ඌව පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග වැදීමට නියමිත අපේක්ෂකයන් තෝරා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ කොළඹ මරදාන ඩාර්ලි පාර් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී අද සිට පැවැත්වේ.
අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මහතා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ සභාපතිවරයාය.
ඒ එච් එම් ෆවුසි, අනුර ප්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරු ද සරත් ඒකනායක ප්‍රධාන අමාත්‍යවරයා ද එහි සෙසු සාමාජිකයෝ ය.
හිටපු ඌව ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ද, පරීක්ෂණයට පැමිණි අතර සෙසු අපේක්ෂකයෝ ඔහු වට කර ගනිමින් සුබ පැතූහ.
අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා මහතාගේ පුත්‍රයා වන උදාර ද එහි විය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද මේ හිටගෙන හොරෙන් බලන දෙන්නා. සභාපතිතුමාටත් වඩා ඉහල අය වෙන්න ඇති. (අ)
අනේ කොහොම හරි වැඩ බැරි උනත් අැමතිලගේ දරු මුනුපුරු පරම්පරාවම මේකට පත් කරගන්න බලමු. අඩු හරියට තංගල්ලේ සභාපති වගේ එක්කෙනෙක් දෙන්නෙක් පත් කරගමු. අපිට එතකොට ඉදිරියේදී හොඳ හොඳ සෙල්ලම් බලාගන්න පුළුවන් (නදී)
අපරාදෙ කියන්න බැහැ හොදට තර වෙලා ඉන්න මහත්තුරු. අනේ අපේ දුප්පත් මිනිහගෙ වාසනාව.(නදී)
ජනතා සේවකයෝ (දී)
මොනවද දන්නේ නැහැ සම්මුක පරීක්සනයට අහන්නේ ..තමන්ගේ මඩිස්සලේ පුරවගන්න දන්නා ක්‍රම මොනවද කියල වෙන්න ඇති (දී)