
(තිලකරත්න දිසානායක)
මහා බ්‍රිතාන්‍යයේ ස්ටොක් ඔන් රෙන්ට් ( Stoke On Trent ) හි බිහිවූ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත යොවුන් සංගීත කණ්ඩායමක් වන " Cloub - 6 " ප්‍රථම මුහුරත් උළෙල පවත්වමින් , ඉන් ලද ආදායම මෙරට පසුගිය ආපදා තත්ත්වයෙන් විපතටපත් ජනතාව වෙනුවෙන් පරිත්‍යාග කිරීමට පියවර ගෙන ඇත.
එම මූල්‍ය පරිත්‍යාගය බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර මහතා වෙත බාරදුන්නේය.
මෙහිදී මහ කොමසාරිස්වරයා පරිත්‍යාගය බාර ගනිමින් ප්‍රකාශ කර ඇත්තේ තරුණ සංගීත කණ්ඩායමක් විසින් සංගීත ප්‍රසංගයකින් ලද ආදායම මව්රට වෙනුවෙන් පරිත්‍යාග කිරීමට ගත් තීරණය සුවිශේෂී මෙන්ම ආදර්ශමත් ක්‍රියාවක් බවත්ය.
පරිත්‍යාගය බාර දීමේ අවස්ථාවට සංගීත කණ්ඩායමේ කළමණාකාර චමිල් ගණේගොඩ , නායක තෙනු ගනේගොඩ , සන්හිරු ජයසුන්දර යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගි වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd