(අංජුල මහික වීරරත්න)
ආසන හතළිහක් තබා ගෙන අගමැති වූ රනිල්ට අවශ්‍ය නම් දේශපාලන විද්‍යාවට අනුව එක ආසනයක් තබා ගෙන අගමැති වී පසුව ජනාධිපති වෙන්නටත් හැකියාව ඇතැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි.
කෘතහස්ත දේශපාලනඥයකු වන රනිල් පාර්ලිමේන්තුවට යවන්නේ සියලුම දෙනා එකතු කරගෙන ගමනක් යෑම සඳහා බව ද අබෙිවර්ධන මහතා සඳහන් කරයි.
වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති මෙම මාධ්‍ය හමුවකදී වත්මන් ආපදා තත්ත්වය පිළිබඳව ද අදහස් පළ කරමින් වජිර අබේවර්ධන මහතා පවසයි.
මේ වන විට අප රටට ආපදා තත්ත්වයක් පැමිණ තිබුණත් රජය ඒ පිළිබඳ නිසි ක්‍රමවේදයකින් කටයුතු නොකිරීම නිසා 19 දෙනෙක් මිය ගිය බවයි. ඒ පිළිබඳව එක්සත් ජාතික පක්ෂය කණගාටුව ප්‍රකාශ කරන බවද අබෙිවර්ධන මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ පාර මන්ත්‍රීලා සල්ලිවලට ගන්නද යන්නේ..? අනික පාපුවරුවේ එල්ලිලා ගියාට බස් එළවන්න පලපුරුද්දක් තියෙනවා කියන්නේ කවුද? වජිර මහත්තයා කෘතහස්ත කියන වචනේ තේරුම හරියටම දන්නේ නැහැ වගේ...
අනේ මහත්තයො ආසන 40 ක් තියාගෙන අගමැති වෙලා ආසන එකට බැස්සා... එ්කෙන් ජනපති වුනොත් ඊළඟට කොහේ නවතීද කියලා හිතාගන්නත් බැහැ...
මේ වගේ වන්දිභට්ටයෝ නිසා තමයි මේ රටේ කෘතහස්ත පාලකයෝත් විහිළු කාරයින් වෙන්නේ...!!!
මේක තමයි දැන් රටේ තියෙන දැවෙනම ප්රශ්නය. අනේ මේ වගේ කුළු හරක්...
ඒක වෙන්න ඇති ඉන්න අයත් එළවන්නේ... සමගි ජන බලවේගයට එක්වූ එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන් 69 දෙනාම පක්ෂයෙන් පන්නා දාන්න කටයුතු කරනවා කියලා පක්ෂ ලේකම් කියලා තියනවා දැක්කා. පුදුමාකාර දේශපාලන විද්‍යාවක් තමයි ඒක...
නරිවාදන් තවම අැරිලා නෑ...
දුකත් හිතෙනවා.... මේ මොහොතේ හොඳම දෙය නම් ගහෙන් බැසීමයි.
රටේ තියෙන මහා දේශපාලන පාප කර්මය තමයි, මේ මිනිස්සු අපේ රටේ දේශපාලකයින් වීම.. රට විනාශ කරන්න මුල් වෙච්ච මිනිස්සු, අද කෘතහස්ත දේශපාලකයින් ගැන කථා කරනවා!
එජාපය විනාශ කළ එක්කෙනෙක් මෙයා. ඡන්දයෙන් කුණු විදිහට පරාදවෙලා ලැජ්ජා නැතිව කයිවාරු ගහනවා. දැන් එජාපයක් නැහැ. රනිල්ට කිසිසේත්ම පැවැත්මක් නැහැ. මිනිස්සුන්ගේ දැඩි අප්‍රසාදයට පත්වුණු පිරිසක් අද එජාපය බදාගෙන ඉන්නේ... එජාපයට ඉතුරු එකම දේ සිරිකොත විතරයි. ජනතා පදනමක් නැති පක්ෂයක්..
ඔයගොල්ලෝ මෙච්චර කාලයක් කලේ ඩීල් දැමීම... රටට මතක හිටින වැඩක් කලේ නෑ.
එක්සත් ජාතික පක්ෂය සුසාන භූමිය දෙසට මෙහෙයවන පුද්ගලයා නේද?. රනිල් පක්ෂයට අවංකවම ආදරේ නම් ඔහු සියලුම තනතුරුවලින් ඉවත් වෙලා නිවසට වෙලා විවේක ගත යුතුයි.
මහා වෘක්ෂයක් වූ එජාප ය විනාශ වුණා
මේවැනි කපටියන් කියන විහිළු කතා එතරම් ගණන් ගත යුතු නැත. එහෙත් රනිල් කෘතහස්ත දේශපාලඥයෙක්ද නැද්ද යන වග මේ ඊයේ පෙරේදා ඉපදුනු අය නොදැන සිටියාට අපට නම් අමුතුවෙන් කියා දීමට දෙයක් නැත. යමෙක් උඩින් බලා අට පාස් මෝඩයන් රටේ පාලකයන් ලෙස තෝරා ගත්තද ඒ කිසි කෙනෙකුට රනිල් ගේ අහලකින් හෝ යන්න බැරිවිය. රනිල්ට බොරු චෝදනා කරමින් වැඩක් කරන්න නොදුන්නේ රාජපක්ෂ නඩය සහ ශ්‍රි.ල.නි.පය විය. රනිල් සැබෑ ප්රජාතන්ත්රවාදියෙක් වූ නිසා ඔවුන්ව මර්දනය නොකර ගෙදර ගියේය. එහෙත් එය දුර්වලකමක් ලෙස නොසිතිය යුතුයි. එල්.ටී.ටී.ය දෙකඩ කොට යුද්ධය අවසන් කිරිමේ පදනම දැම්මේ රනිල්ය. කවදා හෝ රනිල් හැදූ අධ්‍යාපන ප්‍රතිපත්ති, ස්වාධීන කොමිෂන් සභා, ගුරු විද්‍යාල, විශ්ව ව්ද්‍යාල, නිදහස් වෙළඳ කලාප, ජාතික තරුණ සේවා සභාව, සුවසැරිය ගිලන්රථ සේවය ආදිය ඉතිරිවනු ඇත. රනිල් එදාට නැතිවනු ඇත. නුඹලාට සිටි ලෝකයම පිළිගත් අවසාන නායකයාද අහිමිව ඉබාගාතේ යෑමට සිද්දවනු ඇත...
ඕනේ කෙනෙකුට ඕන හීනයක් දකින්න අපෙන් කිසිම බාධාවක් නැහැලු...