IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ඌව සභාපති බුද්ධදාස : හරීන් විපක්ෂ නායක

ඌව පළාත් සභාවේ මංගල රැස්වීම අද (09)  ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේදී පැවැත්විණි.

රහස් ඡන්දයෙන් නව සභාපති වුයේ   ඡන්ද 19 ක් ලබා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඒ එම් බුද්ධදාස මහතාය. එජාප අපේක්ෂක  උපාලි සමරවීර මහතාට ඡන්ද 13 ක්  ලැබිණි.එජාපයේ හරීන් ප්‍රනාන්දු මහතා විපක්ෂ  නායකවරයාය.

සන්ධානයේ සාලිය සුමේධ මහතා ඡන්ද 19 ක් ලබා උප සභාපති විය.එජාප අපේක්ෂක ද මු ජයසිංහ බණ්ඩාර මහතාට හිමි වුයේ ඡන්ද 13කි.

ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රීවරුන් දෙදෙනා ඡන්දය දීමෙන් වැළකී සිටියහ. නව සභාපති හා උප සභාපති  මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම්  දුන්හ. සභාව 23 වැනි තෙක් කල් තැබිණි.

 

77

DSC00014

 

 



අදහස් (0)

ඌව සභාපති බුද්ධදාස : හරීන් විපක්ෂ නායක

ගුණසේකර Thursday, 09 October 2014 12:29 PM

දැන්වත් බදුල්ලට නියං සහනාධාරය (රුපියල් 2500) බෙදාදෙන්න කටයුතු කරන්න (නි)

:       0       0

ගයාන් Thursday, 09 October 2014 01:11 PM

හරීන් දිනුව කියල කෑ ගැහුවට එයා විපක්ෂ නායක විතරනේ (නදී)

:       0       0

අසංක මිලානෝ Friday, 10 October 2014 03:16 AM

ශෂී සහෝදරයට සුබපැතුම් , හරීන් සහෝදරයාටත් සුබපැතුම්. (නදී)

:       0       0

චන්ද්‍රා Thursday, 09 October 2014 02:11 PM

ජ වී පෙ, පලා බබාලට කැමති නැහැනේ. ඡන්දය නොදුන්නේ එ් නිසාය. වැටුප ගන්නත් එපා (නදී)

:       0       0

බාලා Thursday, 09 October 2014 02:40 PM

බදුලු ජනතාවට අපේ ආචාරය, මුළු රටේම ගමන් මග වෙනස් කලේ ඔබයි. සුබ අනාගතයක්. වතු කම්කරුවන්ටත් වැඩි පඩියක් දුන්නොත් හොඳයි. (නදී)

:       0       0

හෂාන් Thursday, 09 October 2014 10:27 AM

අපි ඔබගෙන් නව වෙනසක් බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

සුජීව Thursday, 09 October 2014 10:45 AM

අනේ ඉතින් අපි සැමටම මේ තුන්සරණේ සරණයි! (නි)

:       0       0

හසිත Thursday, 09 October 2014 10:48 AM

අපිට දැන් දැන් ලැබෙන සහන වලට ඔබතුමාට පින්! (නි)

:       0       0

මහින්ද කේ ගොඩගේ සී ෂෙල්ස් Friday, 10 October 2014 06:24 AM

පක්ෂ විපක්ෂ දෙකේම නායකවරු දන්නවා ඔබ දෙදෙනාටම මිනිස්සුන්ගේ ඇති මනාපය කෙතරම්ද කියලා. එනිසා දැන් තරගය ඉවරයි කියල හිතාගෙන දෙපත්තට වෙලා මඩ ගහගන්න කාලය වැය නොකර තැලෙන පෑගෙන මිනිස්සුන්ට හා රටේ දියුණුවට මොනවා හරි නොකලොත් ලැබෙන ප්‍රතිචාරත් අඩු වැඩි වේවි. සුබ අනාගතයක්. (නදී)

:       0       0

ධම්ම Thursday, 09 October 2014 11:26 AM

දැන් ඉතින් අහන්න දෙයක් නැහැ, ඌවට කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා සිකුරුයි! (නි)

:       0       0

සුනිල් Thursday, 09 October 2014 07:51 PM

සුබ පැතුම්! (නි)

:       0       0

මොහාන් Thursday, 09 October 2014 11:50 AM

නව ගමනට අපෙන් සුබ පැතුම්! (නි)

:       0       0

චතුර Thursday, 09 October 2014 12:09 PM

 සුබ පැතුම් (අ)

:       0       0

ආශා Thursday, 09 October 2014 11:15 PM

සුදුවතින් සැරසුණු පිරිසිදු මිනිස්සු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 160 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site