ඌව පළාත් සභාවේ මාසික රැස්වීම අද (21) පෙරවරුවේ පැවති අවස්ථාවේ ආණ්ඩු පක්ෂයෙත් විපක්ෂයෙත් මන්ත්‍රීවරුන් හට නියමිත අසුන් පනවා නොතිබුණ හෙයින් එක්සත් ජාතික පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ට එකටම වාඩි වී සිටිමට සිදුවිය.මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතාට සහ ජනතා විමුක්ති පෙරමුණේ සමන්ත විද්‍යාරත්න , ආර්.එම් ජයවර්ධන යන මන්ත්‍රීවරුන් දෙදෙනාට නියමිත ආසන පනවා තිබිණි.
ජනතා නිදහස් සන්ධානයේ ඌව පළාත් සභා මන්ත්‍රිවරු තමන්ගේ නම සඳහන් කර ආසන පනවා නොතිබුණ හෙයින් මන්ත්‍රීවරුන් තම තමන්ගේ ආසන සොයා බලන අයුරු දක්නට ලැබිණි.
“ජවිපෙ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා සභාපතිතුමනි මොකක්ද මේ සභාවට වෙලා තියෙන්නේ. මන්ත්‍රිවරුන්ට ආසන වෙන් කර නැහැ.”ඌව පළාත් සභාවේ සභාපති ඒ.එම්.බුද්ධදාස මහතා මන්ත්‍රිවරුන් සියලු දෙනා ඉදිරියේ දී කැඳවා සාකච්ඡා කර නියමිත පරිදි නාමපුවරු හදා අසුන් පනවන්නම් එතෙක් ඉවසාගෙන ඉන්න . ඌව පළාත් සභාවට අමාත්‍යවරුන් ද පත් කර නැත.

![IMG_20150921_101018[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/IMG_20150921_1010181.jpg)
![IMG_20150921_100040[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/IMG_20150921_1000401.jpg)
![IMG_20150921_100049[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/IMG_20150921_1000491.jpg)
![IMG_20150921_100106[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/09/IMG_20150921_1001061.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ කරන්න තනතුරු ඕනද (අ)
බැරිද මේ ක්‍රමය ලංකාවේ තියෙන සුසාන භූමි වලටත් හඳුන්වා දෙන්න. (බ)