
(අංජුල මහික වීරරත්න)
එක් පාර්ශ්වයකගේ සාක්කුවට පමණක් මුදල් ලැබෙන අයුරින් බදු සහන ලබා දීමට සූදානම් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ඉදිරි දෙවසර තුළ මෙරට මැණික් කර්මාන්තයේ විශාල දියුණුවක් ඇති කිරීම තම අරමුණ බවත් ඒ සඳහා නව වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා කීය. එම වැඩපිළිවෙළ ජාතික ආර්ථිකයට මෙන්ම ක්ෂේත්‍රයේ නියැළි සිටින සියලුදෙනාට සෙත සැලසෙන වැඩපිළිවෙළක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ යටතේ මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය පුළුල් නවීකරණයකට ලක් කෙරෙන බවද පැවසිය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ චීනකොටුව මැණික් හා ස්වර්ණාභරණ වෙළඳ සංගමය විසින් සංවිධානය කළ “Gem Sri Lanka 2024” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට එක් වෙමිනි.
බෙන්තොට සිනමන් බේ හෝටලයේ පැවත්වෙන මෙම ප්‍රදර්ශනය ජනවාරි 13 වැනිදායින් අවසන් කෙරේ.
මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය දියුණු කිරීමට නම් බදු සහන ලබාදීම පමණක් ප්‍රමාණවත් නොවන අතර මෙරටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස එය දියුණු කළයුතු බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්රීලට, න්‍රිකට් ක්‍රීඩයොන්ට බදු ගහන්නෙ නෑ. ඊට අමතරව මන්ත්‍රීලට,නිලධාරීන්ට තිරු බදු නැතුව වාහන ගන්න පුලුවන්. ඒ සහන ඔක්කොව ගෙවන්නෙ බදු ගෙවන ඡනතාව.
උබේ පංතියේ එවුන්ට මල ගෙවල් වල යන්නත් රජයේ වාහන දීලා තියෙන්නේ , එතකොට අසාදාරණයි නේද බදු අය කිරීම .
ඔව් තමන්ගෙ හිතවත්තු ඔක්කොගෙම සාක්කු ප්‍රරවගනිල්ලා. බාර්කාරයො...බැංකු හොරු...උන්ගෙ සාක්කුපිරිලා ඉතිරිලා ගිහිල්ලා...අහිංසක මහජනතාවගෙ සාක්කු හිස්..ඔය රාජිතයත් එක්ක ලොකුම හොරෙක්ඉන්නෙ ...තව ගේමකට සූදානම් වෙනව.
අනේ මන් දන්නැ මේවට කොහෙන් හිනා වෙන්නද කියලා. මගේ අධෝ මුඛය පැලෙන තුරු සිනා වෙමින්.
අපටත් රජෙක් පහලව ඇතේ
බදු සහනයේ ප්‍රතිලාභ ඉදිරි මැතිවරණ වල ක්‍රියාවේ යෙදෙනු ඇත
බදු පැහැර හරින හොරුන් එක්ක ලගින උන්ගෙන් යැපෙන පල හොරෙක්ගෙ බොරු කයිවාරු වලට අපි රැවටෙන්න ඕනද ?
මේ පිනාට මතක නැද්ද ජෝනියාගේ ,අර්ජුනගේ ටක්ස් ෆයිල් ගැන?
එක කොටසක පමණක් සාක්කු හිස් කරන බදු සහ හිතවතුනට බදු සහන පමණක් දෙන ක්‍රමයක් තමා ඇති කරන්නේ... ඇත්ත කියල තියෙන්නේ
එහෙම නම් අර කෝටි ගණනක් බදු ගෙවපු නැති ජොනියා ගේ, ඇලෝසියස් ගේ කොම්පැනි වලට සීල් තියපංකෝ. ගමගේ ගෙ බොල් ණය හැටියට කපපු කෝටි ගාණ අය කර ගනිං. ඊට පස්සේ මහ බැංකුවෙන් කොල්ලකාපු සල්ලි ගෙවපං.
එතකොට අරක්කු කොම්පැනිවලට සීනි සුදුළුෑනු ගෙනාපුවට ඇලෝසියස්ලට බිලියන ගනන් බදු නොගෙන ඉන්නෙ එයාලට විතරක් සාක්කු පිරෙව්වට කමක්නැති නිසාද?
අනේ යන්න. ඔයාලා දන්න ආර්ථිකේ...