැ ඒකනෙ නෝනාගෙ අවු 12 මතක. මෛත්‍රි මහත්තයා ගැන නම් ඇත්තටම දුකයි මහින්ද මහත්තයා එක්ක කොහොම හැරෙන්නද? (අ)
ලිබියාවේ ගඩාෆි , ඉරාකේ සදාම් හුසේන් මරල ඒ රටේ මිනිස්සු හිතුව දැන් තමන්ට දිව්ව්‍ය ලෝකේ හම්බ වේවි කියල නමුත් අන්තිමේට කබලෙන් ලිපට වැටුන, රට කොටින්ගෙන් බෙර ගන්න මුලික වුණේ මහින්ද රාජපක්ෂ ජනාදිපති තුමා. යුද්දේ දින්නපු දා ඔබල සියලු දෙනාම එතුමාට ප්‍රශංසා කොලා, සිංහලයට කොහොම වුණත් මතකේ තියෙන්නේ කෙටි කාලයයි. මෙතන නායකයෝ ගොඩ, මේ අයගේ සමගිය බලමුකෝ කොච්චර කාලයක් තියේවිද කියල, (අ)
මේ කැඳ හැලියේ ඉන්න කට්ටිය කොටිත් එක්ක ගහපු ගිවිසුම් අපි නොදන්නා දේවල් නෙමෙයි. රට අවුරුදු 12 ක් කාලා දැන් තිබෙන දියුණුව ඒ කලේ කොහෙද තිබුනේ. අපි නොදන්නා නෝනා. (නදී)
රනිල් අගමැති වෙනවා නම් මෙතුමාටත් දීලා වැඩක් නැ..(හේ)
මෙයාගෙන් නම් වෙන්නේ මෛත්‍රීට ඡන්ද නැතිවෙන එක පමණි (නදී)
හැම දෙයක්ම වෙන්නේ හොඳටලු. (ර)
මෙය මේ හදන්නේ පුතාව ගෙන්න. එත් ඉතින් හප කරලා විසි කරපු අය නැවතත් පිළිගන්න ජනතාව සූදානම් නැහැ.මේ රටේ වීරයා මහින්ද විතරම තමයි. (අ)
මොලය තියන ඕනෑම කෙනකුට තේරෙනවා යුද්දය තියලත් පොඩි මිනිහගේ සාක්කුවේ මුදල් තිබ්බේ රනිල් සහ චන්ද්‍රික යුගයේ කියල. දැන් සල්ලි තියෙන්නේ ඔක්කොම ලොකු මිනිහගේ ළඟ විතරයි . හොදට පපුවට තට්ටු කරලා බලන්න . (අ)
එක් පවුලකට රට බාර දී බලාගෙන ඉන්න බෑ -චන්ද්‍රිකා කටින් ද කිව්වේ. (අ)
එහෙනම් අහක බලාගෙන ඉන්න. ඉරිසියාව ඉහ වහ ගියපු තුන්වන පන්තියේ ගැහැණු කෙනෙක් (නදී)
මෙයා බැද්දගානේ සංජීව එක්ක රටට කල සේවය මතක නැද්ද? ඕකනේ අපේ අයට මුල මතක නෑනේ. මහින්ද පැරදිය යුතුයි. එ්ත් විකල්පය රනිල් නෙවෙයි. වටේ ඉන්න සෙට් එක පේනවනේ (නදී)
කෝ අර බන්දුල පෙරේරා, දැන් ප‍්‍රවෘත්ති බලන්නේ නැද්ද. (ර)
ජනාදිපති යුද්දෙට ගියාද යුද්දෙ දිනද්දි කියන කට්ටිය රටෙත් නැ අහිංසක කොල්ලො ටිකට වැදපියව් මල් තියලා අවුරුදු ගානක් යුද්ද කරලා අපේ රට බේරගත්තට හැබැයි ජාතිය අාගම බේරගන්න ඒයාලට විතරක් බෑ ඒක මුලු රටේම වගකිමක්. (අ)
එක් පවුලකට රට බාර දී බලාගෙන ඉන්න බෑ, මගේ පවුලටත් අවස්ථාවක් ඕනෑ. (නදී)
ඔබතුමිය හොරකම් නම්කළේ නැහැ තමා. එ්ත් සරත් ෆොන්සේකා මහතා යුද හමුදාපති නොකර ශාන්ත කෝට්ටේ ගොඩ මහතාට සේවා දිගුවක් ලබාදුන්නේ ඔබතුමියයි. එම නිසා සරත් ෆොන්සේකා මහතාගේ ගුණ ගායනා කරනවිට ටිකක් හිතල බලන්න. (නදී)
මේ රටේ මිනිස්සු රටේ වෙනසක් බලාපොරොත්තු වේ.(හේ)
ඉවත දමන කෙල බෙට්ටත් වේලාවකට බෙහෙතක් කිව්වා , ඒවාගේ මොන වැරදී තිබ්බත් චන්ද්‍රිකාගේ මෙම වේලාවේ එයාගේ උදව්ව ලොකු දෙයක් , රටේ ලොකු වෙනසක් කිරීමට එය දැකිමට සිටිනා අපිට.(හේ)
මට නම් මතක ඔය නෝනගේ කාලේ මොකුත්ම කළේ නැහැ කියලා. මෛත්‍රී ගැන දුකයි අපිට (නදී)
එක පවුලක් රට කනවා කියල දෙන රට දෙන්න යන්නේ රට කන්න බලාගෙන ඉන්න පවුල් ගණනාවකට. එකෙක් කන එකෙත් රොත්තක් කන්න හදන එකෙත් ලොකු වෙනසක් තියෙන බව තේරුම් ගනිල්ලා.ඔය මේ පැත්තට පනින්න ඉන්නේ මහින්ද ලග කන්න බේරී වුණ අය ටික. ඉතින් මේ අපි දත කන්නේ රැලකට කන්න සෙට් කරන්න ද? (අ)
චෞර රැජන පොතේ තියෙන්නේ මෙයා ගැන නේද ? (ස)
මොනවා බලන්නද මහත්තයෝ..අධෝ මුකයෙන් හිනා වෙනවා මිසක්..ඇතෙක් එක්ක සටනට කට්ටිය එකතුවෙලා පොළොන්නරුවෙන් නාටු මි හරකෙක් දාල.එකත් ආණ්ඩුවෙන්ම අරන් ..මේ රටේ විපක්ෂය ඒ තරමට බංකලොත්ද? චිකේ විලි ලැජ්ජාවේ පන යනවා..(අ)